ලුවික් රෙන්ට් කාර් සෙන්ටර් ගාල්ල.

shared form www.sidadiya.lk

3 months ago

Surprise chocolate box

✍️ Only box - Rs 600/= ✍️ Box with chocolates and your photos - Rs 3000/= ✍️ Delivery charge not includ.



januda jinajith

shared form www.sidadiya.lk

3 months ago

glass box

Glass Box for sale Vantalation Glass Standerd matirials Call more details Each 350/= 0776438124 0703160324



Online Max

shared form www.sidadiya.lk

3 months ago

Food making sets

Food making sets 😊😊550/==



Online Max

shared form www.sidadiya.lk

3 months ago

Food marking

දැන්ම ම වෙන් කර ගන්න..



ADS LK

shared form www.sidadiya.lk

2 months ago

Chocolate

New Chocolate in Now chocolate . Lk chocolate.lk



ADS LK

shared form www.sidadiya.lk

2 months ago

Chocolate

Go to chocolate.lk website new Chocolate or gift You can buy



ADS LK

shared form www.sidadiya.lk

2 months ago

Chocolate

New chocolate and gift buy one place go to chocolate.lk website



ADS LK

shared form www.sidadiya.lk

2 months ago

Chocolate

New chocolate and gift buy now one place



ADS LK

shared form www.sidadiya.lk

2 months ago

Chocolate

New chocolate and gift buy now one place



ADS LK

shared form www.sidadiya.lk

2 months ago

Chocolate

New chocolate and gift buy now one place



ADS LK

shared form www.sidadiya.lk

2 months ago

Chocolate

හොදම chocolate අඩුවට ගන්න



ADS LK

shared form www.sidadiya.lk

2 months ago

Chocolate

Best Chocolate Website Chocolate.lk Buy New Chocolate



ADS LK

shared form www.sidadiya.lk

2 months ago

Chocolate

Best Chocolate Website Chocolate.lk Buy New Chocolate



ADS LK

shared form www.sidadiya.lk

2 months ago

Computer

Best Chocolate Website Chocolate.lk Buy New Chocolate



ADS LK

shared form www.sidadiya.lk

2 months ago

Chocolate

Best Chocolate Website Chocolate.lk Buy New Chocolate



Chathura Gayan

shared form www.sidadiya.lk

2 months ago

All Seed

වසවිසෙන් තොර කාබනික ගෙවතු වගාවකට Seeds ඔබේ ගෙදරටම ▪️පළා Seeds🥦 අතු ගෝවා Seeds රතු තම්පලා Seeds කොල තම්පලා Seeds යෝඨ නිවිතිය Seeds කංකුං Seeds ▪️එලවලු Seeds🌶🍆 හරිත බන්ඩක්කා Seeds තින්නවේලි වම්බටු Seeds තිබ්බටු Seeds එලබටු Seeds වට්ටක්කා Seeds වැටකොළු Seeds ගල්කිරියාගම මිරිස් Seeds මෙම සියලුම Seeds Register Post මගින් දින 3න් ඔබේ අතට. තැපැල් ගාස්තු සමග පැකට්ටුවක මිල 300/= ඇනවුම් කිරීමට අංකයට Whtsapp Message එකක් එවන්න .



ADS LK

shared form www.sidadiya.lk

2 months ago

Chocolate

New Chocolate buy Low price go to chocolate.lk website 💓💓



ADS LK

shared form www.sidadiya.lk

2 months ago

Chocolate

New Chocolate buy Low price go to chocolate.lk website 💓💓



Chathura Gayan

shared form www.sidadiya.lk

2 months ago

Prime Taste Cashew

නැවුම් බවේ රසයත් සමග ඔබ වෙත ගෙන එන ප්‍රයිම් ටේස්ට් කජු. තෝරා ගැනීමට වර්ග රැසක් ඇත. හොඳම නිෂ්පාදන සාධාරණ මිලට. ඇනවුම් කිරීම සඳහා දැන්ම අමතන්න 0773626920. Prime Taste Cashew brings you a taste of freshness. There are many varieties to choose from. Best products at reasonable prices. Call 0773626920 to order now.Oven 1kg - Rs 2200 800g - Rs 2000 500g - Rs 1150 250g - Rs 600 Roasted 1kg - Rs 2800 800g - Rs 2400 500g - Rs 1450 250g - Rs 750 Salted 1kg - Rs 2800 800g - Rs 2400 500g - Rs 1450 250g - Rs 750



Chathura Gayan

shared form www.sidadiya.lk

2 months ago

එළවළු බීජ / විසිතුරු මල්

🌾🌱🥕🌽🌶️🍄🥦🍆 එළවළු බීජ වර්ග 20 කටත් වැඩියෙන් , නිවසටම ගෙන්වා ගැනීමට ඔබට දැන් පුලුවන් ... පැකට් එකක් 85/=🌱🌱0🍆🥕🥦🍄🌽🍅🌱🌿🌹💐 Green Life 🌿ඉන්න හිතෙන තැනක් 🌿😀😍ඔබගේ කාර්යාලයේ, නිවසේ, ව්‍යාපාරික ස්තානයේ table එක හැඩ කරන්න🌿💐 අවශ්‍යතාවය මත සතිපතා පරණ පැලය ලබාගෙන ,අලුත් පැලයක් සැපයීමටද හැකිය 😍🌻🌺🌿💐



Shashika Anuradha

shared form www.sidadiya.lk

1 month ago

ශරීරය වර්ධනයට Mass Amino

Mass Amino (Gold sticker) කෑම රැචිය අැති කරන, ශරීරය වර්ධනය කරන විසදුම. ගෙන්වා ගැනීමට නම, ලිපිනය, දුරකතන අංකය Inbox කරන්න. නැත්නම් අප අමතන්න 0706660091



Shashika Anuradha

shared form www.sidadiya.lk

1 month ago

Weight Gain

Weight Gain කෑම රැචිය අැති කරන, ශරීරය වර්ධනය කරන විසදුම. ගෙන්වා ගැනීමට නම, ලිපිනය, දුරකතන අංකය Inbox කරන්න. නැත්නම් අප අමතන්න 0778420060/0764820060



ලුවික් රෙන්ට් කාර් සෙන්ටර් ගාල්ල.

shared form www.sidadiya.lk

1 month ago

January Lunch and Dinner

✍️ Nasi Lemak Packs Rs.350/- ✍️ Nasi Lemak Veg Rs.280/- ✍️ Nasi Lemak Pandan Rs.375/- ✍️ Nasi Lemak Pandan Veg 300/- (Pure Pandan blended Juice/ No Artificial Colours) 👉 From Kiribathgoda. (You Can Order Minimum 2Packs, Delivery Available on Selected Area) ✍️ Available on 19/01/2020 ✍️ Coconut Milk Rice, Traditional Malaysian Dish with Many Nutrition and Healthy. ✍️ Try it once from Ceylon Hot Kitchen Includes - ☑️ Nasi Lemak ☑️ Boiled egg or Egg Bullseye ☑️ Fried Chicken Drumstick ☑️ Chillie Sauce ☑️ Cucumber Slice ☑️ Fried Peanut and Sprats



Inosha Panandeniya

shared form www.sidadiya.lk

1 month ago

කොස් ඇට පිටිකල කිරි

Jack Seed milk (කොස් ඇට පිටි කිරි) කොස් ඇට පිටි කිරි නිෂ්පාදනය කර ඇත්තේ කොස් ගසේ කොස් ඇට වලිනි.කොස් ඇට පෝෂණ ගුණයෙන් ඉහල ආහාරයක් වන අතර සිරුරේ ඌෂ්ණය අඩු කරවන ගුණයක් ද කොස් ඇට සතුව තිබේ. කොස් ඇට ප්‍රෝටීන බහුල ආහාරයක් වන අතර සමෙහි තෙතමනය ආරක්ෂා වීමට උදව් වේ. හිසකෙස් වල ශක්තිය වැඩි කිරීමට හීමොග්ලොබින් නිෂ්පාදන ක්‍රියාවලිය හොඳින් සිදු කිරීමටද කොස් ඇට වලට හැකියාවක් ඇත. කොස් ඇට මුත්‍රා රෝග සදහා මෙන්ම කිරි දෙන මව්වරුන්ට ඉතාමත් ගුණදායකය. දියවැඩියාව පාලනය කිරීමටද කොස් ඇට වලට හැකියාවක් ඇත. මෙම නිෂ්පාදනය කොස් ඇට වලින් සකසා ඇත.එදිනෙදා භාවිතා කරන පොල්කිරි වෙනුවට මෙම කොස් ඇට පිටි කිරි භාවිත කල හැක. පොල් කිරි දමා සාදන ලද ඕනෑම ව්‍යංජනයක් වෙනුවට මෙහි අඩංගු ද්‍රව්‍ය වතුර කෝප්පයකට මේස හැන්දක් දමා මිශ්‍ර කර පිස ගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

කෑම වට්ටෝරු

ෆෘට් පුඩින් අවශ්‍ය ද්‍රව්‍ය කිරි කෝප්ප 3 ජෙලටින් තේ හැඳි 4 විපින් ක්‍රීම් කෝප්ප 1 වැනිලා තේ හැන්දක් පමණ ස්ට්‍රෝබෙරි කැබලි, අන්නාසි කැබලි, බ්ලූබෙරි, ප්ලම්ස්, ඇපල්, මිදි මුලින්ම ජෙලටින් ටික ඩබල් බොයිල් කරගන්න. කිරි ටිකට වැනිලා එකතු කරලා ඒකට බීට් කරගත් විපින් ක්‍රීම් එකතු කරගන්න. දැන් මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාගන්න. හොඳට සෙට් උනාම උඩින් පලතුරු කෑලි ටික දාලා ලස්සනට සරසගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

කෑම වට්ටෝරු

කැරමල් පුඩින් අවශ්‍ය ද්‍රව්‍ය කිරි කෝප්ප 2 1/4 බිත්තර 4 සීනි මේසහැඳි 6 සුවඳ කුඩු ටිකක් වැනිලා තේ හැන්දක් කැරමල් එක සඳහා සීනි මේස හැඳි 5ක් මුලින්ම භාජනයක් ලිප තියලා සීනි මේසභැඳි 5ක් දාලා කැරමල් එක හදාගන්න. ඒ කැරමල් ටික පුඩින් හදන භාජනේ අඩියට දාගන්න. ඊට පස්සෙ භාජනයකට කිරි ටික දාලා, බිත්තර, සුවඳ කුඩු හා සීනි කලවම් කරලා විස්ක් කරගන්න. නැත්තන් බ්ලෙන්ඩ් කරගන්න මේක කැරමල් දාපු භාජනයට දාලා විනාඩි 40ක් විතර ස්ටීම් කරගන්න. නැත්තන් අංශක 180°ට රත්කළ අවන් එකේ විනාඩි 30ක් බේක් කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

කෑම වට්ටෝරු

ජෙලි පුඩින් අවශ්‍ය ද්‍රව්‍ය පාට තුනකින් ජෙලි පැකට් මිල්ක්මේඩ් 390 ml ජෙලටින් තේ හැඳි 6 සීනි රස අනුව ජෙලි පැකට් 3 වෙන වෙනම හදාගන්න. හැබැයි වෙනදා හදනකොට දාන වතුර ප්‍රමාණෙට වඩා කෝප්පයක් අඩුවෙන් හදාගන්න. ඒ කියන්නෙ පැකට් එකකට වතුර කෝප්ප 2ක් වගේ. ඒ වගේ ඝනට හදාගත්තු ජෙලි ෆ්‍රිජ් එකේ දාන්න. දැන් බෝල් එකක් අරගෙන ඒකට මිල්ක්මේඩ් එක කඩලා දාගන්න. ඒකෙන්ම වතුර කෝප්පයක් අරන් ඒකත් කලවම් කරන්න. ජෙලටින් ටික ඩබල් බොයිල් කරලා කැටි නොගැහෙන්න කලවම් කරලා මේ කිරි එකට එකතු කරන්න. ඊටපස්සෙ ඔක්කොම කලවම් කරන්න. දැන් ෆ්‍රිජ් එකේ දාපු ජෙලි ට්‍රේස් එලියට අරන් කොටුවට ජෙලි කෑලි කපාගන්න. බටර් ගාගත් භාජනයකට ජෙලි කෑලි ලස්සනට අතුරලා ඊට උඩින් අර කිරි එක වක්කරලා ෆ්‍රිජ් එකට දාන්න සෙට් වෙන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

කෑම වට්ටෝරු

මාරි බිස්කට් පුඩින් අවශ්‍ය ද්‍රව්‍ය මාරි බිස්කට් 200g පැකට් එකක් කිරි ටිකක් බටර් 50g අයිසින් ෂුගර් 200g චොක්ලට් පව්ඩර් මේස හැදි 2 ක් පමණ මුලින්ම බෝල් එකක් ගන්න. බිස්කට් එකින් එක අරන් කිරි වල පොඟවලා බෝල් එකේ ඇතුළතින් එක ලේයර් එකක් අතුරගන්න. ඊට පස්සෙ බටර්, අයිසින් ෂුගර්, චොක්ලට් පවුඩර් එකතු කරලා චොක්ලට් බටර් අයිසින් එක හදාගන්න. ඉන්පසු අර බිස්කට් ලේයර් එකට උඩින් අයිසින් ලේයර් එකක් අතුරගන්න. ඊට පස්සෙ ආයෙ කිරි වල පොඟවපු බිස්කට් ලේයර් එකක් දාගන්න. ආයෙත් අයිසින් ලේයර් එකක් දාගන්න. ඒ වගෙ බෝල් එක පිරෙන්නම ලේයර්ස් දාගන්න. අන්තිමට චොක්ලට් අයිසින් ගාගෙන ලන්ච් ශීට් එකකින් වහලා ෆ්‍රිජ් එකට දාගන්න. කූල් උනාට පස්සෙ එළියට අරන් ලා රස්නෙ වතුර භාජනේක ටිකක් වෙලා දාගෙන ඉඳලා අනික් පැත්ත හරවන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

කෑම වට්ටෝරු

චොක්ලට් පුඩින් අවශ්‍ය ද්‍රව්‍ය කිරි කෝප්ප 3 ජෙලටින් තේ හැඳි 5 බිත්තර 3 චොක්ලට් පව්ඩර් මේස හැඳි 2 සීනි වැනිලා තේ හැඳි 2 මුලින්ම බිත්තර කහමද වලට සීනි එකතු කර ටිකක් බීට් කරගන්න. ඒකට කිරි ටික දාලා ලිපේ තියන්න. ඒක උතුරනකොට චොක්ලට් පව්ඩර් දාලා කලවම් කරන්න. ඉන්පසු ලිපෙන් බාගන්න. ජෙලටින් ටික ඩබල් බොයිල් කරගන්න. කැටි නොගැහෙන්න හොඳට හැඳිගාන්න. මේකට වැනිලා ටිකකුත් එකතු කරන්න. බිත්තර සුදු මද ටික හිම වගේ ඝන වෙනකල් බීට් කරගන්න. සියල්ලම කිරි මිශ්‍රණයට කලවම් කරන්න. මේක ෆ්‍රිජ් එකේ දාලා උඩින් චොක්ලට් ග්‍රේට් කරලා ඩ්‍රෙස් කරගන්න.



Nimsara Pathirana

shared form www.sidadiya.lk

4 weeks ago

රස කැවිලි

එලෙඹන උත්සව සමයේ ප්‍රණීත රසයෙන් යුත් රස කැවිලි.. මිල ගනන් සාකච්ඡා කර ගත හැක.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

පලතුරු වලින් අයිස්ක්‍රීම් හදමු ද?

පැනි කොමඩු අයිස්ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය ඇට ඉවත් කරලා කෑලි කරගත් කොමඩු කෝප්ප 2 සීනි මේස හැඳි 4 විප් ක්‍රීම් කෝප්ප 1 කොමඩු කෑලි වලට සීනි දාලා මිනිත්තු 2ක් බ්ලෙන්ඩ් කරගන්න. ස්පීඩ් කන්ට්‍රෝල් තියෙන බ්ලෙන්ඩර් එකක නම් හයිස්පීඩ් දාගන්න. දැන් ඒක පෙරාගන්න. දැන් මේ ජූස් එක ආයිත් බ්ලෙන්ඩර් එකට දාගෙන විප් ක්‍රීම් එක්ක ආයෙත් විනාඩි 2ක් හයිස්පීඩ් බ්ලෙන්ඩ් කරගන්න. එයා ටයිට් කන්ටේනර් එකක් අරන් කොමඩු මික්ස්චර් එක දාලා පැය12ක් ෆ්‍රීසර් එකේ තියන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

පලතුරු වලින් අයිස්ක්‍රීම් හදමු ද?

ස්ට්‍රා්බෙරි අයිස්ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 200 විප් ක්‍රීම් හෝ හෙවි ක්‍රීම් කෝප්ප 2 මිල්ක්මේඩ් කෝප්ප 1 ස්ට්‍රෝබෙරි එසන්ස් තේ හැඳි 1 රෙඩ් කලරින් බින්දු දෙක තුනක් (අවශ්‍ය නම්) ස්ට්‍රෝබෙරි ටික බ්ලෙන්ඩ් කරගන්න. බෝල් එකක් හා බීටර් විස්ක් දෙක ෆ්‍රිජ් එකේ විනාඩි 30ක් තියලා එළියට ගන්න. දැන් විප් ක්‍රීම් ටික බෝල් එකට දාල බීට් කරගන්න. හැන්දෙන් ගත්තම උඩට හිටින ලෙවල් එකට බීට් කළා නම් ඇති. දැන් මේකට මිල්ක්මේඩ් ටික එකතු කරගන්න. ආයෙම හොඳට බීට් කරගන්න. දැන් මේ මිශ්‍රණයට බ්ලෙන්ඩ් කරගත් ස්ට්‍රෝබෙරි ටික එකතු කරන්න. හැන්දකින් හොඳට කලවම් කරගන්න. ස්ට්‍රෝබෙරි එසන්ස් එකතු කරගන්න. කලරින් ඩ්‍රොප්ස් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. භාජනයකට දාලා හොඳින් තද වෙන්න වහල පැය 6ක් විතර ෆ්‍රීස් කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

පලතුරු වලින් අයිස්ක්‍රීම් හදමු ද?

මැන්ගෝ අයිස්ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය හොඳට ඉදුණු අඹ ගෙඩි 3ක් විප්ක්‍රීම් 500ml මිල්ක්මේඩ් පොඩි ටින් 1 කහපාට කලරින් ටිකක් (අවශ්‍ය නම්) වැනිලා ටිකක් විප්ක්‍රීම් ටික ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් කූල් පිටින්ම ඝණ වෙනකල් බීට් කරගන්න. මේකට මිල්ක්මේඩ් එක එකතු කරගන්න. අඹ ටික කෑලි කරලා බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ මැන්ගෝ පල්ප් එක විප්ක්‍රීම් මිශ්‍රණයට දාලා ඒකට වැනිලා ටිකක් එකතු කරගන්න. මේකට කහපාට කලරින් ටිකකුත් එකතු කරලා හොඳට බීට් කරගන්න. කැමති නම් අඹ කෑලි ටිකක් වෙනම මේකට එකතු කරලා කලවම් කරගන්න. දැන් මේක බෝල් එකකට දාලා ෆ්‍රීසර් දාන්න. පැයකින් වගේ එළියට අරන් ආපහු ටිකක් බීට් කරලා ෆ්‍රීසර් එකට දාන්න. ඒ වගේ දෙතුන් පාරක් බීට් කරලා කෑමට ගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

පලතුරු වලින් අයිස්ක්‍රීම් හදමු ද?

අලිගැටපේර අයිස්ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය හොඳට ඉදුණු අලිගැටපේර ගෙඩි 1 මිල්ක්මේඩ් ටින් 1 ලෙමන් ජූස් මේස හැඳි 2 ලුණු ටිකක් හෙවි ක්‍රීම් හෝ විප් ක්‍රීම් කෝප්ප 2 අලිගැටපේර මදය සූරල බ්ලෙන්ඩර් එකට දාලා ඒකට ලෙමන් ජූස්, ලුණු හා මිල්ක්මේඩ් ටික දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. විනාඩි 30ක් විතර ෆ්‍රිජ් එකේ දාගත්තු බෝල් එකක් හා විස්ක් දෙක අරගෙන විප්ක්‍රීම් ටික හොඳට බීට් කරගන්න. ඝනකම් වෙනකල් බීට් උනාම ඒකට බ්ලෙන්ඩ් කරගත් අලිගැටපේර ටික එකතු කරගන්න. දැන් තවත් හොඳට බීට් කරගන්න. ෆ්‍රීසර් එකේ පැය 12ක් වගේ තියලා කෑමට ගන්න පුළුවන්.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

පලතුරු වලින් අයිස්ක්‍රීම් හදමු ද?

බනානා අයිස්ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය මිල්ක්මේඩ් පොඩි ටින් 1 සීනි කෝප්ප 1/4 ජෙලටින් තේ හැඳි 1 බනානා එසන්ස් ටිකක් හොඳින් බ්ලෙන්ඩ් කරගත් කෙසෙල්ගෙඩි 8-10 මුලින්ම මිල්ක්මේඩ් එක කඩලා භාජනයකට දාලා ඒ ටින් ඒකේ ප්‍රමාණයටම වතුර දාලා කලවම් කරගන්න. ජෙලටින් වලට වතුර මේස හැඳි 3ක් එකතු කරලා කලවම් කරලා විනාඩි 10ක් විතර තියල ඒකත් මිල්ක්මේඩ් මිශ්‍රණයට දාගන්න. දැන් මේක බීට් කරන ගමන් කෙසෙල් පල්ප් ටික, සීනි ටික හා බනානා එසන්ස් එකතු කරලා හොඳට බීට් කරගන්න. මේ මිශ්‍රණය ෆ්‍රීසර් එකේ පැයක් තියලා එළියට අරන් ආයේ බීට් කරන්න. ආයෙ ෆ්‍රීසර් එකේ පැයක් තියලා එළියට අරන් බීට් කරන්න. මේ විදියට 3-4 වතාවක් බීට් කරගෙන කෑමට ගන්න පුළුවන්.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

පලතුරු වලින් අයිස්ක්‍රීම් හදමු ද?

දූරියන් අයිස්ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය දූරියන් මදුළු 8-10 මිල්ක්මේඩ් ටින් එකක් විප් ක්‍රීම් කෝප්ප 1/2 දූරියන් වල ඇට අයින් කරගෙන මදුළු ටික බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සෙ ෆ්‍රීසර් එකේ තියාගන්න. බෝල් එකකුයි විස්ක් දෙකයි ෆ්‍රිජ් එකේ විනාඩි 30ක් විතර තියලා අරන් ඒ බෝල් එකට විප්ක්‍රීම් දාලා හොඳට ඝනකම් වෙනකල් බීට් කරන්න. ඒකට මිල්ක්මේඩ් එකත් දාලා ආයෙ බීට් කරගන්න. දැන් මේ මිශ්‍රණය ෆ්‍රීසර් එකේ පැය බාගයක් විතර තියල ගන්න. දැන් ෆ්‍රීසර් කරපු දූරියන් පල්ප් එකත් එළියට අරන් විප් ක්‍රීම් මිශ්‍රණයට දූරියන් මිශ්‍රණය දාලා පත්තකින් හොඳට කලවම් කරගන්න. දැන් ආයෙත් ෆ්‍රීසර් දාලා පැය 12කින් වගේ කෑමට ගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

පලතුරු වලින් අයිස්ක්‍රීම් හදමු ද?

කිවි අයිස්ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය විප් ක්‍රීම් කෝප්ප 1 1/2 මිල්ක්මේඩ් පොඩි ටින් කෑලි කපාගත් කිවි ගෙඩි 3 කොළපාට කලරින් අවශ්‍ය නම් කලින් රෙසිපි වල කිව්වා වගේ විප් ක්‍රීම් බීට් කරන්න කලින් බෝල් එකයි විස්ක් දෙකයි ෆ්‍රිජ් එකේ තියලා ගන්න. දැන් විප්ක්‍රීම් ටික කූල් කරගත්ත බෝල් එකට දාල හොඳට ඝනකම් වෙනකල් බීට් කරන්න. ඒකට මිල්ක්මේඩ් ටික එකතු කරන්න. ආයෙත් හොඳට බීට් කරගන්න. දැන් කිවි වලින් භාගයක් බ්ලෙන්ඩ් කරගෙන ඒ පල්ප් එක විප්ක්‍රීම් මිශ්‍රණයට එකතු කරන්න. හොඳට බීට් කරන්න. මේකට කලරින් බින්දු කිහිපයක් එකතු කරන්න. බීට් කරලා ඉවර වෙලා ඉතුරු කරගත් කිවි කෑලි ටික දාලා පත්තකින් කලවම් කරලා පැය12ක් ෆ්‍රීසර් දාගෙන කෑමට ගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

කෑම වට්ටෝරු

අවශ්‍ය ද්‍රව්‍ය පාන් පුඩින් වාටි ඉවත් කළ පාන් පෙති ටිකක් කිරි කෝප්ප 4 බිත්තර 4 සීනි වැනිලා ඩ්‍රෙසින් එකට කජු හා ප්ලම්ස් මුලින්ම සීනි, බිත්තර සහ කිරි බීට් කරගන්න. ඒකට සාමාන්‍ය සයිස් කෑලි කඩාගත් පාන් එකතු කරන්න. ඒකට වැනිලා එක්කරගන්න. කිරි එකතු කළාම පාන් වලට උඩින් කිරි එන්න ඕනේ. ඒක තමා හරි විදිය. දැන් කජු හා ප්ලම්ස් උඩින් දාලා අංශක 180°ට විනාඩි 20ක් විතර බේක් කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

කෑම වට්ටෝරු

බනානා පුඩින් අවශ්‍ය ද්‍රව්‍ය ඇම්බුන් වගේ කෙසෙල් ගෙඩි ටිකක් සීනි මේස හැඳි 4ක් දෙහි යුෂ ස්වල්පයක් බනානා එසන්ස් ජෙලටින් තේ හැඳි 3ක් කහපාට කලරින් විපින් ක්‍රීම් මුලින්ම ඇම්බුන් ගෙඩි ටික පෙති කපලා සීනි හා දෙහි යුෂ දාලා රත්කරලා ටිකක් ස්ටූ කරගන්න. ජෙලටින් තේ හැඳි 2ක් ඩබල් බොයිල් කරලා වතුර කෝප්ප බාගෙකට දාලා ඒකට බනානා එසන්ස් හා කහපාට කලරින් දාලා ජෙලි එකක් ගෙදරම හදාගන්න. දැන් මේකට ස්ටූ කරගත්තු කෙසෙල් ටික දාගෙන ෆ්‍රිජ් එකේ දාන්න. සෙට් උනාම එළියට අරන් විපින් ක්‍රීම් බීට් කර නොසල් එකකින් ඩ්‍රෙස් කරගන්න.



ලුවික් රෙන්ට් කාර් සෙන්ටර් ගාල්ල.

shared form www.sidadiya.lk

4 weeks ago

රසවත් කැම ඇනවුම්

රියානි , කොත්තු , නූඩ්ල්ස් , ෆ්‍රයිඩ් රයිස් , නාසි ලිමක්, දුන්තෙල් බත් , කහබත්, පැස්ටා, උදේ ආහාර , බයිට් වර්ග... දුන්තෙල් බත් 16 දෙනෙකු සදහා රු.6000/- 12 දෙනෙකු සදහා රු.5000/- 10 දෙනෙකු සදහා රු.4500/- 8 දෙනෙකු සදහා රු.4000/- 1. දුන්තෙල් බත් 2. චිකන් කරි 3. අල කරියක් හෝ ග්‍රීන් පීස් 4. උම්බලකඩ සම්බෝල 7. පිපිඤ්ඤා සලාදයක් මුදවපු කිරි සමග 8. කොච්චි කට්ලට් එක්කෙනෙක් සදහා 2 බැගින් 9. බිත්තර තම්බලා 10.වම්බටු මෝජු හෝ සීනි සම්බෝල බිරියානි බත් 16කට 5000/- 12කට 4000/- 10කට 3600/- 8 කට 3200/- 1.බිරියානි බත් 2.චිකන් කෑලි බැදලා 3.තම්බපු බිත්තර බැදලා 4.ග්‍රීන් පීස් හෝ අල උයලා 5.පිපිඤ්ඤා සලාදය හෝ මිංචි සම්බෝලය 6.උම්බලකඩ ළූනු බැදුම 7.මැලේ අච්චාරු 8. චිකන් හොදි (කෑලි හැර) බජ්ට් බිරියානි 16කට 4000/- 12කට 3000/- 10කට 2600/- 8කට 2200/- 1.බිරියානි බත් 2. චිකන් කෑලි බැදලා 3. බිත්තර තම්බලා බැදලා 4. කෑලි හැර චිකන් හොදි 5. මිංචි සම්බෝල බිරියානි පෙට්ටි අවම 10ක ඇනවුම් පමණී 260/- බිරියානි බත් චිකන් , බිත්තර , මිංචි සම්බෝල , ළූනු බැදුම , හොදි කප් එක. ශෝට් ඉට්ස් වර්ග ඇනවුම් භාර ගනු ලැබේ Ez pack කල් තබා ගත් හැකි ආහාර කප් 5 ම 1000/-



Rasoma Rathnamali

shared form www.sidadiya.lk

4 weeks ago

For knowledge

Dite plan for babies



kaushalya De Silva

shared form www.sidadiya.lk

4 weeks ago

Rich Wedding Cake

Quality & Rich Wedding Cake Pieces with Real Cherries and Pasted with Cashew Nut and Almond Icing With Normal Wrapping.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

කටට රසට වඩේ කමුද?

උළුඳු වඩේ අවශ්‍ය ද්‍රව්‍ය උඳු පිටි ග්‍රෑම් 250 පාන් පිටි ග්‍රෑම් 50 හාල්පිටි ග්‍රෑම් 50 පොල් වතුර කෝප්ප 1 යීස්ට් තේ හැඳි 1/4 හීනියට කපාගත් ළූණු, කරපිංචා, අමුමිරිස් ලුණු ටිකක් කෑලි මිරිස් උඳු පිටි, හාල්පිටි හා පාන් පිටි ටික යීස්ට් එක්ක කලවම් කරලා පොල් වතුර ටික ටික දාගෙන අනාගන්න. වතුර ගාණකට දාගන්න අමතක කරන්න එපා. අපිට ඕන දියාරු මිශ්‍රණයක් නෙවෙයි අතින් හැඩය හදාගන්න පුළුවන් තරමේ මිශ්‍රණයක්. දැන් මේ අනාගත් මිශ්‍රණය පැය 5ක් 6ක් වගේ පිපෙන්න තියන්න. පිපුණට පස්සෙ මේකට ලියාගත් ළූණු, කෑලි මිරිස්, අමුමිරිස්, කරපිංචා දාගෙන හොඳට කලවම් කරගෙන රස අනුව ලුණු දාගන්න. දැන් අතේ වතුර ටිකක් ගාගෙන මිශ්‍රණයෙන් ටික ටික අරන් පැතලි කරලා අතින් මැද හිලක් හදලා ගැඹුරු තෙලේ අඩු ගින්දරේ බැදගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

කටට රසට වඩේ කමුද?

පරිප්පු වඩේ අවශ්‍ය ද්‍රව්‍ය කඩල පරිප්පු කෝප්ප 1 අමුමිරිස් හෝ කොච්චි ටිකක් ළූණු කරපිංචා වේළුනු මිරිස් කරල් ටිකක් පරිප්පු ටික හෝදලා පැය 6ක් විතර පෙඟෙන්න තියන්න. පැය 6කට පස්සෙ වතුර බේරෙන්න තියලා පරිප්පු වලින් මිටක් වගේ අයින් කරලා ඉතුරු ටික අඹරගන්න. මේකට ලියාගත් ළූණු, කුඩාවට කඩාගත් වියලි මිරිස්, කොච්චි, කරපිංචා හීනියට ලියල එකතු කරන්න. අයින් කරගත් පරිප්පු ටිකත් දාලා රස අනුව ලුණු එකතු කරල අනාගන්න. මිශ්‍රණයෙන් පොඩි පොඩි බෝල හදන් පැතලි කරලා ගැඹුරු තෙලේ යන්තම් රන්වන් පාට වනතුරු බැදගෙන තෙලෙන් ඉවත් කරගන්න. විනාඩි 15ක් විතර නිවෙන්න ඇරල නැවත හොඳින් රත් වූ තෙලේ අඩු ගින්දරේ බැදගන්න. මේ විදියට දෙපාරක් බැද්දම පරිප්පු වඩේ පෙඟෙන්නෙ නැතුව ක්‍රිස්පි ගතියට ගන්න පුළුවන්.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

කටට රසට වඩේ කමුද?

ගෝල්ෆේස් වඩේ මුලින්ම සෝස් එක හදාගමු අවශ්‍ය ද්‍රව්‍ය තලාගත් ඉඟුරු, සුදුළූණු ටිකක් එනසාල් මිරිස්කුඩු තුනපහ කුඩු කහ කුඩු චිකන් ස්ටොක් තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට ඉඟුරු, සුදුළූණු, එනසාල් ටිකක් තලලා දාගන්න. සුදුළූණු රන්වන් පාටට බැදීගෙන එනකොට මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු දාගන්න. දැන් මේකට චිකන් ස්ටොක් එක දාලා හොඳට කලවම් කරල උකු ගතියක් එනකම් අඩු ගින්දරේ හැඳිගාන්න. වඩේ එක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය කැරට්, ගෝවා, කරපිංචා, ළූණු ඉස්සො 10-12 පාන්පිටි කෝප්ප 1 පොල් කෝප්ප 1/2 ලුණු රස අනුව කහපාට කලරින් ටිකක් දෙහි බෑයක යුෂ කැරට්, ගෝවා, ළූණු කරපිංචා හීනියට ලියා ගන්න. ඉස්සො ටික සුද්ද කරලා තියාගන්න. දැන් පාන් පිටි කෝප්ප එකට පොල් කෝප්ප භාගය දාලා ලුණු රස අනුව දාලා වතුර යන්තම් දාල රොටී පදමට අනාගන්න. කැමති නම් කලරින් බිංදුවක් එකතු කරන්න. වෙනම පාන්පිටි පොඩ්ඩකින් පාප්ප වගේ පොඩ්ඩක් හදාගන්න. ඉස්සාව අලවගන්න මේක ඕනෙ. පාන්පිටි මිශ්‍රණය අරන් බෝල කරලා පැතලි කරලා පාප්ප ටිකක් ගාලා ඉස්සව තියලා අලවගන්න. මේ වගේ ඔක්කොම වඩේ ටික හදාගෙනම ගැඹුරු තෙලේ බැදගන්න. ඊට පස්සෙ අර හදාගත්තු සෝස් එක අරන් වඩේ උඩින් ගාලා ලියාගත් ළූණු කැරට් ටික දාලා කැමති නම් දෙහි යුෂ ටිකකුත් උඩින් දාගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

කටට රසට වඩේ කමුද?

කඩල වඩේ අවශ්‍ය ද්‍රව්‍ය රැයක් පෙඟෙන්න දාගත් කඩල කෝප්ප 1 ලියාගත් රතු ළූණු වියලි මිරිස් කරල් ටිකක් ලියාගත් කරපිංචා කෑලිමිරිස් මේස හැන්දක් ලුණු කඩල ටික හෝදලා වතුර පෙරලා අරන් ග්‍රයින්ඩ් කරගන්න. හොඳට කෑලි නොහිටින්න ග්‍රයින්ඩ් කරගන්න. දැන් මේකට ලියාගත් කරපිංචා, ළූණු දාලා කෑලි මිරිස් ටික දාලා වියලි මිරිස් කරල් කෑලි කඩලා දාගන්න. ලුණු රස අනුව දාලා හොඳට කලවම් කරලා පොඩි බෝල හදල පැතලි කරගන්න. දැන් මේක රන්වන් පාට වෙනකල් ගැඹුරු තෙලේ අඩු ගින්දරේ බැදගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

4 weeks ago

කටට රසට වඩේ කමුද?

උම්බලකඩ වඩේ අවශ්‍ය ද්‍රව්‍ය පැය 2ක් වගේ පොඟවාගත් රතු පරිප්පු ග්‍රෑම් 250 රතුළූණු ගෙඩි 12ක් පමණ අමුමිරිස් කරල් කිහිපයක් උම්බලකඩ කුඩු මේස හැඳි 5 කරපිංචා කෑලිමිරිස් ටිකක් ලුණු පොල්තෙල් පරිප්පු ටික ග්‍රයින්ඩ් කරගන්න. ටිකක් කෑලි ගතිය හිටින්න බ්ලෙන්ඩ් කරගත්තත් කමක් නෑ. දැන් රතුළූණු, කරපිංචා, අමුමිරිස් හීනියට ලියාගන්න. දැන් මේ ටික බ්ලෙන්ඩ් කරගත් පරිප්පු ටිකට එකතු කරන්න. කෑලි මිරිස් ටිකත් දාගන්න. රස අනුව ලුණු දාගන්න. උම්බලකඩ ටිකත් එකතු කරගන්න. දැන් මේ ඔක්කොම හොඳට කලවම් කරගන්න. උම්බලකඩ වඩේ එක ටිකක් බිත්තර ශේප් නිසා අතින් ඒ හැඩයේ පොඩි බෝල හදාගෙන ගැඹුරු තෙලේ අඩු ගින්දරේ පරිප්පු වඩේ වගේම බාගෙට බැදල තියල නැවත බැදගන්න.



hasini ranasinghe

shared form www.sidadiya.lk

3 weeks ago

Green Gifts

In store now Please contact us for more details whats app 0781012423 Code - MC001



navanjana wishwa

shared form www.sidadiya.lk

3 weeks ago

HOW TO MAKE CHICKEN CURRY

INGREDIENTS 4 chicken thighs ½ an onion, sliced 2 garlic cloves, chopped 2 green chillies, sliced 1 Knorr Chicken Cube 1 cinnamon stick 2 tablespoons coconut oil 2-3 cardamom seeds 2 cloves 2 tablespoons tamarind juice 2 tablespoons roasted curry powder ½ teaspoon turmeric 1 tablespoon chilli powder 2 cups coconut milk Curry leaves & Rampe Salt to taste METHOD Heat coconut oil in a saucepan and add garlic, onion, green chilli, cardamom, cloves, cinnamon stick, rampe and curry leaves. Sauté for a few minutes. Add chicken thighs, Knorr Chicken Cube, turmeric, roasted curry powder, chilli powder, tamarind juice and coconut milk into the saucepan. Cook till the chicken is done and the gravy is thick. Correct seasoning and pour curry into a serving bowl. Garnish with tomato wedges or thinly sliced green chillies on top (optional) and serve hot. Looking for quick recipes that combine classic chicken recipes with the traditional flavours of Sri Lankan foods? This recipe would make even your mother proud. CHEF’S TIP: You can marinate the chicken for about 20 to 30 minutes in advance to enhance its flavour. Just mix the chicken in a bowl with Knorr Chicken Cube, turmeric powder, chilli powder and 1 tablespoon of oil.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

රසම රස කප් කේක් එකක් හදමු ද?

කොමා කප් කේක් අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර 2 වැනිලා තේ හැඳි කිරි කෝප්ප 1 පාන්පිටි කෝප්ප 1 1/2 බේකින් පව්ඩර් තේ හැඳි 1 ලුණු තේ හැඳි 1/2 කොකෝ පව්ඩර් මේස හැඳි 1 ක්​ෂණික කෝපි කුඩු මේස හැඳි 1 1/2 (නෙස්කැෆේ) සීනි මේස හැඳි 3 සීනි වෙනම කෝප්ප 1 බටර් කෝප්ප 1 සවර් ක්‍රීම් (Sour cream) මේස හැඳි 4 චොක්ලට් චිප්ස් කෝප්ප 1/4 පාන්පිටි වලට බේකින් පව්ඩර්, කොකෝ පව්ඩර් හා ලුණු එකතු කරලා 3 පාරක් හලාගෙන වහල තියාගන්න. කිරි වලට කෝපි කුඩු එකතු කරලා කලවම් කරගන්න. බටර් හා සීනි කෝප්ප 1 හොඳට බීට් කරගන්න. වැනිලා එකතු කරන්න. මේකට බිත්තර කහමද දෙක විතරක් එකතු කරලා හොඳට බීට් කරගන්න. දැන් sour cream එකතු කරගන්න. දැන් බීට් කරන ගමන් කෝපි එකතු කරගත් කිරි ටික ටික දාලා බීට් කරන්න. දැන් මේකට හලාගත් පිටි ටික එකතු කරලා පත්තකින් කලවම් කරන්න. මේ කේක් බැටර් එකට චොක්ලට් චිප්ස් ටිකත් එකතු කරගන්න. බිත්තර සුදු මද දෙක වෙනම බීට් කරගන්න. මේකට සීනි මේස හැඳි 3ක් ටික ටික එකතු කරමින් හිම වගේ ඝනකමට එනකල් බීට් කරන්න. දැන් මේ සුදුමද ටික කේක් මිශ්‍රණයට දමා පත්තකින් පෙරලමින් මිශ්‍ර කරගන්න. කප් කේක් ලයිනර්ස් අතුරගත් මෆින් ට්‍රේ එකකට දාලා 180°c ට ප්‍රී හීට් කරගත්ත අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

රසම රස කප් කේක් එකක් හදමු ද?

බනානා කප් කේක් අවශ්‍ය ද්‍රව්‍ය සීනි කෝප්ප 1 පිටි කෝප්ප 1 බේකින් පව්ඩර් තේ හැඳි 1 ලුණු තේ හැඳි 1/2 කුරුඳු කුඩු තේ හැඳි 1/2 (කැමතිනම්) බිත්තර 2 එළවළු තෙල් කෝප්ප 2/3 වැනිලා තේ හැඳි 2 පොඩි කරගත් ඇඹුල් කෙසෙල් ගෙඩි 2 මුලින්ම වියලි ද්‍රව්‍ය සියල්ලම කලවම් කරගන්න. ඒකට බිත්තර සහ එළවළු තෙල් දාලා හොඳට බීට් කරන ගමන් වැනිලා එකතු කරන්න. අන්තිමට කෙසෙල් ටික එකතු කරලා හොඳට බීට් කරන්න. ලයිනර්ස් දාපු මෆින් ට්‍රේ එකකට දාලා 180c° ප්‍රී හීට් කරගත්ත අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

රසම රස කප් කේක් එකක් හදමු ද?

ලෙමන් කප් කේක් අවශ්‍ය ද්‍රව්‍ය බටර් කෝප්ප 1/2 සීනි කෝප්ප 1/2 බිත්තර 2 ග්‍රේට් කරගත් දොඩම් ලෙලි කෝප්ප 1/2 ලෙමන් ජූස් මේස හැඳි 4 කිරි කෝප්ප 1/2 පාන්පිටි කෝප්ප 1 බේකින් පව්ඩර් තේ හැඳි 3/4 ලුණු පින්ච් එකක් බටර් හා සීනි බීට් කරන්න. ඒකට බිත්තර එකින් එක දාලා බීට් කරන්න. දැන් ග්‍රේට් කරගත් දොඩම් ලෙලි ටික දාන්න. ලෙමන් ජූස් ටිකත් එකතු කරන්න. දිගටම බීට් කරන ගමන් කිරි ටික එකතු කරන්න. වෙනම භාජනයකට පාන්පිටි, ලුණු, බේකින් පව්ඩර් එකතු කරලා හලාගන්න. දැන් පිටි ටික බිත්තර මිශ්‍රණයට දාලා පත්තෙන් කලවම් කරලා මෆින් ට්‍රේස් වලට දාලා 180c°ට විනාඩි 20ක් ප්‍රී හීට් කරගත්ත අවන් එකක බේක් කරගන්න.



kaushalya De Silva

shared form www.sidadiya.lk

3 weeks ago

Quality tea

Zenrich Tea රු50.00 – රු795.00 100 % Pure Ceylon Tea Specially Made for You.. Feel the difference of this Good Quality Tea.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

රස්නෙ දවසට සුදුසු බීම වර්ගයක්

තැඹිලි කුරැම්බා තැඹිලි වතුර සහ කුරුම්බා වතුර කියන්නේ තනිකරම වාගේ ස්වාභාවික පානයක්. ගහෙන් කඩලා පැක් එක හෙවත් ගෙඩිය පිටින්ම අපේ අත උඩටම එන තැඹිලි ගෙඩියට විසක් වසක් එකතුවන්නේ නැතිම තරම්. ප්‍රණීත රසින් වගේම පෝෂණ ගුණයෙනුත් මේ තැඹිලි වතුර පොහොසත්. අපේ ගමේ කඩපිලේ වගේම කොළඹ සිදාදියෙත් තැඹිලි කරත්ත තියාගෙන ඉන්න තැඹිලි මාමලාගෙන් නම් අඩුවක් නැහැ. තැඹිලි ගෙඩියක් මිලදී ගන්න යන්නේ අනෙකුත් බීම වලට සාපේක්ෂව අඩු මිලක්. ගිනියමේ වේලි වේලි තැඹිලි කපලා විකුණන තැඹිලි මාමලට උපකාරයක් විදියටත් අපේ විඩාව සංසිඳවන්න දිව්‍යමය පානයක් විදිටයත් තැඹිලි හෝ කුරුම්බා අපිට පානය කල හැකියි.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

රස්නෙ දවසට සුදුසු බීම වර්ගයක්

දොඩම් පැනි දොඩම් අපිට දොඩන් නැත්දැයි දකුණේ වැසියන් අසන්නේ අපිට කතාකරන්නේ නැතිදැයි යන අදහස ඇතිව. එහෙත් මේ අපි කියන දොඩම් පානය යනු රසම රස ඇඹුල් හෝ පැණි දොඩම් වීදුරුවකට. මෙම දොඩම් ගෙඩි කීපයක් තබාගෙන, අපි එතැනට ගිය ගමන් සිය වැඩ රාජකාරි පටන්ගෙන, දොඩම් ගෙඩිය සට සට ගාලා මිරිකලා ඒ යුෂ වලට ගම්බිරිස් කුඩු ටිකකුත් දාල සීනි අයිසුත් දාලා දොඩම් හදලා දෙන අය පාර දෙපැත්තේ දකින්නට ඉන්නවා. හොඳටම ග්‍රීෂ්ම වෙලාවක ඒම කෙනෙක් හමු වෙනවා කියන්නේ අම්මෝ දෙයියෝ දැක්ක වගේ නේ ඉතිං… දොඩම් පානය අසෝක වීදුරුවකින් එකක් හෝ එයින් බාගයක් විතර ගහගත්තාම අවට තිබෙන ගිරිස්මය එක්ක ඇඟට දැනෙන විඩාව කොහෙන් ගියාද කියලා හොයාගන්න නැතිවේවි.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

රස්නෙ දවසට සුදුසු බීම වර්ගයක්

ජූස් නම් ජූස් පලතුරු ජූස් අරක්කු බියර් කඩ ගාව වගේ ජූස් බාර් ගාව සෙනග පිරිලා තියෙන්නේ ඉතාම කලාතුරකින්. ඒත් ජූස් බාර් එකකින් ජූස් එකක් ගැහීම කියන්නේ සැර බීම වගේ බඩ පපුව දාගෙන ඇතුළට යන කටුක අත්දැකීමක් නෙමෙයි. බොහෝම නිවුන සිසිල ඇඟ තුළින් ගලන සනීපදායක අත්දැකීමක් තමයි පළතුරු ජූස් එකකින් ලැබෙන්නේ. එයිනුත් දිවුල් ජූස් එක තරමක් වෙනස්. ඇඹුල් රසිනුත් අමුතු කසට රසයකිනුත් යුතු දිවුල් යුෂ පළතුරු යුෂ අතර ජනප්‍රිය එකක්. නෙල්ලි, අඹ, අන්නාසි, ආදී විවිධ ආකාරයේ ජූස් වර්ග ජූස් බාර්වල තිබෙනවා. ඉන්දියාවේ නම් අන්නාසි ගෙඩිය පිටින් ම දමා යුෂ බවට පත් කර එවෙලේම එම අමු යුෂය පානය කරන්නට ලැබෙන ස්ථාන තිබෙනවා. ලංකාවේ අපිට ජූස් බාර් එකකට ගියාම, බ්ලෙන්ඩර් එකක් හරහා ගිහින් සීනි ටිකක් වැටිලා අපේ දිව ළඟට ජූස් එක එද්දි ජූස් එක දැක්කත් රස්නේ පොඩ්ඩක් එහාට මෙහාට වෙලා සීතලට ඉඩ දෙන ගතියක් තියෙනවා.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

පාන් ටොර්ස්ටර් එකෙන් හදමු ද කෑමක්?

ටෝස්ටර් පේස්ට්‍රි අවශ්‍ය ද්‍රව්‍ය වෙළඳපොලෙන් ලබාගත හැකි pastry sheets,තම්බා කුඩු කරගත් බිත්තරයක්,චීස්,හීනියට කපා ගත් ලූනු ස්වල්පයක්,ගම්මිරිස් ස්වල්පයක්,ලුණු ස්වල්පයක් සාදන ආකාරය Pastry sheet වල ශීත ගතිය ඉවත් වූ පසු පේස්ට්‍රි ශීට් තුනී කරගන්න. ටෝස්ටරයේ ප්‍රමාණය අනුව ශීට් හතරක් සකසාගෙන ඉන් දෙකක් ට්‍රෝස්ටරයේ යට කොටසට එලාගන්න. ඒ මතට ලුණු චීස් බිත්තර තබා ගම්මිරිස් කුඩු ස්වල්පයක් සහ ලුණු කුඩු ස්වල්පයක් ඉස ගන්න. පසුව අනෙක් Pastry sheet දෙක ඊට උඩින් තබා වසාගන්න. ඔබගේ අභිමතය පරිදි සහ ඔබගේ රසය අනුව මෙයට හැම්, බේකන් වැනි දේ එකතු කර රසය වැඩි කර ගත හැක. ඔබගේ නිවසේ පවතින ටෝස්ටරයේ වර්ගය මත ට්‍රෝස්ට් වීමට යන කාලය වෙනස් වේ. සාමාන්‍යයෙන් පාන් ටෝස්ට් කිරීමට යන කාලය බලා ඒ අනුව pastry sheet රන්වන් පැහැයට හැරෙන තෙක් ට්‍රෝස්ට් කරගන්න. ඉන්පසු ඔබට රසවත් pastry යක රස බැලිය හැක.



Senarath Konara

shared form www.sidadiya.lk

3 weeks ago

අලු පුහුල්

Kuriya magin ewanu lebe



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

අල වලින් වෙනස්ම කෑමක් හදමු ද?

හෑශ් බ්‍රවුන්ස් හවසකට වගේම උදේ කෑම වේලටත් ගන්න පුළුවන්. ලේසියෙන්ම හදාගන්නත් පුළුවන් නිසා පොඩි අයට ඉස්කෝලෙ ගෙනියන්නත් කියාපු කෑමක්. අවශ්‍ය ද්‍රව්‍ය අල ගෙඩි 2 බිත්තර 2 පාන් පිටි මේස හැඳි 2 ලුණු රස අනුව ගම්මිරිස් අවශ්‍ය නම් අල ගෙඩිය පොතු හැර සිහින්ව ග්‍රේටරයකින් ග්‍රේට් කරගන්න. අයිස් වතුරට දමා, අයිස් වතුරෙන් එක වරක් සෝදා, හොඳින් මිරිකා වතුර ඉවත් කරගන්න. බිත්තර දෙකට ලුණු, ගම්මිරිස් සහ පිටි එකතු කර හොඳින් බීට් කරගන්න. බිත්තර මිශ්‍රණයට අල එක් කර මිශ්‍ර කරගන්න. නන්ස්ටික් පෑන් එකකට බටර් ස්වල්පයක් තවරා රත් වෙන්නට හරින්න. හැන්දකින් සාදාගත් මිශ්‍රණය පෑන් එකේ තැන තැන තබා, හැන්දෙන් තද කර, පැතලි කරගන්න. දෙපැත්තම රන් වන් පාට වනතුරු අඩු ගින්දරේ බැදගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

අල වලින් වෙනස්ම කෑමක් හදමු ද?

පොටෙටෝ සැලඩ් පාන් කන්න, නිකන් කන්න, බිරියානි වගේ බතක් එක්ක උනත් මේ සැලඩ් එක ගැලපෙනව. අවශ්‍ය ද්‍රව්‍ය තම්බා කොටු කපාගත් අල ගෙඩි 3 මයෝනේස් මේස හැඳි 3 ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 3 විනාකිරි තේ හැඳි 1/2 සීනි තේ හැඳි 1/4 ලුණු රස අනුව (අවශ්‍ය නම්) ගම්මිරිස් (අවශ්‍ය නම්) චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැන්දක් චොප් කරගත් පාස්ලි මේස හැන්දක් අල සහ කොළ වර්ග දෙක හැර අනෙක් සියල්ල එකට එක් කර හොඳින් බීට් කරගන්න. එයට අල සහ කොළ ටික එක් කරගෙන මිශ්‍ර කර, හොඳින් වසා විනාඩි තිහක් පමණ ශීත කර පිළිගන්වන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

අල වලින් වෙනස්ම කෑමක් හදමු ද?

චිකන් ස්ටෆ්ඩ් පොටෑටෝ පාස්ටා වගේ දෙයක් එක්ක සයිඩ් එකක් විදියටත්, වැඩිය නොකන කෙනෙක්ට රෑ කෑමටත් ගැලපෙනව. අවශ්‍ය ද්‍රව්‍ය අල ගෙඩි 3ක් ෆ්‍රශ් මිල්ක් කප් 1/4 පාමසන් චීස් කප් 1/4 ලුණු ගම්මිරිස් තම්බා පොඩි කරගත් චිකන් කප් 1 චොප් කරගත් ළූණු මොසරැල්ල චීස් චොප් කරගත් පාස්ලි ටිකක් අල ගෙඩි බෙරි නොවෙන ගාණට තම්බා දෙපැත්තෙන් කුඩා පෙති දෙකක් ඉවත් කර හරස් අතට දෙකට කපාගන්න. (සිටුවා තබන්න පුළුවන් විදියට.) සෑම අල භාගයකම මැද හාරා ඉවත් කර වලක් සාදාගන්න. ඉවත් කරගත් අල කොටස් ටිකට කිරි, පාමසන් චීස්, ළූණු, ලුණු සහ ගම්මිරිස් එක් කර පොඩි කරගන්න. එයට චිකන් සහ පාස්ලි ටිකත් එක් කර මිශ්‍ර කරගන්න. සාදාගත් මිශ්‍රණය අල කප් වලට පුරවා, උඩින් මොසරැල්ලා චීස් ඉස, සෙල්සියස් 180ට විනාඩි 15ක් බේක් කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

අල වලින් වෙනස්ම කෑමක් හදමු ද?

මෑශ්ඩ් පොටැටෝ කප්ස් හවසට කන්න වගේම ප්‍රධාන වේලකට සයිඩ් එකක් විදියටත් ගැලපෙනව. අවශ්‍ය ද්‍රව්‍ය තම්බා පොඩි කරගත් අල කප් 2 ගසාගත් බිත්තර 3 ගාගත් චෙඩාර් චීස් හෝ මොසරැල්ල චීස් කප් 1 බැද කපාගත් බේකන් කෑලි කප් 1/2 (අවශ්‍ය නම්) පොඩියට කපාගත් ළූණු කොළ කප් 1/2 සියල්ලම එකට මිශ්‍ර කරගන්න. අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු ටිකක් ලුණු ටිකක් එකතු කරගන්න. මෆින් ට්‍රේ එකකට බටර් තවරා සාදාගත් අල මිශ්‍රණය පුරවා ගන්න. සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30-35ක් බේක් කරගන්න.



Buddika Gamage

shared form www.sidadiya.lk

3 weeks ago

ආප්ප රසට හදන හැටි

ශ්‍ය දේවල් මේ ප්‍රමාණ 4 දෙනෙකුට ඇති හොදේ සුදු කැකුළු හාල් කෝප්ප 3 ගා ගත් පොල් මේස හැඳි 2 මිටි පොල් කිරි කෝප්ප 2 ඊස්ට් තේ හැඳි 1/8 (ආප්ප සෝඩා දානවා නම් තේ හැදි 1/4) වතුර ටිකක් සීනි ටිකක් පොල් ගෙඩියක පොල් වතුර  හදන විදිය මුලින්ම හාල් රැයක් පෙගෙන්න දමන්න..අඩුම ගනෙ පැය 6ක් වත්....පැය 10ක් විතර පෙගෙන්න තිබ්බ නම් හොදයි පස්සෙ හාල් ග්‍රයින්ඩරේට දමා පොල් , පොල් වතුර, තෙත ගතිය මදි නම් පමනක් වතුර ටිකක් දාලා අඹරා ගන්න.. මිශ්‍රනය ක්‍රීම් එකක් වගේ වෙන්න ඔනි.. හාල් කැට තියෙන්න බෑ හොදේ.. ඊට පස්සෙ ඊස්ට් ටිකට වතුර ටිකක් සහ සීනි ස්වල්පයක් දාලා ටික වේලාවක් තියන්න.. ඊස්ට් දිය උනට පස්සෙ පිටි මිශ්‍රනයට එකතු කරන්න හොදින් කලවම් කර පැය 6ක් පමණ වසා තබන්න.. * මෙය තරමක් ඝනකම මිශ්‍රනයක් විය යුතුයි... පසුව පිපුණු මිශ්‍රනයට සීනි තේ හැන්දක් , රස අනුව ලුණු, මිටි කිරි කෝප්ප 2 දමා කලවම් කරන්න.. දැන් නැවත වසා තබා විනඩි 30ක් පැයක් පමණ තියන්න.. ඔන්න ඊට පස්සෙ අප්ප මිශ්‍රනය ලෑස්තියි... දැන් තියෙන්නෙ ආප්ප තාච්චියට හොදින් තෙල් ටිකක් තවර ගෙන මද ගින්දරේ ආප්ප ටික පුච්ච ගන්න එක....



Buddika Gamage

shared form www.sidadiya.lk

3 weeks ago

ක්‍රිස්පි චිකන්

අවශ්‍ය දේ ඔයිල් Oil කුකුල්මස් කටු නැති Boneless Chicken උකු කිරි(කල් කිරි) Milk Corn flakes මිරිස් කුඩු Chilli Powder සෝයා සෝස් Soya Sauce ලුණු Salt  ගමිමිරිස් කුඩු Black Pepper දෙහි Lime  හදන විදිය මුලින්ම තුනපහ කුඩු ටිකයි දෙහි දමා අත ගා මස් ටිකයි විනාඩි 20 ක් තියන්න. ඉන්පසු corn flakes ටික කුඩු කර ගන්න හොඳටම කුඩු කරන්න එපා . ඉන් පසු උකු කිරි ටික අරගෙන අර අත ගාගත් කුකුල්මස් උකු කිරි එකෙ ඔබලා අර කුඩු කර ගත් Corn Flakes එකෙ අලවා ගන්න ඉන් පසු රත්වුනු oil එකෙ දමා බැදලා ගන්න.



kaushalya De Silva

shared form www.sidadiya.lk

3 weeks ago

Rich Wedding Cake

Unbelievable & Affordable Prices..Order now to get it to your doorstep. 📲️inbox or Whatsapp to 0766 121 880 with 📎️Item Required: 📎Quantity: 📎️Name: 📎Address: 📎Contactable Phone Number 📞Hotline 0766 121 880 👍️Delivery time - Within 1-3 Days 🚛Island-wide cash on delivery as well as bank Deposits Available.



Buddika Gamage

shared form www.sidadiya.lk

3 weeks ago

මැන්ගො මිල්ක් ශේක්

Toggle navigation මැන්ගො මිල්ක් ශේක් අඹ කියන්නේ හරිම රසවත් පළතුරක්. ඒ රසය තවත් වැඩි කරගන්න මේ මිල්ක් ශේක් එක හදලා රසවිඳිමු අවශ්‍ය ද්‍රව්‍ය (පිළිගැන්වීම් 2කට ) : ඉදුනු ලොකු අඹ ගෙඩි 1 වතුර කෝප්ප 1/2-1ක් පමණ කස කසා ඇට මේස හැඳි 2ක් සහ වතුර කෝප්ප 1 ක් සිසිල් කිරි කෝප්ප 3/4 ටින් කිරි කෝප්ප 1/4 + මේස හැඳි 3 මැන්ගො අයිස් ක්‍රීම් (හෝ වැනිලා අයිස්ක්‍රීම්) සැරසීමට චෙරි / පොඩියට කපාගත් අඹ කෑලි මේස හැඳි 2 සාදන ක්‍රමය : 01. කසකසා ඇට ටික වතුර කෝප්ප එකට දාලා පිපෙන්න පසෙකින් තියන්න. 02. අඹ ගෙඩිය පොඩියට කපලා බ්ලෙන්ඩර් එකට දමා ගන්න. එයට වතුර කෝප්ප 1/2ක් එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් වෙන්න වතුර මදි නම් තව වතුර ටිකක් එකතු කරන්න. මෙය උකු පල්ප් එකක් වගේ විය යුතුයි. වතුර වැඩිය එකතු කරන්න යන්න එපා. බ්ලෙන්ඩ් වෙන තරමට වතුර එකතු කලාම ඇති. 03. එයත් බෝල් එකකට දාලා පසෙකින් තියන්න. 04. ටින්කිරි කෝප්ප 1/4 බෝල් එකකට දාලා එයට සිසිල් කිරි ටික එකතු කරලා මික්ස් කරගන්න. 05. ඉතිරි ටින්කිරි මේස හැඳි තුන අඹ පල්ප් එකට එකතු කරලා මිශ්‍ර කරන්න. 06. දැන් පිලිගන්වන ග්ලාස් දෙක අරගෙන මුලින්ම අඹ පල්ප් මිශ්‍රණය හැන්දකින් දමන්න. ඒ මතට කිරි මිශ්‍රණය හෙමින් වත් කරන්න. ඒ මතට කසකසා එකතු කරන්න. ඒ මතට අයිස් ක්‍රීම් ස්කූප් එකක් එකතු කරන්න. 07. චෙරි සහ අඹ කෑලි වලින් සරසා පිළිගන්වන්න.



Buddika Gamage

shared form www.sidadiya.lk

3 weeks ago

ගොටුකොළ බැදුම

ගොටුකොළ බැදුම ගොටුකොළ අපි හදා ගන්නේ සලාදයට සහ මැල්ලුම වුනත් බැදුමක් විදිහටත් හොඳ අපුරු කට ගැස්මක් අවශ්‍ය දේ : ගොටුකොළ මිටි දෙකක් කරල් මිරිස් 15 ක් පමණ රටකජු කෝප්ප 1 ක් කරපිංචා අතු 10 ක් පමණ තෙල් ලුණු සහ ගම්මිරිස් සීනි ඉතා ස්වල්පයක් සාදන අන්දම : 01. ගොටුකොළ නැටි ඉවත් කරන්න. 02. දැන් මේ ගොටුකොළ වලින් කොළ ( තොප්පිය වගේ කොටස) තෙල් පැහෙන විට දමා එහි කොළ ගතිය ඉවත් වීමට පෙරාතුව ගෙන තෙල් බේරෙන්න තබන්න. 03. දැන් මේ තෙලෙන්ම කරපිංචාත් බැද ඉවතට ගන්න. 04. රටකජු ටිකක් දුඹුරු පැහැය වෙන තෙක් බදින්න. 05. කරල් මිරිස්ද බැද ගෙන පසෙක තබන්න. 06. දැන් මුලින්ම රටකජු සහ වියලි මිරිස් භාජනයක කලවම් කරන්න. ලුණු සහ ගම්මිරිස්ද, සීනි ස්වල්පයද මෙයට එකතු කරන්න. 07. දැන් කරපිංචා සහ ගොටුකොළ ටික අන්තිමට මුලින් මිරිස් කජු ඇති භාජනයට දමා කලවම් කරන්න. නොකැඩෙන විදිහට කලවම් වුනොත් ඔබ දිනුම්.



Buddika Gamage

shared form www.sidadiya.lk

3 weeks ago

පැණි රස ඉහිරෙන පොල් බෝල

පැණි රස ඉහිරෙන පොල් බෝල පැණි රහයි පොල් රහයි හරි හරියට එකතු වුනාම මැවෙන රහට පොඩි අය වගේම ලොකු අයත් හරි හරියට කැමති වේවි. අවශ්‍ය ද්‍රව්‍ය : සිහින්ව ගාගත් පොල් ගෙඩි 1 අයිසින් සීනි තේ හැඳි 3 මිල්ක්මේඞ් මේස හැඳි 4 කැමති වර්ණකාරකයක් කොකනට් ස්වීට් බෝල් පිළියෙළ කර ගන්නා ආකාරය : 1. මුලින්ම සිහින්ව ගාගත් පොල්වලට අයිසින් සීනි සහ මිල්ක්මේඞ් එක්කර හොඳින් කලවම් කරගන්න. 2. ඉන්පසු එයට ඔබ කැමති වර්ණකයකින් බිංදු කිහිපයක් දමා නැවතත් හොඳින් කලවම් කර ගුලි ආකාරයට සාදා පිළිගන්වන්න.



Buddika Gamage

shared form www.sidadiya.lk

3 weeks ago

බෝංචි කරිය

එකම විදියට බෝංචි කාලා එපා වෙලා නම් මෙන්න මෙහෙම හදලා බලන්න බෝංචි 500g තෙල් බෝතල් 1/2ක් තක්කාලි ගෙඩි 1ක් මිටි කිරි අඩු කෝප්ප 2ක් ඉගුරු, සුදු ළූණූ paste තේ හැදි 2ක් අබ ඇට තේ හැදි 1/4ක් උළුහාල් තේ හැදි 1/4ක් රතු ළූණූ ගෙඩි 20ක් අමු මිරිස් කරල් 2ක් කහ කුඩු තේ හැදි 1/2ක් මිරිස් කුඩු තේ හැදි 2ක් තුනපහ තේ හැදි 2ක් බැදපු තුනපහ තේ හැදි 1ක් ගම්මිරිස් තේ හැදි 1/2ක් කරපිංචා ඉත්තක් රම්පේ කොල කෑල්ලක් කුරුදු පොතු කෑල්ලක් කරාඹු නැටි 2ක් උම්බලකඩ තේ හැදි 1ක් දෙහි යුෂ ස්වල්පයක් ලුණූ පදමට මුලින්ම බෝංචි කරල් නූල් ඉවත් කරගෙන දික් අතට පලාගන්න. (අගල් 3ක් පමන දිග කෑලි) පසුව ගැඹුරු තෙලේ බැදගන්න. කෑල්ලක් කාලම බලන්න බැදිලද කියලා. මොකද බෝංචි රන්වන් පැහැවෙනකල් බැදගන්න කියලා කියන්නත් බැහැනේ. ඉන් පසුව හොදින් තෙල් බේරගන්න. මීලගට තෙල් මේස හැදි 2ක් පමන මැටි ඇතිලියක දමා රත්වන විට අබ ඇට එක්කරගෙන පුපුරන විට උළුහාල්, ඉගුරු, සුදු ළූණූ, සිහින්ව කපාගත් රතු ළූණූ, කරපිංචා, රම්පේ, කරාබු නැටි, කුරුදු, ලුණු එක්කර හොදින් කවලම්ක රන අතර මිරිස් කරල්, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, උම්බලකඩ දමා තෙම්පරාදු වෙන්න හරින්න. මද වේලාවකින් තක්කාලි හා බැදගත්ත බෝංචි දමා කවලම් කරගන්න. දැන් ගින්දර අඩු කර මිටි කිරි එකතුකර මද ගින්නේ තබන්න. කිරි නටාගෙන එන විට, බැදපු තුනපහ හා ගම්මිරිස් එකතු කර ලිපෙන් ඉවත් කරන්න. අවසානයේ දෙහි යුෂ ස්වල්පයක් එක්කරන්න non stick pan එකක් උනත් කමක් නැහැ පිස ගැනීමට. නමුත් මැටි වලදේ උයන විට රස වැඩියි.



navanjana wishwa

shared form www.sidadiya.lk

3 weeks ago

HOW TO CREAT POTATO TOFFIE

මේ කියන්න යන්නෙ නම් කඩෙන් අරන් කන ටොෆි ගැන නෙමෙයි. ගෙදරදීම හරිම රසවත්ව හදාගන්න පුළුවන් ටොෆි වර්ග ටිකක් ගැනයි. හවස තේ බොන වෙලාවට කන්න, කොහෙහරි යනකොට ගෙනියන්න, ආසා කෙනෙක්ට හදලා දෙන්න පුළුවන් ලේසිම හැබැයි ගොඩක් සැ​ලකිල්ලෙන් හදන්න ඕනෙ ටොෆී වර්ග ටිකක් තමයි අද ලයිෆි අපි ඔයාලට ගෙනාවේ. 1. අල ටොෆී අවශ්‍ය ද්‍රව්‍ය සීනි ග්‍රෑම් 250 වතුර අඬු කෝප්ප 1/4 තම්බාගත් අර්තාපල් ග්‍රෑම් 250 එනසාල් ඇට 2ක් කලරින්ග් බිංදු ​දෙකක් (කැමති පාටකින්) වැනිලා තේ හැන්දක් භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ටික දාගන්න. දැන් වතුර ටිකත් දාලා හොඳට කලවම් කරන්න. සීනි දියවේගෙන එනකොට හොඳට පොඩි කරගත් අල ටික දාන්න. එනසාල් ඇට දෙකත් එකතු කරන්න. හැන්දෙන් හොඳට කලවම් කරන්න තලපයක් වගේ වෙනකල්. ගින්දර වැඩි කරගන්න එපා. දැන් කලරින් ටිකක් එකතු කරලා වැනිලා ටිකත් දාගන්න. තෙත ගතිය හිඳෙනකල් හැඳිගාලා බටර් ගාගත්තු තැටියකට දාලා කෑලි කපා ගන්න. 2. කිරි ටොෆී අවශ්‍ය ද්‍රව්‍ය මිල්ක්මේඩ් ටින් එකක් (395 ml) මිල්ක්මේඩ් ටින් එකේ ප්‍රමාණයෙන් 1/4ක වතුර මිල්ක්මේඩ් ටින් එකෙන්ම සීනි 1 බටර් මේස හැන්දක් පොඩියට කපාගත් කජු ටිකක් භාජනයක් අරගෙන ඒකට මිල්ක්මේඩ් එක සහ වතුර ටි​ක දාන්න. සීනි ටිකත් දාලා ලිපේ තියන්න. සාමාන්‍ය ගින්දරේ තියන්න. සීනි දියවෙනකල් හො​ඳට හැඳි ගාන්න. විනාඩි 10ක් වගේ යනකොට මිශ්‍රණය උකුවේගෙන එනවා. අඩිය අල්ලන්න නොදී හැඳි ගාන්න. ගින්දර ගැන නම් ගොඩක් සැ​ලකිලිමත් වෙන්න ඕනේ. පාට ටික ටික වෙනස් වේගෙන එනකොට කජු ටික දාගන්න. හොඳට ඝන මිශ්‍රණ​යක් හැදුනම ලිප ඕෆ් ​කරන්න. බටර් ගාලා කලින් ලෑස්ති කරගත්තු තැටියකට ඉක්මනින් දාලා කෑලි කපාගන්න.



navanjana wishwa

shared form www.sidadiya.lk

3 weeks ago

HOW TO MAKE MILK TOFFE

අවශ්‍ය ද්‍රව්‍ය මිල්ක්මේඩ් ටින් එකක් (395 ml) මිල්ක්මේඩ් ටින් එකේ ප්‍රමාණයෙන් 1/4ක වතුර මිල්ක්මේඩ් ටින් එකෙන්ම සීනි 1 බටර් මේස හැන්දක් පොඩියට කපාගත් කජු ටිකක් භාජනයක් අරගෙන ඒකට මිල්ක්මේඩ් එක සහ වතුර ටි​ක දාන්න. සීනි ටිකත් දාලා ලිපේ තියන්න. සාමාන්‍ය ගින්දරේ තියන්න. සීනි දියවෙනකල් හො​ඳට හැඳි ගාන්න. විනාඩි 10ක් වගේ යනකොට මිශ්‍රණය උකුවේගෙන එනවා. අඩිය අල්ලන්න නොදී හැඳි ගාන්න. ගින්දර ගැන නම් ගොඩක් සැ​ලකිලිමත් වෙන්න ඕනේ. පාට ටික ටික වෙනස් වේගෙන එනකොට කජු ටික දාගන්න. හොඳට ඝන මිශ්‍රණ​යක් හැදුනම ලිප ඕෆ් ​කරන්න. බටර් ගාලා කලින් ලෑස්ති කරගත්තු තැටියකට ඉක්මනින් දාලා කෑලි කපාගන්න. (මොකද මේක ඉක්මනින් හයි වෙන නිසා මේ පියවර ටික ටිකක් ඉක්මනින් වෙන්න ඕනේ. උණුවෙන්ම ඉරි ඇ​ඳලා කෑලි කපන්න)



navanjana wishwa

shared form www.sidadiya.lk

3 weeks ago

රුලං ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය රුලං ග්‍රෑම් 250 සීනි ග්‍රෑම් 200 බටර් තේ හැඳි 1 කිරි මේස හැඳි 1 වතුර අඬු කෝප්ප 1/2 වැනිලා බිංදුවක් එනසාල් ඇට කිහිපයක් ලුණු ටිකක් කලරින් (කැමති පාටකින්) මුලින්ම රුලං ටික කබලේ බැදගෙන නිවෙන්න අරින්න. භාජනයක් ලිපේ තියලා ඒකට සීනි සහ වතුර ටික දාගෙ​න හොඳට කලවම් කරගන්න. දැන් එනසාල් ටික එකතු කරගෙ​න ලුණු ටිකකුත් දාගන්න. සීනි හොඳට දිය උනාම ඇලෙන ගතියක් වගේ එනවා. ඒ පදම ආවම රුලං ටික එකතු කරගන්න. කැමති පාටකින් කලරින් බිංදුවකුත් දාගෙන හොඳට හැඳිගාන්න තලපයක් වගේ වෙනකල්. දැන් බටර් ටිකයි කිරි මේස හැන්දයි එකතු කරගෙන ත​ව ටිකක් ලිපේ තියලා තෙත ගතිය නැති වීගෙනම එනකොට වගේ ලිපෙන් බාගන්න. බටර් ගාගත්තු තැටියක දාලා තුනීකරගෙන කෑලි කපාගන්න.



navanjana wishwa

shared form www.sidadiya.lk

3 weeks ago

වට්ටක්කා ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය තම්බා පොඩි කරගත් වට්ටක්කා ග්‍රෑම් 500 සීනි ග්‍රෑම් 250 වැනිලා ටිකක් ගාගත් පොල් කෝප්ප 1 පොඩි කරගත් වට්ටක්කා ටික භාජනයකට දාගෙන ලිපේ තියන්න. ඒකට සීනි ටිකත් දාගන්න. සීනි ටික දියවේගෙන එනකොට පොල් ටිකත් දගෙන හොඳට කලවම් කරගන්න. සාමාන්‍ය ගින්දරේ හදන්න ඕනේ. වට්ටක්කා කෑලි තියේනම් හැන්දෙන් පොඩි කරගන්න. වැනිලා ටිකත් දාගන්න. මේක ටිකක් ඇලෙන ගතිය වැඩි මිශ්‍රණයක්. මේක ගුලියක් වගේ වෙනකොට බටර් ගාගත් තැටියකට දාලා තුනී කරගන්න. කෑලි කපන්න කලින් ඉරි ඇදලා තියාගන්න. නිවුනම වෙන් කරගන්න.



Miyuru Dilshan

shared form www.sidadiya.lk

3 weeks ago

මුරැක්කු ගෙදරදීම සාදා ගමු.

අවශ්‍ය දෑ කඩල පිටි 500g (තමන්ට අවශ්‍යය ප්‍රමාණයට අරගන්න ) පාන්පිටි 200g ලුණු (අවශ්‍යය ප්‍රමාණයට ) මිරිස් කුඩු තේ හැදි 1-1/2 මද රස්නෙ වතුර අඩු කෝප්ප 1/2 පොල්තෙල් සුදුරැ ඇට කිහිපයක් සාදන ආකාරය භාජනයකට කඩල පිටි,පාන් පිටි,ලුණු,මිරිස් කුඩු සුදුරු දමා හොදින් මිශ්‍ර කරන්න.සදා ගත් මිශ්‍රණයට මද රස්නේ ඇති උණු වතුර ටික ටික දමා එකක් සාදා ගන්න.ඉදි ආප්ප සදා ගන්නා උපකරණයට සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් දමන්න.මද ගින්නේ තෙල් රත් වූ පසු සදා ගත් මුරැක්කු මිශ්‍රණය තෙලට තමන්ට කැමති හැඩයක් ආකාරයට වක් කරන්න.ලා දුබුරැ පැහැයට බැදී ගෙන එන විට මුරුක්කු තාච්චියෙන් ඉවත් කර තෙල් බේරෙන්න හරින්න.පිළිගන්වන්න.



Mahesh Prasanna

shared form www.sidadiya.lk

3 weeks ago

පොල් වගාව

පොල් පැල අවුරුදු 3 1/2



Miyuru Dilshan

shared form www.sidadiya.lk

3 weeks ago

නිවසේදීම ආස්මී සාදාගනිමු.

අවශ්‍ය දේ හාල්පිටි 1kg දවුල් කුරුදු කොළ ටිකක් පොල් බෑයක පමණ කිරි (කෝප්ප 02) පැණි බෝතල් 1/2 (උණු කල සීනි 500 g) සාදන ආකාරය හාල් කොටා කීපවාරයක් හලා ගන්න. පොල් කිරි ලූණු සමග මිශ‍්‍රකර ඝන මිශ‍්‍රණයක් සාදා ගන්න. දවුල් කුරුදු කොළ වලට වතුර ටිකක් දමා කොටා ඉස්ම මිරිකා ගන්න. (නානු මෙම නානු පිටි මිශ‍්‍රණයට දමා කළවම් කරගන්න. මිශ‍්‍රණයද නානු ගතියෙන් යුක්ත වීමට වග බලා ගත යුතුය. තෙල් තාච්චියක් ලිප තබා මිශ‍්‍රයෙන් ස්වල්පයක් ගෙන ආස්මී හැන්දෙන් තෙල් තාච්චියට රවුම් කීපයක් සිටින සේ වක්කර දැලක් සේ සාදාගන්න. ඉන්පසු එය කෙට නමා කෙළවර තදකර ගන්න. අනෙක් පැත්තද හරවා බැදගන්න. ඉන්පසු දවස් 2-3 ක් තබාගෙන නැවත වරක් බැද ඒවා මත මෝසතරයකට උණු කළ පැණි හෝ සීනි (කැමති නම් වර්ණ ගැන්විය හැක) වක් කරන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

⁣පෝෂ්‍යදායි කැඳ එකක් හදමු ද?

කොළ කැඳ හදාගන්​න නම් අපිට බොහොමයක් කොළ වර්​ග ගන්න පුළුවන්. ඒ කියන්නෙ ගොටුකොළ,වැල්පෙනෙල, කරපිංචා, පාස්ලි, නීරමුල්ලිය මේ වගේ කොළ වලින් කැඳ හදන්න පුළුවන්. පොදුවේ කොළ කැඳ එකක් හදන හැටි කියන්නම්කෝ අද. අවශ්‍ය ද්‍රව්‍ය කැමති කොළ වර්ගයක් සුදු හෝ රතු හාල් මිටක් සුදුළූණු බික් 5-6ක් ගාගත් පොල් කෝප්ප 2 රස අනුව ලුණු මුලින්ම කොළ ටික හො​ඳට හෝදලා මෝරපු දඬු තියේනම් අයින් කරගන්න. දැන් කො​ළ ටික පොඩියට කඩලා පොල් කෝප්ප භාගයක් හා වතුර ටිකක් එක්ක බ්ලෙන්ඩ් කරන්න. වෙනම භාජනයක් අරගෙන හාල් ටික හා සුදුළූණු දාලා තැම්බෙන්න තියන්න. හාල් තැම්බුනාම හදාගත්තු යු​ෂ ටික මිරිකලා දාන්න. ගාගත් පොල් ඉතිරි ටිකෙන් මිටිකිරි අරන් ඒකත් දාගන්න. හොඳට හැදි ගාගෙන,රස අනුව ලුණු දාගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

පෝෂ්‍යදායි කැඳ එකක් හදමු ද?

මුං ඇට තම්බලා කන්න අකමැති පොඩි බබාලටයි ලොකු බබාලටයි ඔක්කොටම බොන්න මුංඇට කැඳ ගෙනාවා. අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් මුං ඇට කෝප්ප 1 පොල්කිරි කෝප්ප 2 චොප්කරගත් සුදුළූණු බික් 2 ලුණු රස අනුව චොප්කරගත් ඉඟුරු ටිකක් තම්බාගත් මුං ඇට භාජනයකට දාලා හැන්දකින් පොඩි කරගන්​න. ඒ ටික පොඩි උනාම සුදුළූණු හා ඉඟුරු ටික දාලා ලිපේ තියන්න. පොල් කිරි ටික දාගෙන හොඳට හැඳි ගාන්න.රස අනුව ලුණු එකතු කර ගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

පෝෂ්‍යදායි කැඳ එකක් හදමු ද?

සව් කැඳ ඇඟ නිවෙන්න කියාපු බීමක්. අවශ්‍ය ද්‍රව්‍ය සව් ග්‍රෑම් 100 හකුරු බෑයක් මිටි කිරි කෝප්ප 1 දියකිරි කොප්ප 1/2 කුරුඳුපොතු, එනසාල්, කරාබුනැටි කජු ටිකක් රස අනුව ලුණු සව් ටික හෝදලා තැම්බෙන්න තියන්න. තැම්බෙන අතරට ටික ටික හැඳි ගාන්න. මේකට එනසාල්, කරාබුනැටි සහ කුරුඳුපොතු කෑල්ලක් දාගන්න. මේක තැම්බෙන අතරට හකුරු ටික ග්‍රේට් කරගන්න. දැන් සව් ටික තැම්බුනාම හකුරු ටික එකතු කරගෙන හොඳට හැඳි ගාන්න. හකුරු දිය උනාට පස්සෙ මිටිකිරි ටික එකතු කරන්න. කිරි මදි වගේ නම් දිය කිරි ටිකකුත් දාන්න. රස බලලා ලුණු දාගන්න. කිරි ටික උතුරනකොට ටික ටික ඝන මිශ්‍රණයක් හැදෙනවා. ඒ නිසා හොඳට හැඳිගාන්න කැටි වෙන්න නොදී. කජු ටික ටිකක් බැදලා අරන් සව් එකට දාගෙන රස බලන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

පෝෂ්‍යදායි කැඳ එකක් හදමු ද?

කිරි කැඳ කවුරුත් බොන්න ප්‍රිය කරන කැඳ එකක් තමයි මේ. දවසේ ඕනම වෙලාවක බොන්න පුළුවන් ඇඟ සිසිල් කරන පානයක්නේ. අවශ්‍ය ද්‍රව්‍ය සුදු හාල් මිටක් පමණ සුදුළූණු බික් 8-10 පොල්කිරි කෝප්ප 3ක් රස අනුව ලුණු ගම්මිරිස් කුඩු හාල් ටික හෝදලා වතුර ටිකක් වැඩියෙන් ලිප තියන්න. ඒකට සුදුළූණු ටිකත් දාලා බත බෙරි වෙන්න වගේ උයාගන්න. වතුර ටික හිඳුනාම පොල්කිරි ටික එකතු කරන්න. රස අනුව ලුණු දාගන්න. පොල්කිරි ටික නටනකල් හැන්දකින් කලවම් කරගන්න. කැමතිනම් බත් ටික පොඩි කරගෙ​න කැඳ එක හදාගන්​නත් පුළුවනි. අවශ්‍ය අය උඩින් ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා බීමට ගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 weeks ago

පෝෂ්‍යදායි කැඳ එකක් හදමු ද?

උදෑසන ආහාරයක් විදියට ඕට්ස් කියන්නෙ ගොඩක් ගුණ කෑමක්. ඕට්ස් අපිට කැමති විදියට හදාගන්න පුළුවන්. මෙන්න ඕට්ස් කැඳ හදන හැටි. මේක නම් හරිම ලේසියි හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය ඕට්ස් ග්‍රෑම් 200 පොල්කිරි කෝප්ප 2 සුදුළූණු ටිකක් රස අනුව ලුණු ඕට්ස් ටිකට වතුර ටිකක් දාලා ඒකටම චොප් කරගත් සුදුළූණු දාලා තැම්බෙන්න තියන්න. හොඳට තැම්බුනාම පොල්කිරි ටික දාල ටිකක් වහලා තියන්න. රස අනුව ලුණු දාගන්න. කිරි ටික උතුරගෙන එනකොට ලිපෙන් බාලා හොඳට හැඳිගාන්න. ටිකක් නිවෙනකල්ම හැඳිගාන්න මොකද මේක කැටි ගැහෙන්න බලන නිසා.



kolambage Aruna Nalaka Karunarathna

shared form www.sidadiya.lk

2 weeks ago

අපි කන පලතුරුවල ගුණ දන්නවා ද?

දෙළුම් පුරුෂයන් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට මෙන් ම බොහෝමයක් කාන්තාවන්ට ඇති පියයුරු පිළිකාවට එරෙහි ව දෙළුම් යොදා ගත හැක. ඖෂධ භාවිතයකින් තොරව අධි රුධිර පීඩනය අවම කර ගත හැක දියවැඩියාව පාලනය කරයි හෘදයාබාධ ඇති වීම සඳහා දායක වන LDL කොලෙස්ටරෝල් අඩු කිරීම සන්ධිවලට හානි කරමින් අස්ථි සන්ධිප්‍රදාහය ඇති කිරීම සිදු කරන එන්සයිම නතර කිරීම දෙළුම් යුෂ සහ ඇට මඟින් මතකය වර්ධනය වීම



kolambage Aruna Nalaka Karunarathna

shared form www.sidadiya.lk

2 weeks ago

අපි කන පලතුරුවල ගුණ දන්නවා ද?

අනෝදා පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ නතර වීම මාරාන්තික ආසාදන වළක්වමින් ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කිරීම ශරීර ශක්තිය වර්ධනය කිරීම දරු ප්‍රසූතියෙන් පසු මවගේ කිරිවල ගුණාත්මය වැඩි වීම පාචනය හා උණ වැළදීම අඩු වීම අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ හැකියාව



kolambage Aruna Nalaka Karunarathna

shared form www.sidadiya.lk

2 weeks ago

අපි කන පලතුරුවල ගුණ දන්නවා ද?

මිදි සමේ රෝග, උගුර ආශ්‍රිත රෝග ආදියට ගුණදායක ය. ආහාර රුචිය ඇති කරයි. ඉදුණු මිදිවල මූත්‍රාකාරක ගුණය අඩංගු අතර, සිහිල්ය. . පිපාසය, උදරයේ දැවිල්ල, උණ, ක්ෂයරෝගය, සෙංගමාලය, ඇදුම, වමනය, අක්‍ර‍මවත් ඔසප් වීම, ශරීර තරබාරුව සහ කතා කිරීමේ අපහසුතාව වැනි රෝග තත්ත්වවලට ගුණ ලබාදෙයි. ආමාශයේ අම්ල තත්ත්වය අඩුකර, ආහාර ජීර්ණය පහසු කරයි. ,වයස්ගතවීම වළක්වා, තරුණ බව රැක දෙයි. මිදිවල අඩංගු යකඩ, නීරක්තිය හෙවත් ලේ හිඟ බවට සහනය ලබා දෙයි. .මිදිවල අඩංගු මැලික්, සිට්රික්, ටාටරික් ආදී අම්ල මගින් රුධිරය පිරිසුදු වේ. අන්ත්‍ර‍ සහ වකුගඩු ක්‍රියාකාරීත්වය උත්තේජනය වෙයි. මූත්‍රා දැවිල්ලට මෙන් ම වේදනාකාරී ඔසප් වීම, අක්‍ර‍මවත් ලෙසින් ඔසප්වීමේදී රුධිරය පිටවීම සහ ආතරයිටිස් රෝග තත්ත්වවලට ගුණ ලබා දෙයි.



kolambage Aruna Nalaka Karunarathna

shared form www.sidadiya.lk

2 weeks ago

අපි කන පලතුරුවල ගුණ දන්නවා ද?

බෙලි හිසරදය පාලනය කරයි ආහාර මාර්ගයේ රෝගී තත්වවලට ගුණදායකයි අම්ල පිත රෝගය සම්පූර්ණයෙන්ම සුව කරයි. බඩ පිපුම පාලනය කරයි. පණු රෝග නිසා හටගන්නා උදරයේ වේදනා දුරු කරයි. මල බද්ධය සුව කරයි. අර්ශස් රෝගයට ගුණදායකයි. ශරීරයේ විජලනය පාලනය කරයි. ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියාවට එරෙහිව සටන් කරයි. වයිරස් ආසාදන වලක්වයි දහදිය දුගඳ පාලනය කරයි. ප්‍රිතිඔක්සිකාරක ගුණය නිසා සම රැකදෙයි. සමේ රෝග පාලනය කරයි. සමේ පිළිකා ඇතිවීම වළක්වයි. නින්ද නොයන අවස්ථාවල ඖෂධයක් ලෙස භාවිතා කරයි. අතීසාර රෝගයට ගුණදායකයි. ආහාර දිරවීම හොඳින් සිදුකරයි. ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගුණය වැඩිකරයි. ගර්භාශයේ උෂ්ණත්වය පාලනය කරයි. ආතරයිටීස් රෝගයට ගුණදායකයි.



kolambage Aruna Nalaka Karunarathna

shared form www.sidadiya.lk

2 weeks ago

අපි කන පලතුරුවල ගුණ දන්නවා ද?

පැනි කොමඩු වියලි කලාපයේ බහුලව ඇති මෙම පලතුරු මෑතකදී මහජනතාව අතර ජනප්‍රිය වීමට පටන් ගත්තකි. පසුගිය කාලයේ සීතල යයි පවසා ශ්‍රී ලාංකික මහජනතාව ප්‍රතික්ෂේප කළ දෙයකි. මෙහි ඇති කැරොටීන් විශේෂයෙන් පිළිකා මර්දනය සඳහා ඉවහල් වන බව දැන් පැවසේ. එමනිසා බටහිර රටවල විශේෂයෙන් ඔස්‘ට්‍රේලියාව වැනි රටවල මේ පලතුරු සඳහා දැඩි ඉල්ලුමක්ද පවතී.



Miyuru Dilshan

shared form www.sidadiya.lk

2 weeks ago

ගෙදරදිම පුහුල් දෝසි හදමුද?

පුහුල් දෝසි (අංක 69) October 27, 2015 Food City අවශ්‍ය ද්‍රව්‍ය:- ● කිලෝ ග්‍රෑම් 2 1/2 ක් පමණ බර ඇති පුහුල් ගෙඩි 1 යි ● සීනි කිලෝ 1 යි ● කරදමුංගු කුඩු තේහැඳි 1 සාදන ක්‍රමය:- හොඳ පුහුල් ගෙඩියක් ගෙන මද සහ ඇට ඉවත් කර ගෑරප්පුවක්, ගේටරයකින් හෝ හිරමනයකින් ගාගන්න. අනතුරුව ලේන්සුවක් ආධාරයෙන් පුහුල් වල වතුර මිරිකා හැර බේසමකට දමාගන්න. වතුර නටවා ගා ගත් පුහුල් වලට උඩට සිටින සේ වත්කර භාජනයකින් වසන්න. ටික වේලාවකින් නැවතත් ලේන්සුවෙන් වතුර බේරාගන්න. තවත් වතුර ඇත්නම් ඒවාද බේරීමට එල්ලා තබන්න. ඉන්පසු හොදින් මිරිකා වතුර ඉවත් තරගත් පුහුල් හා සීනි තාච්චියට දමා ලිප තබා හැඳිගාන්න. පදමට එනවිට කරදමුංගු ආදි සුවඳ ද්‍රව්‍යන් ද දමන්න. තාච්චිය වටේ සීනි වියළී එන පදමේදි ලිපෙන් ඉවත්කර බන්දේසි ලෑල්ලක තුනී කරගෙන කැබලි කපාගන්න. දැන් එම කැබලි සීනි අතුරන ලද භාජනයකට දමා පෙරළා ගන්න. (හොඳ ලේන්සුවක්/ පිරිසිදු රෙදි කඩක් නැතිනම් වතුර බේරා හැරිය හැකි යමක් භාවිතා කරන්න.



D A Deshan Chathuranga

shared form www.sidadiya.lk

2 weeks ago

වම්බටු මෝජු රසට හදමු

අද මම ඔයාලට කියල දෙන්නෙ ඉක්මනින් වගේම පහසුවෙන් වම්බටු මෝජු හදන විදිහ . අවශ්‍ය ද්‍රව්‍ය වම්බටු කරල් 2ක් ලොකු ළූණු ගෙඩි 1 අමු මිරිස් කරල් 7ක් ගම්මිරිස් ඇට ටිකක් මිරිස් කුඩු ටිකක් අබ ඇට ටිකක් ලුණු විනාකිරි හෝ සියඹල ඉස්ම ටිකක් කුරුඳු පොත්තක් ඉඟුරු කැබැල්ලක් සීනි ටිකක් සාදා ගන්නා ආකාරය වම්බටු කරල ගෙන දික් අතට දෙකට පලන්න. ඉන්පස්සෙ තරමක් කුඩා කැබැලි වලට කපා ගන්න. ළූණු ගෙඩියත් ටිකක් මහතට ලියාගන්න. අමුමිරිස් ලොකු කෑලි හිටින්න කපා ගන්න. වම්බටු ගැඹුරු තෙලේ රන්වන්පාට වෙන්න බැදගන්න. ළූණු විනාඩියක් පමණ තෙම්පරාදු කරගන්න. අමුමිරිස් තත්පර 20ක් වගේ තෙම්පරාදු කරගන්න. ඉන්පසු ලී වන්ගෙඩියකට අබ ඇට ටික දමා එයට සියඹලා යුශ හෝ විනාකිරි ටිකක් දමා අඹරා ගන්න. එයටම ගම්මිරිස් ඇට, ලුනු, කුරුඳු , සීනි, මිරිස් කුඩු දමා හොඳින් අඹරා ගන්න. ඒ ආකාරයට හදාගත් පේස්ට් එක වීදුරු භාජනේකට දමා එයට තරමක් උකු දියරක් වන ආකාරයට විනාකිරි හෝ සියඹලා යුශ එක් කරන්න. දැන් මැටි වලඳකට මේ හදාගත් ද්‍රාවණයදමා නටන තුරු රත් කරගන්න. ඉන්පසු එයට කලින් බැදගත් සියල්ල එක්කර හොඳින් කලවම් කරන්න.



D A Deshan Chathuranga

shared form www.sidadiya.lk

2 weeks ago

අන්නාසි අච්චාරු හදමු

අන්නාසි අච්චාරු අවශ්‍ය ද්‍රව්‍ය හොඳට පැහුණු අන්නාසි ගෙඩියක් පැහුණු අඹ ගෙඩි 3ක් විනාකිරි ලීටර් 1/2 සියඹලා යුෂ මේස හැඳි 1 සීනි මේස හැඳි 1 සූදුරු තේ හැඳි 1/2 මාදුරු තේ හැඳි 1/2 අබ ග්‍රෑම් 50 ලුණු ටිකක් මුලින්ම අන්නාසි ගෙඩිය පොතු ඇරලා තීරු වලට කපාගන්න අඹ ගෙඩියත් ඒ වගේම කපන්න. විනාකිරි ටික ලිපේ තියලා උතුරනකොට අඹ කෑලි දාලා විනාඩි 2ක් විතර තැම්බෙන්න තියන්න. අන්නාසි තම්බන්න ඕනෙ නෑ. දැන් සූදුරු, මාදුරු හා කුඩු කරගත්තු අබ විනාකිරෙන් අඹරගන්න. වෙන භාජනයකට තීරු විදියට කපාගත්තු අඹ හා අන්නාසි ටික දාලා අබ හා ඉතිරි විනාකිරි, ලුණු, සීනි, සූදුරු මාදුරු මිශ්‍රණය හා සියඹලා ටික එකතු කරලා පොල්කටු හැන්දකින් කලවම් කරගන්න.



D A Deshan Chathuranga

shared form www.sidadiya.lk

2 weeks ago

වටලප්පන් හදමු

Watalappan (වටලප්පන් ) Recipe 1.6 eggs(බිත්තර ) 2.250 gram pal jaggery. (හකුරු ) 3.2 cup coconut milk(පොල් කිරී ) 4.70 gram brown suger(දුබුරු සීනි ) 5.1tsp cardamon powder(කුරුදු කුඩු ) 6.vanila pod(වැනිලා ) 7.1/2 cup water(වතුර ) 8 50 gram chopped cashews nuts(කජු ) සාදන ක්රමය 1. Oven එක 120 c දමාන්න. 2බඳුනකට ජලය වත් කර අඩු තාපයක් මත හකුරු එකතු කරගන්න. . 3. හකුරු දීය ව් ගිය පසු , එය ඉවත් කර සිසිල් වීමට ඉඩ දෙන්න. 4. බිත්තරය බීට් කරන්න ඉන්පසු ක්‍රමයෙන් එයට උණු කළ හකුරු සහ පොල් කිරී එකතු කරන්න. .. 5. එනසාල් කුඩු, වැනිලා සහ දුඹුරු සීනිද එකතු කරන්න 6. මිශ්‍රණය තැටියකට දමාන්න. ඉන්පසු වතුර පුරවන ලද වෙනත් තැටියක් තුල අපි වටලප්පන් එකතු කරපු තැටිය තබන්න 7 oven එකට දමා විනාඩි 50ක් වගේ bake කරගන්න.. 8.එය සිසිල් කිරීමට ශිතකරන්‍ය තුලට දමාන්න. 10. කැඩුණු කජු සමග සහ වැනිලා අයිස්ක්‍රීම් සමඟ මෙය sarve කර හැකිය. මෙම අතුරුපස සිසිල්ව හා උණුසුම් පිළිගැන්විය හැක.



WW Upul Rohana

shared form www.sidadiya.lk

2 weeks ago

NEW RAJARATA FOODS

Meat Curry Powder , Soya Meat



WW Upul Rohana

shared form www.sidadiya.lk

2 weeks ago

Cashew Sri Lanka

අවන් කරන ලද හෝ නොකරපු හොදම තත්වයේ ලංකාවේ කජු ඔ⁣බගේ ගෙදරටම, වෙලද සැලට , ව්‍යාපාරික ස්ථානයට , හොටෙල් එකට ගෙන්වා ගන්න( Free delivery ) අදම අපට අමතන්න. 071 1245003 / 076 6148611



Ayomi Udeshika

shared form www.sidadiya.lk

2 weeks ago

මාරි බිස්කට් වලින් වෙනස්ම කෑමක්

තෙත් නැති බිස්කට් එකක්. මේකෙන් ඩෙසර්ට් එකක් හදන්න හිතුවත් බිස්කට් පුඩින් එහෙකට වඩා වෙන දෙයක් මතක් වෙන්නෙත් නෑ. අද අපි ඔයාලට ගේන්නේ මේ මාරි බිස්කට් වලින් හදාගන්න පුළුවන් වෙනස් දේවල් ටිකක්. ලේසියෙන් හදන්න පුළුවන් මේ කෑම ඔයාලත් හදලම බලන්න. Sinhala Read Redirect Marie Biscuit No-Bake Cake අවශ්‍ය ද්‍රව්‍ය මිල්ක් චොකලට් 300g කිරි මේස හැඳි 2 බටර් 125g මාරි බිස්කට් 125g කජු 50g වියලි මිදි 25g චොකලට් සහ කිරි බාජනයකට දමා රත් වෙන්න තබන්න. එයටම බටර් එක් කර චොකලට් සහ බටර් දිය කරගෙන ලිපෙන් ඉවතට ගන්න. මෙයට කුඩාවට කඩාගත් බිස්කට්, කපාගත් කජු සහ වියළි මිදි එක් කරගන්න. හොඳින් බටර් තැවරූ කේක් තැටියක දමා අවම පැය 4ක් ශීතකරණයේ තබාගන්න. වෙනම චොකලට් 100gක් ගෙන කිරි මේස හැඳි දෙකක්, බටර් මේස හැඳි දෙකක් දමා පෙර පරිදිම දිය කරගෙන ශීත කරගත් බිස්කට් කේක් එක උඩට වත් කර නැවත පැය දෙකක් පමණ ශීත කර තැටියෙන් ඉවතට ගෙන පිළිගන්වන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

2 weeks ago

මාරි බිස්කට් වලින් වෙනස්ම කෑමක්

Biscuit Fudge Brownies අවශ්‍ය ද්‍රව්‍ය මිල්ක්මේඩ් 200g මාරි බිස්කට් 20ක් 25ක් චොකලට් පව්ඩර් මේස හැඳි 2 1\2 අයිසින් සීනි මේස හැඳි 1 රෝස්ට් කර පොඩියට කඩාගත් කජු කප් 1\4 බිස්කට් ටික ගොඩක් කුඩාවට කඩා බෝල් එකකට දමා ගන්න. එයට චොකලට් පව්ඩර්, සීනි, කජු එක් කර මිශ්‍ර කර මිල්ක්මේඩ් ටිකත් දමා හොඳින් මිශ්‍ර කරන්න. බටර් ගාගත් තැටියකට මිශ්‍රණය දමා අතින් හෝ පැතලි හැන්දකින් හොඳින් තද කරගන්න. රැයක් ශීතකරණයේ තබා කොටු කපා පිළිගන්වන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

2 weeks ago

මාරි බිස්කට් වලින් වෙනස්ම කෑමක්

Marie Biscuit Milkshake අවශ්‍ය ද්‍රව්‍ය කිරි වීදුරු 3\4 මාරි බිස්කට් 5ක් චොකලට් පව්ඩර් තේ හැන්දක් සීනි තේ හැඳි 1 1\2 අයිස් ක්‍රීම් මේස හැඳි 1 1\2 බිස්කට් ටික බ්ලෙන්ඩරයක දමා කුඩු කරගන්න. එයටම අනෙකුත් සියළුම දේ එක් කර නැවත බ්ලෙන්ඩ් කරගන්න. හොඳින් ශීත කර පිළිගන්වන්න. චොකලට් පව්ඩර් වෙනුවට අවශ්‍ය නම් ස්ට්‍රෝබෙරි හෝ කෙසෙල් එක් කර වෙනස් රසයකට හදාගන්නත් පුළුවන්.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

2 weeks ago

මාරි බිස්කට් වලින් වෙනස්ම කෑමක්

Marie Biscuit Chocolate Roll අවශ්‍ය ද්‍රව්‍ය මාරි බිස්කට් 15 අයිසින් සීනි කප් 1\2ක් සහ මේස හැන්දක් වෙනම චොකලට් පව්ඩර් මේස හැඳි 1\12 කිරි ඩෙසිකේටඩ් පොල් කුඩු කර කප් 1\4 (වියළි පොල්) දියකරගත් බටර් මේස හැඳි 1 1\2 වැනිලා ස්වල්පයක් මාරි බිස්කට් ටික කුඩු කරගන්න. එයට චොකලට් පව්ඩර් සහ අයිසින් සීනි මේස හැන්දක් දමා මිශ්‍ර කරගන්න. කිරි ටික ටික එක් කරමින් රොටි පදමට එන තුරු අනාගන්න. කුඩු කරගත් ඩෙසිකේටඩ් පොල් ටික ගෙන එයට ඉතිරි සීනි කප් 1\2, වැනිලා සහ බටර් එක් කර මිශ්‍ර කරගන්න. බිස්කට් මිශ්‍රණය ගෙන ලන්ච් ශීට් එකක් උඩ රොටියක් ආකාරයට තුනී කරගෙන එයට උඩින් පොල් මිශ්‍රණය අතුරාගන්න. ලන්ච් ශීට් එකේ කෙලවරකින් අල්ලා මෙය ප්‍රවේසමෙන් රෝල් කරගන්න. ෆොයිල් එකකින් ඔතා පැය 4ක් ශීතකරණයේ තබා එළියට ගෙන ෆොයිල් එක ඉවත් කර පෙති කපාගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

2 weeks ago

මාරි බිස්කට් වලින් වෙනස්ම කෑමක්

Steamed Biscuit Cake අවශ්‍ය ද්‍රව්‍ය බටර් 150g සීනි 120g බිත්තර 3 කුඩු කරගත් මාරි බිස්කට් 150g බේකින් පව්ඩර් තේ හැඳි 1\4 ලුණු තේ හැඳි 1\4 චොකලට් චිප්ස් හෝ චොකලට් පව්ඩර් සීනි සහ බටර් හොඳින් බීට් කරගන්න. එයටම බිත්තර එකින් එක එක් කරමින් බීට් කරගන්න. මෙයට ලුණු, බේකින් පව්ඩර් සහ මාරි බිස්කට් එක් කර මිශ්‍ර කරගන්න. මෙයට චොකලට් චිප්ස් ටික හෝ පව්ඩර් එක් කර මිශ්‍ර කරගන්න. බටර් ගාගත් බෝල් එකකට දමා විනාඩි 30ක් ස්ටීම් හෝ ඩබල් බොයිල් කරගන්න.



Miyuru Dilshan

shared form www.sidadiya.lk

2 weeks ago

ගෙදරදීම බූන්දි හදමුද.

පැණි බූන්දි ගෙදරදිම පිරිසිදුව හදමුද අපි කඩේන් අරන් අපි කන එවාට වඩා ඉක්මනටම අපිට පිරිසිදුව රසට ගෙදරම හදාගන්න පුලුවන්. අවශ්‍ය ද්‍රව්‍ය: 🍁කැකුළු හාල් පිටි 150g 🍁පිටි 100g 🍁කඩල පිටි 50g (මම නම් ගත්තේ පාන් පිටි විතරයි) 🍁සීනි 150g 🍁බේකින් පවුඩර් තේ හැදි 2 🍁කැමති වර්ණයක් 🍁වතුර 🍁තෙල් සාදන ක්‍රමය : 💐 පළමුව සීනි හා වතුර එකතු කර ගෙන පෑන් එකක් ලිප තබා උණු කරන්න. අවශ්‍යනම් 💐දැන් බූන්දි මිශ්‍රණය සාදමු: 💐කැකුළු හාල් පිටි, පිටි, කඩල පිටි, බේකින් පවුඩර් තේ හැදි 2ක් පමණ දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න.( කැමති නම් පාන් පිටි 300ක් අරගන එකට තේ හැදි දෙකක් බෙකින් පවුඩර් දාගන්න) දැන් එයට වතුර ටික ටික දමමින් ගොඩාක් ඝනකම් නොවන ලෙසත් ගොඩාක් සිනිදු නොවන ලෙසත් වතුර දමමින් හොදින් මිශ්‍ර කර ගන්න. දැන් මෙයට කැමති වර්ණකයක් දාගන්න මම රතු පාට දැම්මේ



Ayomi Udeshika

shared form www.sidadiya.lk

2 weeks ago

රසම රස සලාදයක් හදමු ද?

වත්තෙ හැදෙන දඹල කරලක් සලාදයක් හදාගෙ​නම කන්න තියනවනම් කැමතිද? එහෙනම් හැමදාම කරන විදියෙන් බැහැරට ගිහිල්ලා අද දඹල වලින් සලාදයක් හදලා කමු. අවශ්‍ය ද්‍රව්‍ය ලපටි දඹල ග්‍රෑම් 200ක් රතු ළූණු ග්‍රෑම් 50ක් කොච්චි කරලක් ගම්මිරිස්කුඩු තේ හැන්දක් ලුණු ටිකක් දෙහි යුෂ ටිකක් අන්නාසි කැබලි ටිකක් තක්කාලි ගෙඩි 2ක් දඹල ටික සුද්ද කරලා සෝදලා අරන් කොළ පාට ගතිය නැති වෙන්න නොදී විනාඩි 2ක් වගේ තම්බගන්න. දැන් දඹල ටික හීනියට කපාගන්න. රතුළූණු, කොච්චි හීනියට කපාගන්න. තක්කාලි හා අන්නාසි කොටුවට කපාගන්න. බෝල් එකක් අරන් මේ ඔක්කොම ටික කලවම් කරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කෑමට ගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

2 weeks ago

රසම රස සලාදයක් හදමු ද?

හැමදාම සලාද හදන්න ගන්නෙ එක්කො එළවළු, නැත්තන් සැමන් වගේ දෙයක්. ඒ නිසාම එකම විදිහෙ සැලඩ් කාලා එපා වෙලානම් අද අපි අළුත් සැලඩ් රෙසිපි එකක් දෙන්නම් ට්‍රයි කරලා බලන්න. රස අපිටත් කියන්න ඕනෙ හොඳේ. අවශ්‍ය ද්‍රව්‍ය වම්බටු ග්‍රෑම් 500ක් කපාගත් බී ළූණු ගෙඩි 3ක් කපාගත් මාළු මිරිස් කරල් 4ක් කපාගත් තක්කාලි ගෙඩි 2ක් කපාගත් අන්නාසි කැබලි ටිකක් අඹ චට්නි මේස හැඳි 3ක් තක්කාලි සෝස් මේස හැඳි 2ක් මිරිස්කුඩු මේස හැන්දක් ලුණු හා ගම්මිරිස් රස අනුව මුලින්ම වම්බටු ගෙඩියට හීනි පෙති කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්න. බෝල් එකක් අරගෙන ඒකට අඹ චට්නි ටික, තක්කාලි සෝස්, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාගෙන හොඳට කලවම් කරගන්න. දැන් කපාගත් ළූණු, අන්නාසි, තක්කාලි හා මාළු මිරිස් දාගන්න. අන්තිමට බැදගත් වම්බටු ටික එකතු කර රස බලන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

2 weeks ago

රසම රස සලාදයක් හදමු ද?

එක එක විදියෙ කෑම කන අතරෙ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනෙ නේ. ශරීරයට ගුණදායක කරවිල වලින් හදන සලාදයක් තමයි මේ. කාලා බලන්නකො තිත්තයි කියලා අහක දාන්නේ ඇත්තටම බෙහෙත් මේ. අවශ්‍ය ද්‍රව්‍ය කරවිල ග්‍රෑම් 500 සිහින්ව ලියාගත් බී ළූණු ග්‍රෑම් 100 සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 4ක් සිහින්ව ලියාගත් තක්කාලි ගෙඩි 1ක් සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොළ ග්‍රෑම් 30ක් දෙහි ගෙඩියක යුෂ ෆිශ් සෝස් මේස හැන්දක් චිලි පේස්ට් මේස හැන්දක් මුලින්ම පෙති කපාගත් කරවිල ටික ගැඹුරු තෙලේ බැදගන්න. ඊට පස්සෙ කපාගත් තක්කාලි ටික බැදගන්න. කොත්තමල්ලි කොළ ටිකත් ලාවට බැදගන්න. දැන් බෝල් එකක් අරගෙන ඒකට ලියාගත් බී ළූණු, අමුමිරිස් දාලා ඒකට චිලී පේස්ට් එකතු කරලා හොඳ​ට කලවම් කරගන්න. දැන් දෙහි යුෂ ටික දාලා ෆිශ් සෝස් දාගන්න. අන්තිමට කරවිල ටිකයි බැදගත් තක්කාලි හා කොත්තමල්ලි කොළ ටික එකතු කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

2 weeks ago

රසම රස සලාදයක් හදමු ද?

ටිකක් වෙනස් රසකට සලාදයක් කන්න ආස අය ට්‍රයි කරලා බලන්න. මේ සැලඩ් එක කූල් එකේ තමයි කන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය අර්තාපල් අල ගෙඩි 3ක් කැරට් අල 2 ග්‍රීන්පීස් ග්‍රෑම් 250 බෝංචි කරල් 8ක් පමණ මයෝනිස් මේස හැඳි 5 පොඩි අන්නාසි ගෙඩියක් ලුණු ස්වල්පයක් ගම්මිරිස්කුඩු මුලින්ම අල, කැරට් කොටුවට කපා ගන්න. අල ටික කූල් වතුර එකක පෙඟෙන්න තියන්න. අන්නාසි ගෙඩිය පොතු ​ඇර කොටුවට කපාගන්න. බෝංචි ටික හීනියට වගේ කපා ගන්න. කැරට් ටික විනාඩි 2ක් තම්බගන්න. ඒක අයින් කරලා ඒ වතුරටම බෝංචි ටික විනාඩි 2ක් තැම්බෙන්න දෙන්න. ඒක අයින් කරලා ග්‍රීන්පීස් ටික විනාඩි 2ක් තම්බගන්න. අන්තිමට අල ටික තැම්බෙන්න තියන්​න විනාඩි 3ක් විතර. හො​ඳට තැම්බුනාම වතුරෙන් පෙරාගන්න. දැන් බෝල් එකක් අරන් ඒකට තම්බගත්තු අල, කැරට්, බෝංචි, ග්‍රීන්පීස් හා අන්නාසි ටික දාගන්න. ලුණු ස්වල්පයක් එකතු කරන්න. ගම්මිරිස්කුඩු ඇති පදම් දාගන්න. දැන් මයෝනිස් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

2 weeks ago

රසම රස සලාදයක් හදමු ද?

එළවළු වලින්ම විතරක් මොකටද සලාද හදලා. අපි බිත්තර වලිනුත් හදමුකෝ. ඔව් ඇත්තටම බිත්තර සලාද හරිම රසයි. අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් බිත්තර 4ක් කොටුවට කපාගත් බී ළූණු ගෙඩි 2ක් කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 2ක් හීනියට කපාගත් ළූණු කොළ ටිකක් ලුණු හා ගම්මිරිස්කුඩු තම්බාගත් බිත්තර ටික පරිස්සමට කොටුවට කපාගන්න. දැන් බෝල් එකක් අරගෙන ඒකට ළූණු හා තක්කාලි දාලා ලුණු, ගම්මිරිස් එකතු කරලා හොඳ​ට කලවම් කරන්න. කැමති අය දෙහි යුෂ ටිකකුත් දාගන්න. දැන් මේකට කපාගත් බිත්තර ටික හා ළූණු කොළ ටික දාලා කලවම් කරලා කෑමට ගන්න.



kolambage Aruna Nalaka Karunarathna

shared form www.sidadiya.lk

2 weeks ago

බදුල්ලේ බලන්න ලස්සන තැනක්

බෝගොඩ ලී පාලම බදුල්ල නගරයේ ඉඳලා කි. මි 7ක් විතර බටහිර පැත්ටට ගියාම කැටවාවල බෝගොඩ ප්‍රදේශයේ තමයි මේ ඓතිහාසික ලී පාලම පිහිටලා තියෙන්නෙ. පෞරාණික වටිනාකමක් ඇති මේ පාලම දවසේ ඕනෑම වෙලාවක නරඹන්න හැකියාව තිබෙනවා.16 වෙනි ශතවර්ෂයේ දඹදෙණිය යුගයේ ඉදිකළා යැයි සැලකෙන මේ ලී පාලමෙන් එම යුගයේ දැව ශිල්පයේ විශිෂ්ටත්වය මනාව පිළිබිඹු කරනවා. ඒ වගේම මේකේ තියෙන තවත් විශේෂයක් වෙන්නෙ මේ පාලම හදන්න උපයෝගී කරගෙන තියෙන සියළුම ඇණ ලී වලින් හදපුවා වීමයි.



Buddika Gamage

shared form www.sidadiya.lk

2 weeks ago

චිලි චිකන්

BrandToggle navigation චිලි චිකන් - Recipe October 11, 2018 3,298 Chilli Chicken Recipe Share this article Tweet this article අවශ්‍ය ද්‍රව්‍ය : කුකුල් මස් බ්‍රෙස්ට් කොටස් -2 ලොකු ළූණු - 250g කෑලි කපන ලද වියළි මිරිස් කරල් - 7 කපන ලද ඉඟුරු -50g කපන ලද සුදුළුණු -50g චිලි පේස්ට් තේ හැඳි - 2 සිනි තේ හැඳි -1/2 ලුණු රස පදමට සෝයා සෝස් මේස හැඳි -1 තක්කාලි සෝස් මේස හැඳි -4 කෝන් පිටි -100g බිත්තර -2 ගම්මිරිස් කුඩු තේ හැඳි -2 1/2 මස් බැද ගැනීමට තෙල් ළූණු කොළ අඟලේ කැලි ටිකක් සාදන ක්‍රමය : 01. කුකුල් මස් හීනි පෙති ආකාරයට කපා ගෙන බිත්තර, ගම්මිරිස්, ලුණු දමා සීසන් කර ගන්න. 02. එයට කෝන් පිටිද එක්කර කලවම් කරගෙන රත් වු ගැඹුරු තෙලේහි විනාඩි 3ක් පමණ බැදගන්න. 03. වෙනම භාජනයක් ලිපේ තබා එයට හීනියට කපාගත් ඉඟුරු, සුදුළුණු සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා ඉන්පසු සෝයා සෝස්, තක්කාලි සෝස් සහ බැදගත් කුකුල් මස් මිශ්‍ර කර ගන්න. 04. ඉන් පසුව ළූණු කොළ උඩින් දමන්න



Buddika Gamage

shared form www.sidadiya.lk

2 weeks ago

බිත්තර රොටි

පාන් පිටි කෝප්ප 2 ලුණු තේ හැදි 1ක් තෙල් මේස හැදි 4ක් වතුර කෝප්ප 1 ගම්මිරිස් මේස හැදි 1ක් බිත්තර 7ක් මුලින්ම බදුනකට පාන් පිටි දමා එයට ලුණු තේ හැදි 1 හා තෙල් මේස හැදි 1ක් දමා කවලම් කරගන්න. ම්ශ්‍රණය හොදින් කවලම් වු පසු ටිකෙන් ටික වතුර එකතු කරගන්න. පසුව නැවත තෙල් මේස හැන්දක් එකතු කරගන්න. නැවත කවලම් කර පිටි මෝලිය බෝල 7කට ගුලි කරගන්න. එය තැටියක අසුරා ඒ සියල්ලම ඉතිරි වු තෙල් වල තවරා ගන්න. දැන් එය ආවරනය කර පැය 2 පමන තැබූ පසු එක බැගින් ගෙන ඉතාමත් සිහින් වන ලෙස තුනී කරගන්න. අනතුරු එය රත් වු රොටී තැටියක තබා ඒ සමගම බිතරයක් එකතු කරගන්න. බිත්තරය මතට ලුණු ගම්මිරිස් ස්වල්පයක් දමා කුඩා හැන්දකින් බිත්තරය රොටිය මතදී කවලම් කරගන්න. (රොටිය නොකැඩෙන පරිදි) මේ අතර ඔබ කැමති නම් සිහින්ව කපාගත් කැරට්, ලීක්ස්, අමු මිරිස් ස්වල්පයක් එකතුකර ගැනීමෙන් තවත් රසකර ගත හැක. මීලගට බිතරය වැසෙන පරිදි රොටියේ කොන් හතරින් ඇතුල් පැත්තට නවාගන්න. ටික වෙලාවකින් රොටිය අනිත් අත හරවා පිසුනු පසු තැටියෙන් බාගන්න.



Buddika Gamage

shared form www.sidadiya.lk

2 weeks ago

මුරැංගා සුප්

මුරුංගා සුප් කියන්නේ ඉහළ පෝෂණ ගුණයෙන් යුතු සුප් එකක්. මේ සුප් එක ගෙදරදී හදලා රස බලමු. අවශ්‍ය ද්‍රව්‍ය : මුරුංගා කරල් 3ක් පොඩියට කපා ගත් අර්තාපල් 50g පොඩි කර ගත් සුදු ළූණු තේ හැඳි 1/2 කපා ගත් ළූණු තේ හැඳි 1 ලුණු කුඩු තේ හැඳි 1/2 පොල් තෙල් තේ හැඳි 1/2 වතුර 300ml සාදන ක්‍රමය : 1. පළමුව මුරුංගා කරල් දෙකට පලා මදය තේ හැන්දකින් සූරා ගන්න. 2. ඉන්පසුව භාජනයක් ලිප තබා එයට තෙල් දමා, ළූණු සහ සුදු ළූණු දමා රන්වන් පැහැවන විට මුරුංගා මද සහ අල දමා වතුර එකතුකර විනාඩි 15 ක් පමණ තම්බාගන්න. 3. මුරුංගා මිශ්‍රණය නිවෙන්නට තබා පසුව බ්ලෙන්ඩර් කර පෙරාගන්න. 4. එයට ලුණු එකතු කර නැවත රත් කරන්න.



Buddika Gamage

shared form www.sidadiya.lk

2 weeks ago

බිත්තර ඩෙවල්

හැමදාම කන චිකන් ඩෙවල් එකට නිවාඩුවක් දීල බිත්තර ඩෙවල් එකක් ගෙදරදීම හදමු. අවශ්‍ය ද්‍රව්‍ය : තම්බා ගත් බිත්තර 3ක් තම්බා පොඩි කර ගත් අල ගෙඩි 1/2 බටර් ස්වල්පයක් කඩා ගන්නා ලද බිත්තරයක් පාන් කුඩු ස්වල්පයක් ගැඹුරු තෙලේ බැදීමට තෙල් ලුණු සහ ගම්මිරිස් රස අනුව සාදන ක්‍රමය : 01. මුලින්ම තම්බා ගත් බිත්තර දෙකට කපා කහ මදය ඉවත් කරගන්න. 02. භාජනයක් ගෙන කහ මද ටික හොඳින් පොඩි කර ගෙන පොඩි කර ගත් අල එකතු කර හොදින් මිශ්‍ර කරන්න. 03. එයට බටර් ස්වල්පයක් ද එක්කර ලුණු ගම්මිරිස් එකතු කර හොඳින් පොඩිකර කවලම් කර පසෙකින් තබා ගන්න. 04. පසුව බිත්තර සුදු මද 3 ගෙන කඩා ගන්නා ලද බිත්තරයෙන් දවටා පාන්කුඞු වල දවටා ගැඹුරු තෙලේ ඉතාම ප්‍රවේශමෙන් බැදගන්න. 05. විනාඩි දෙකක් පමණ බැඳුණු පසු එම බිත්තර සුදු මද එළියට ගෙන පිඟානක අතුරන්න. 06. සදා ගත් කහ මද මිශ්‍රණය බැදගත් සිදුමද වලට පුරවන්න. 07. කැමති නම් සැරසීමට මිරිස් කුඩු ටිකක්, පාස්ලි කොල හෝ සිහින්ව කපාගත් කරපින්චා කොල ටිකක් උඩින් ඉසින්න පුලුවන්.



Miyuru Dilshan

shared form www.sidadiya.lk

2 weeks ago

නිවසේදීම රසවත් පැණි ආප්ප.

කඩෙන් ගන්න පැණි ආප්ප ගොඩක් වෙලාවට වියළි බවින් යුතු නිසා ගෙදරදීම පිරිසිදුවට රසට පැණි ආප්ප කැමැත්තෙන් සිටියා නම් මෙන්න රස වෑහෙන පැණි ආප්ප කෑම වට්ටෝරුවක්- අවශ්‍ය ද්‍රව්‍ය කැකුළු හාල් 350g පොල් කිරි රස අනුව පැණි ඊස්ට් තේ හැදි 1 ආප්ප සෝඩා තේ හැදි 1/4 බිත්තර 4 ලුණු ස්වල්පයක් සාදන අයුරු කැකුළු සහල් සෝදා රැයක් පෙඟෙන්නට තබන්න, පසුව හාල් ටික බ්ලෙන්ඩර් එකට දමා හාල් වැසෙන ප්‍රමාණයට පොල් කිරි දමා රස අනුව ලුණු සහ ඊස්ට් එකතුකර හොදින් බ්ලෙන්ඩර් කරගන්න. පසුව එය වෙනත් භාජනයකට පෙරනයකින් පෙරා ගන්න. පිටි මිශ්‍රණය උකු ගතියෙන් වැඩිනම් තවත් පොල් කිරි ටිකක් දමා කලවම් කර පැය 4ක් පමණ පිපෙන්න තබන්න. හොදින් වසා තබන්න. පැය 4ට පසුව බිත්තර එම මිශ්‍රණයට එකතු කරගන්න. රස අනුව පැණි ද ආප්ප සෝඩා ද එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. දැන් සාමාන්‍යයෙන් ආප්ප උයාගන්න ආකාරයට මිශ්‍රණය ආප්ප තාච්චියට දමා තාච්චියේදීම ආප්පය බෑමට පෙර ආප්පය මැදට හකුරු හෝ පැණි ස්වල්පයක් දමා ආප්පය දෙකට නමාගන්න. පැණි වෙනුවට කුඩු කරගත් හකුරු හෝ සීනි ද යොදා ගත හැක. තද දුඹුරු පාටට අවශ්‍ය නම් සීනි කැරමල් ටිකක් එක්කර ගත හැකියි.



Senarath Konara

shared form www.sidadiya.lk

2 weeks ago

තුන පහ කුඩු

Obata awasya siyaluma thuna paha kudu miris kudu



Senarath Konara

shared form www.sidadiya.lk

2 weeks ago

සොයා මිට්

Obata awasya warga resakin rajarata soya mite



Senarath Konara

shared form www.sidadiya.lk

2 weeks ago

බැදපු හාල් පිටි

නිව් රජරට wethin obata obage sillara badu kadayata awasya siyalu de



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

⁣රසම රස මෝජුවක් හදමු ද?

පොලොස් මෝජු අවශ්‍ය ද්‍රව්‍ය පොලොස් 200g අවශ්‍ය ප්‍රමාණයට හාල්මැස්සන් මළුමිරිස් කරල් 2ක් හෝ 3ක්(රවුමට කපාගත්) අමු මිරිස් කරල් 3ක් හෝ 4ක්(දෙකට මැදින් පලාගත්.) ලූනු 50g(දිග පෙති හැඩයට කපාගත්) අඹරාගත් අබ තේ හැදි 2 ක් මිරිස් කුඩු තේ හැදි 1 ක් අඹ චට්නි මේස හැදි 2 ක් සීනි මේස හැදි 2 ක් ලුණු අවශ්‍ය ප්‍රමාණයට විනාකිරි අවශ්‍ය ප්‍රමාණයට සාදාගන්නා ආකාරය පොලොස් අගල් 1/2 ක් වන සේ කොටු ආකාරයට කපාගන්න. එය විනාකිරි, වතුර, සීනි , ලුණු එකතුකර තම්බාගන්න. මාළුමිරිස් , අමුමිරිස් , ලූනු ටිකද තම්බා පසෙකින් තබන්න. භාජනයක් ගෙන එයට අබ, මිරිස් කුඩු, චට්නි, සීනි, අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ විනාකිරි එකතු කර එයට තම්බා ගත් පොලොස් සහ ලූනු, මාළුමිරිස් , අමුමිරිස් එකතු කරන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස මෝජුවක් හදමු ද?

බටු මෝජු අවශ්‍ය ද්‍රව්‍ය තලන බටු 200g මිරිස් කුඩු මේස හැදි 1 ක් සීනි මේස හැදි 2 ක් විනාකිරි මේස හැදි 3 ක් පමණ කහකුඩු ස්වල්පයක් ලුණු අවශ්‍ය ප්‍රමාණයට අබ මේස හැදි 1 ක්(අඹරාගත්) රතුලූනු 50g අමුමිරිස් කරල් 4 ක් හෝ 5ක්(දෙකට පලාගත්) මාළුමිරිස් කරල් 2 ක් හෝ 3ක් (රවුමට කපාගත්) අඹ චට්නි මේස හැදි 1 ක් බැදගත් හාල්මැස්සන් ස්වල්පයක් සාදාගන්නා ආකාරය තලනබටු සෝදා නැට්ට වෙන් නොවනසේ හතරට පලාගන්න. එහි ඇට ඉවත් කර කපා ලුණු අතගා ගැඹුරු තෙලේ බැදගන්න. භාජනයක් ලිප තබා එයට විනාකිරි, චට්නි, සීනි, මිරිස් කුඩු, කහකුඩු, අබ සියල්ල එකතුකර හැදිගාමින් විනාඩි 3ක් පමණ මදගින්නේ පිසගන්න. ඉන්පසු සුද්දකර ගත් රතුලූනු, කපාගත් අමුමිරිස්, මාළුමිරිස් එකතුකර ලිපෙන් බා බැදගත් තලනබටු එකතු කරන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස මෝජුවක් හදමු ද?

කැරට් මෝජු අවශ්‍ය ද්‍රව්‍ය කැරට් 200g මාළුමිරිස් කරල් 2 ක් හෝ 3ක්(දිගටි පෙති කපාගත්) අමුමිරිස් කරල් 3ක් හෝ 4ක්(දිගටි රවුමට කපාගත්) රතුලූනු 50g අඹරාගත් අබ තේ හැදි 2 ක් මිරිස් කුඩු තේ හැදි 1 ක් චට්නි මේස හැදි 1 ක් සීනි මේස හැදි 2 ක් ලුණු අවශ්‍ය ප්‍රමාණයට විනාකිරි අවශ්‍ය ප්‍රමාණයට සාදාගන්නා ආකාරය කැරට් අගල් 1ක් පමණ දිගට සෙන්ටිමීටරයක් පමණ පළලට සිහින්ව කපාගන්න. එය විනාකිරි, වතුර, සීනි, ලුණු එකතුකර තම්බාගන්න. මාළුමිරිස්, අමුමිරිස්, ලූනු ටිකද තම්බා පසෙකින් තබාගන්න. භාජනයක් ගෙන එයට අබ, මිරිස් කුඩු, චට්නි, සීනි අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ විනාකිරි එකතුකර එයට තම්බා ගත් කැරට් සහ ලූනු අමුමිරිස්, මාළුමිරිස් එකතු කරන්න..



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස මෝජුවක් හදමු ද?

ඇපල් අන්නාසි මෝජු අවශ්‍ය ද්‍රව්‍ය ඇපල් 100g අන්නාසි 100g අමුමිරිස් කරල් 4ක් හෝ 5ක් අඹරාගත් අබ මේස හැදි 1 ක් මිරිස් කුඩු තේ හැදි 1 ක් විනාකිරි කෝප්ප බාගයක් සීනි මේස හැදි 1 ක් අඹ චට්නි මේස හැදි 1 ක් අවශ්‍ය ප්‍රමාණයට ලුණු සාදාගන්නා ආකාරය පළමුව අන්නාසි හා ඇපල් කොටු හැඩයට කපාගන්න. නැත්නම් සිහින්ව දිගට කපාගන්න. ඉන්පසු සියලු අමුද්‍රව්‍ය එකතු කර කලවම් කර රසවිදින්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස මෝජුවක් හදමු ද?

වම්බටු මෝජු අවශ්‍ය ද්‍රව්‍ය වම්බටු 200g බීලූනු ගෙඩියක්(දිගටි හැඩයට කපාගත් ) රතුලූනු 30g අමුමිරිස් කරල් 5 ක් හෝ 6ක්(මැදින් පලාගත් ) මාළුමිරිස් කරල් 2 ක්(රවුමට කපාගත්) අබ මේස හැදි 1 ක් (විනාකිරෙන් පොගවා අඹරාගත් ) මිරිස් කුඩු තේ හැදි 1 ක් විනාකිරි කෝප්ප බාගයක් පමණ සීනි මේස හැදි 2 ක් අඹ චට්නි මේස හැදි 1 ක් ලුණු අවශ්‍ය ප්‍රමාණයට තක්කාලි සෝස් මේස හැදි 1 ක් බැදගැනීමට අවශ්‍ය තෙල් බැදගත් හාල්මැස්සන් ස්වල්පයක් සාදාගන්නා ආකාරය වම්බටු හොදින් සෝදා සිහින් තීරු කපා කහ ලුණු අතගා ගැඹුරු තෙලේ බැදගන්න. එය තෙල් බේරෙන්නට පසෙකින් තබා අමුමිරිස්, රතුලූනු, මාළුමිරිස් රතවූ තෙලට දමා පාට වෙනස් නොවන සේ බැදගන්න. භාජනයක් ගෙන එයට අබ, මිරිස් කුඩු, ලුණු, විනාකිරි, සීනි, චට්නි, තක්කාලි සෝස් මේ සියල්ල හොදින් මිශ්‍ර කරන්න. ඉන්පසු එයට බැදගත් බටු සහ ලූනු , අමුමිරිස්, මාළුමිරිස් එකතු කරන්න. ( බැදගත් හාල්මැස්සන් එකතු කරනේනම් වඩාත් රසවේවි.)



WW Upul Rohana

shared form www.sidadiya.lk

1 week ago

Color String Hoppers

ඉදි ආප්ප ස්වාභාවික වර්ණ රැසකින්.... එක් වර්ණයකින් අවම ඉදි ආප්ප 200ක් (එකක් 4/-) ඇනවුම් කල යුතුයි... දරුවන්ගේ උපන්දින සාදයන් සදහා කදිමයි.... අමතන්න 0766641342



Buddika Gamage

shared form www.sidadiya.lk

1 week ago

අඹ පුඩිම

අඹ බොහොම රසවත් පළතුරක්. ඉතින් අඹ වලින් පුඩිමක් හදමුද.. අවශ්‍ය දේ : හොඳින් පැසී ඉදුන මධ්‍යම ප්‍රමාණයේ අඹ ගෙඩි 4 ක් හකුරු ග්‍රෑම් 400 ක් පොල්කිරි අඬු කෝප්පයක් ජෙලටින් තේ හැඳි දෙකක් වැනිලා බින්දු කීපයක් සාදන අන්දම : 01. හකුරු සහ පොල් කිරි උනු කරන්න. 02. එය රත් වෙන අතරතුරේ ජෙලටින් උණුවතුරේ දිය කර ගෙන කිරි මිශ්‍රණයටම එක් කරන්න. වැනිලා ස්වල්පයත් එක් කරන්න. 03. දැන් කොටු විදිහට කපා ගත් අඹ මේ මිශ්‍රණයටම එකතු කරමින් පිසින්න. 04. බුබුළු දමන විට බිමට ගන්න. නිවුනාට පසුව ශීතකරණයේ තබා සිසිල් වූ විට ආහාරයට ගන්න.



WW Upul Rohana

shared form www.sidadiya.lk

1 week ago

Coconet

අගල් 13 අඩු පොල් තොග මිලට විකිනිමට. (සිදුව) 0719601424



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස සැන්විච් එකක් හදමු ද?

අවශ්‍ය ද්‍රව්‍ය බැදගත් හැම් පෙත්තක් බටර් ගාගත් පාන් පෙති දෙකක් පෑන් ෆ්‍රයි හෝ ග්‍රිල් කරගත් චිකන් පෙත්තක් හෝ කැමති පිසගත් මස් වර්ගයක් (හොඳටම ගැලපෙන්නෙ Pulled pork තමා) චීස් ස්ලයිස් එකක් අබ ක්‍රීම් බටර් ගාගත් පාන් පෙති මත අබ ක්‍රීම් තවරා ගන්න. ඒ මත හැම් පෙත්ත සහ චිකන් පෙත්ත තබා චීස් පෙත්ත තියාගන්න. අනෙක් පාන් පෙත්ත ඒ මත තබා ගන්න. බටර් ස්වල්පයක් පෑන් එකක දමා රත් කර සාදාගත් සැන්ඩ්විච් එක දෙපැත්තම පෑන් ටෝස්ට් කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස සැන්ඩ්විච් එකක් හදමු ද?

වෙජිටබල් සැන්ඩ්විච් බබාලගෙ බර්ත්ඩේ පාටි එකකට හදන්න, දකින්න වගේම කන්නත් ආස හිතෙන සැන්ඩ්විච් එකක් තමයි මේ. අවශ්‍ය ද්‍රව්‍ය පාන් ගෙඩියක් කැරට් ග්‍රෑම් 200 බීට් රූට් ග්‍රෑම් 200 සලාද කොළ ග්‍රෑම් 100 අබ ක්‍රීම් මේස හැඳි 2 බටර් ග්‍රෑම් 200 ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව සාදන ආකාරය කැරට්, බීට් වෙනවෙනම තම්බාගන්න. ඒකට අබ ක්‍රීම් මේස හැන්දක් හා බටර් ග්‍රෑම් 100 බැගින් එකතු කරලා වෙන වෙනම මිශ්‍ර කරගන්න. ඒවාට රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරගන්න. පාන් පෙති දෙකක් අරගෙන ඒකෙන් එක පෙත්තක් උඩට කැරට් මිශ්‍රණයෙන් ලේයර් එකයි බීට් මිශ්‍රණයෙන් ලේයර් එකයි දාලා, ඒ උඩට සලාද කොළයක් තියලා අනික් පාන් පෙත්තෙන් වසන්න. ලේසි පහසුයි. ඒ වගේම රසම රසයි.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස සැන්ඩ්විච් එකක් හදමු ද?

බිත්තර සැන්ඩ්විච් හැමදාම හදන සාම්ප්‍රදායික එග් සැන්ඩ්විච් එක නම් නෙමෙයි මේ. මේ විදියටත් හදලා බලන්නකො රස නැද්ද කියලා. අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර 3ක් බටර් ග්‍රෑම් 20ක් ගම්මිරිස් කුඩු ලුණු කුඩු තෙල් ටිකක් සාදන ආකාරය භාජනයක් ලිපේ තියලා රත්වෙනකොට ඒකට තෙල් ටිකක් දාලා බිත්තරයක් කඩලා දාන්න. ඊට පස්සෙ අනික් ද්‍රව්‍ය ටිකත් එක් කර හොඳින් කෑලි කැඩෙන විදියට හැඳිගාන්න. ඉන් පස්සෙ ලිපෙන් බාලා පාන් පෙති වල බටර් ගා මෙම මිශ්‍රණයෙන් ටික ටික තබා අනික් පාන් පෙත්තෙන් වසන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස සැන්ඩ්විච් එකක් හදමු ද?

ඉස්සන් සැන්ඩ්විච් ම්ම්ම්… නම ඇහෙනකොටම දන්නවනෙ මොනවයින්ද හදන්නෙ කියලා. ඒ වගේම රසත් හොඳටම තියෙන සැන්ඩ්විච් එකක් තමයි මේ. අවශ්‍ය ද්‍රව්‍ය ඉස්සන් ග්‍රෑම් 250ක් සිහින්ව කපාගත් පාන් පෙති 16ක් මාජරින් ග්‍රෑම් 50ක් තක්කාලි සෝස් තේ හැදි 2ක් ලුණු කුඩු ස්වල්පයක් කෝන්ෆ්ලා ස්වල්පයක් දෙහි යුෂ සෝයා සෝස් ස්වල්පයක් බිත්තර 2ක් බැද ගැනීමට තෙල් සාදන ආකාරය ඉස්සන් වල්ගය හැර පොතු ඉවත් කර සෝදා ගන්න ඒකට කෝන්ෆ්ලා, බිත්තර, සෝයා සෝස් එකතු කරලා පැය බාගයක් විතර සීසන් වෙන්න තියන්න. බඳුනකට තෙල් දාලා රත් වෙනකොට ඉස්සො ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න. ඊට පස්සෙ පාන් පෙති වලට බටර් ගාලා ඒ මැදට ඉස්සො දාලා රසම රස සැන්ඩ්විච් එකක් හදලා කන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස සැන්ඩ්විච් එකක් හදමු ද?

සැමන් සැන්ඩ්විච් සාමාන්‍ය සැන්ඩ්විච් එකක් හදනකොට අපිට නැතුවම බෑනෙ සැමන්. එහෙනම් අපි ඒ විදියටත් හදමුකො සැන්ඩ්විච්… අවශ්‍ය ද්‍රව්‍ය පාන් ගෙඩියක් කුඩා සැමන් ටින් එකක් තම්බාගත් බිත්තර 2ක් රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු දෙහි යුෂ ස්වල්පයක් සාදන ආකාරය සැමන් හොඳින් පොඩි කරගෙන තම්බාගත් බිත්තරත් පොඩි කරගෙන සැමන් සමඟ හොඳින් මිශ්‍ර කරන්න. ඒකට රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු හා දෙහි යුෂ එකතු කරන්න. එහෙම හදාගත්තු මිශ්‍රණය පාන්පෙති වල ගාලා ලස්සනට කපා ගන්න. (පොඩ්ඩො ගොඩක් ආස වෙයි මෙහෙම කන්න. මොකද මේක ඇත්තටම ගොඩක් රස සැන්ඩ්විච් එකක් නිසා).



Kasun Charaka

shared form www.sidadiya.lk

1 week ago

Wedding cakes

Onema wedding cake awashya thawayak sadaha.. Call 0770885416



D A Deshan Chathuranga

shared form www.sidadiya.lk

1 week ago

අච්චාරු සහ චට්නි වර්ග

රසවත් චට්නි සහ අච්චාරු වර්ග...ඉතාම පිරිසිදුව නියමිත ආහාර පරිරක්ෂන ක්‍රම භාවිතා කරමින් සකස් කර ඇත.කිසිදු කෘතිම රස කාරක හෝ කල් තබා ගැනීමේ ද්‍රවය අඩන්ගු නොවේ. චිලි පේස්ට් 300g rs. 380.00 ලුනු දෙහි 300g rs. 340.00 ලුනු දෙහි චට්නි 300g rs. 360.00 අන්නාසි චට්නි 300g rs. 410.00 සින්හල අච්චාරු 300g rs. 360.00 සුදු ලූනු අච්චාරු 300g rs. 380.00 පොලොස් අච්චාරු 300g rs. 360.00 කරවිල අච්චාරු 300g rs. 380.00 හාල් මැස්සන් බැදුම300g rs. 410.00 කට්ට සම්බෝල 300g rs.430.00 කූනි සීනි සම්බෝල 300g rs.380.00



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස සැන්ඩ්විච් එකක් හදමු ද?

වට්ටක්කා සැන්ඩ්විච් අපි සාමාන්‍යයෙන් සැන්ඩ්විච් හදන්න ගන්න දෙයක් නෙමෙයි උනත් හදනකල්ම මේකෙ රස දැනගෙන හිටියෙ නෑනෙ අපිත්. ඔන්න එහෙනම් ඔයාලටත් අවස්ථාව මේක හදලා රස අපිටත් කියන්න ඕනෙ හොඳේ. අවශ්‍ය ද්‍රව්‍ය වට්ටක්කා අමු මිරිස් ළූණු බටර්/මාජරින් රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සාදන ආකාරය වට්ටක්කා පොතු ඇරල හොඳින් තම්බ ගන්න. අමු මිරිසුයි ළූණුයි ඉතාම පොඩියට කපාගන්න (චොප් කරගන්න). ඊට පස්සෙ ගම්මිරිසුයි, ලුණුයි ඔය ඔක්කොම එකට දාල කලවම් කරල පාන් පෙත්තෙ ගාගෙන කන්න තමයි තියෙන්නෙ.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස සැන්ඩ්විච් එකක් හදමු ද?

චීස් සැන්ඩ්විච් පොඩි බබාලගෙ නම් ගොඩක් ආස කෑමක් තමයි චීස් සැන්ඩ්විච්. ඒකත් මෙන්න මේ විදියට හදලා දුන්නොත් එයාලා හැමදාම ඉල්ලයි. අවශ්‍ය ද්‍රව්‍ය සැන්ඩ්විච් පාන් පෙති 4ක් ග්‍රේට් කරගත් චීස් ග්‍රෑම් 50ක් බටර් ග්‍රෑම් 10ක් අබ ක්‍රීම් ස්වල්පයක් තක්කාලි ගෙඩි 1ක් සලාද කොළ සාදන ආකාරය සැන්ඩ්විච් පාන් පෙති 4 ටෝස්ට් කරගෙන පාන් පෙත්තේ එක පැත්තක බටර් හා අබ ක්‍රීම් ගාගන්න. ඊට පස්සෙ ඒකට අර ග්‍රේට් කරගත්තු චීස් පාන් පෙත්තේ අතුරගෙන ඒක උඩින් සලාද කොළ තියලා අනික් පෙත්තෙන් වහගන්න. දැන් ඉතින් මේක ඔයාලගෙ දඟකාර පොඩ්ඩන්ට පිළිගන්වන්නයි තියෙන්නෙ.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස සැන්ඩ්විච් එකක් හදමු ද?

ඇවකාඩෝ සැන්ඩ්විච් නම ඇහුවම බලනවා ඇති මේ මොකද්ද කියලා. ඔව් ඔව් මේක හදන්නෙ අලිගැටපේර වලින් තමා. නුපුරුදු උනාට හදලා බැලුවොත් ඔයා හැමදාම හදයි. ඔන්න එහෙනම් අහගන්නකෝ. අවශ්‍ය ද්‍රව්‍ය සැන්ඩ්විච් පාන් ගෙඩියක් හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩියක් තක්කාලි ගෙඩියක් ලොකු ළූණු ගෙඩියක් මයෝනේස් අබ ක්‍රීම් ගම්මිරිස් කුඩු සලාද කොළ සාදන ආකාරය මුලින්ම පාන් පෙති දෙකක් අරන් ඒවයෙ ඇතුල් පැත්තෙ හොඳට මයෝනිස් ගාගන්න.ඊට පස්සෙ ඒකට අබ ක්‍රීම් එකත් ගාගන්න (මුලු පාන් පෙත්තේම එකවගේ ගෑවෙන්න ඕනෙ හොඳේ) දැන් මේකට ගම්මිරිස් කුඩු ඉහගන්න. ඊට පස්සෙ සලාද කොළ පෙති දෙකේම වෙන් වෙන්ව උඩින් තියලා තක්කාලි හීනියට පෙති කපලා අතුරගෙන ඊට උඩින් ලූණු හීනියට පෙති වගේ කපලා තියාගන්න. දැන් අලිගැටපේර ගෙඩිය සුද්ද කරලා හීනි පෙති කපලා පාන් පෙත්තෙන් තියලා අනික් පෙත්තෙන් වහලා කෑමට ගන්න. හැමදාම කන සැන්ඩ්විච් රසයට වඩා වෙනස් රසයක් දැනෙයි ඔයාලට.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස සැන්ඩ්විච් එකක් හදමු ද?

වෙජිටේරියන් අයට මස් මාළු වෙනුවට රසවත් ආදේශකයක් තමා මශ්රූම් එහෙමත් නැත්නම් හතු. මේ විදියට හදාගන්න මශ්රූම් සැන්ඩ්විච් එහෙක රස බලන්න ඉතින් වෙජිටේරියන් වෙන්නම ඕන නෑ. අවශ්‍ය ද්‍රව්‍ය සිහින්ව කපාගත් හතු කප් 1 චොප් කරගත් ළූනු මේස හැඳි 4 තලාගත් සුදු ළූනු මේස හැන්දක් චොප් කරගත් අමු මිරිස් මේස හැන්දක් සෝයා සෝස් මේස හැඳි 1 සීනි තේ හැඳි 1 රස අනුව ලුණු ගම්මිරිස් කුඩු මී කිරි හෝ යෝගට් මේස හැන්දක් තෙල් ටිකක් රත් වන්නට තබා එයට සුදු ළූණු, ළූණු, අමු මිරිස් සහ හතු ටික එක් කර හතු පිසෙනකම් අඩු ගින්දරේ තෙම්පරාදු කරන්න. රන්වන් පැහැ වේගෙන එන විට සෝයා සෝස්, සීනි සහ ලුණු එක් කර මිශ්‍ර කර විනාඩි 5ක් පමණ පිසගන්න. අවසානයට ගම්මිරිස් මිශ්‍ර කර ලිපෙන් ඉවත් කර නිවෙන්නට හැර මී කිරි හෝ යෝගට් මිශ්‍ර කරන්න. පාන් පෙති තැටියක දමා දෙපැත්ත තරමක් ටෝස්ට් කරගන්න. එයට බටර් තවරා සාදාගත් හතු මිශ්‍රණය අතුරා තවත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස සැන්ඩ්විච් එකක් හදමු ද?

ඩාල් සැන්ඩ්විච් මේක වෙජිටේරියන් අයට සුදුසුයි. තේ එකක් බොන්න කලින් ටිකක් කටට සැරට දැනෙන්න වගේම ක්‍රිස්පි ගතියට සැන්ඩ්විච් එකක් කන්න කැමති නම් මේ විදිහෙ සැන්ඩ්විච් එකක් හවසකට අපූරුයි. අවශ්‍ය ද්‍රව්‍ය මයිසූර් පරිප්පු කප් 1 මිරිස් කුඩු තේ හැඳි 1/2 කහ තේ හැඳි 1/4 ගරම් මසාල තේ හැඳි 1/2 චොප් කරගත් ළූණු මේස හැඳි 5ක් චොප් කරගත් අමු මිරිස් කරල් කීපයක් සූදුරු ඇට තේ හැඳි 1/2 චොප් කරගත් කොත්තමල්ලි කොල මේස හැඳි 3 රස අනුව ලුණු කඩල පිටි මේස හැඳි 2 සිහින්ව කපාගත් නිවිති (කැමතිනම්) පරිප්පු ටික පැය දෙකක් පෙඟෙන්නට තබා වතුර බේරෙන්නට හැර ග්‍රයින්ඩරේක දමා තරමක් කෑලි හිටින්නට අඹරාගන්න. ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එක් කර හොඳින් මිශ්‍ර කර පැතලි කට්ලට්ස් සාදා නොගැඹුරු තෙලේ අඩු ගින්දරේ බැදගන්න. බටර් තවරාගත් පාන් පෙත්තක් මතට සාදාගත් පරිප්පු කට්ලට් එක තබා ඒ මත ළූණු රවුම් කීපයක් තබා තවත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කරගන්න.



ලුවික් රෙන්ට් කාර් සෙන්ටර් ගාල්ල.

shared form www.sidadiya.lk

1 week ago

Quality Street Chocolate 650g Tub

Quality Street Chocolate 650g Tub Brand:Nestle Weight:650g Expiry 10/01/2020 Product Of UK i3Mart Products Price Very Reasonable Don't Foget To Buy i3Mart Products 😍 Imo /viber only Isuru Madushanka +821072189612 😍



ලුවික් රෙන්ට් කාර් සෙන්ටර් ගාල්ල.

shared form www.sidadiya.lk

1 week ago

Ferrero Rocher 24pcs

Ferrero Rocher 24pcs Milk Chocolate [30% (Sugar, Cocoa Butter, Cocoa Mass, Skimmed Milk Powder, Anhydrous Milkfat, Emulsifier (Soy Lecithin), Flavouring (Vanillin)], Hazelnuts (28.5%), Sugar, Vegetable Fat (Palm), Wheat Flour, Whey Powder, Fat-Reduced Cocoa Powder, Emulsifier (Soy Lecithin), Raising Agent (Sodium Bicarbonate), Salt, Flavouring (Vanillin) •Contains milk, hazelnuts, wheat and soy •Contains emulsifier and raising agent as permitted food conditioners and permitted flavouring substances fom vegetable and synthetic origin 😍 Imo /viber only Isuru Madushanka +821072189612 😍



Lt pasindu Prakash

shared form www.sidadiya.lk

1 week ago

ස්වභාවික ගොවියා company

(ස්වභාවික ගොවියා )company )දැනට ශ්‍රී ලංකාව තුළ වැඩිම ඉල්ලුමක් තිබෙන පෙරාදෙනිය රතු මඤ්ඤොක්කා mu(51)ප්‍රභේදය වගාකර තිබෙන දිවයිනේ සියලුම වගා හිමියන් නවතම විදේශ වෙලදපලට ඔබගෙ අස්වැන්න මිලදී ගැනීමට අප සූදානම් වගා කර තිබෙන සහ( වගාව කිරිමට කැමති )දිවයිනේ සියලුම වගා හිම්‍කරුවන් සහ වගා කිරිමට සුදානම්ව සිටන අය ඔබගෙ දුරකථන අන්කය සහ ඔබගෙ ප්‍රදේශය (comment )( inbox ) කරන්න වැඩි විස්තර සදහා අමතන්න(0768815854)



Miyuru Dilshan

shared form www.sidadiya.lk

1 week ago

අන්නාසි දෝසි.

ද්‍රව්‍ය ලොකු අන්නාසි ගෙඩි 1 සීනි 375g වතුර කෝප්ප 1 එනසාල් කරල් 2 වැනිලා තේ හැදි ½ සාදන අන්දම සීනිවලට වතුර දමා ලිප තබා ඝන වනතුරැ උතුරැවා ගන්න. අන්නාසි ගෙඩිය පොතු හැර දිග අතට තීරැ 8ක් කපා ගන්න. මේ තීරැ පොඩි නොවන සේ ගෑරැප්පුවෙන් ඇන මිරිකා සෝදා ආපසු වතුර බේරෙන ලෙස මිරිකා ගන්න. ඉන්පසු අන්නාසි හා එනසාල් සීනි ද්‍රාවණයට එකතු කර මදගින්නේ පිසගන්න. මෙම ද්‍රාවණය හැදි ගෑමේදි ලී හැනිදකින් අන්නාසි කැබලි එකිනෙක නොගැටෙන සේ හැදි ගාන්න. මෙය ද්‍රඹ්‍රරැ පැහැ වනවිට වැනිලා එක්කර ලිපෙන් බා සංග්‍රහයට යොදා ගන්න.



madusanka jayawardana

shared form www.sidadiya.lk

1 week ago

Chicken biriyani packed

Well, we will take all large orders for any partyes, special occasion, out door indoor get togethers , company meeting for lunch packes. We will served with long green basmti rice, chicken drumstic, deep fry egg, and mint sambol mixed with yourget and onions. Minimum order at least 75 packets. Get and feel the difference between ours and others. Plz be kind enough to give a call before 2 dayes under the busy time.



madusanka jayawardana

shared form www.sidadiya.lk

1 week ago

Anthurium Plants

Red anthurium With flower pots



malaka madusanka

shared form www.sidadiya.lk

1 week ago

Oder

Pirisidu usas thatwayen sadana apage nishpadana obath anaum karanana. Oba lagatama genwa ganeeme hakiyawada atha.



malaka madusanka

shared form www.sidadiya.lk

1 week ago

Rasakawili

Pirisidu hodama tathwaye rasa kawili anaum Kara niwasatama genwa ganna



Rajitha Wijekoon

shared form www.sidadiya.lk

1 week ago

Amal cataring

සියලුම කෙටරින් වැඩ. අමල් කේටරින් (නාඋල)



lakmal Samantha herath

shared form www.sidadiya.lk

1 week ago

Follower plant

Nuwara awata niwasata sapaye



lakmal Samantha herath

shared form www.sidadiya.lk

1 week ago

Follower plant

Nuwara awata niwasata sapaye



Senarath Konara

shared form www.sidadiya.lk

1 week ago

තේ

Obage wiyaparayata wedi adayamak labanna demma ekathu wanna



navanjana wishwa

shared form www.sidadiya.lk

1 week ago

Recipe for Kesari

පියවර 1: පෑන් එකක ගිතෙල් රත් කර ගිතෙල්වලට සෙමොලිනා එකතු කර එය අවශෝෂණය වන තෙක් උයන්න. පියවර 2: ensed නීභූත කිරි වතුරට එකතු කර හොඳින් මිශ්‍ර වන තුරු කලවම් කරන්න. ඉන්පසු කහ කුඩු මිශ්‍රණය සමඟ මිශ්‍ර කර බැදපු සැමොලිනාට එකතු කරන්න. සෙමොලිනා කිරි උරා ගන්නා තෙක් දිගටම ඇවිස්සීමත්, මිශ්‍රණය දිගටම ඇවිස්සීමත් වැදගත් ය. මිශ්රණය ප්රවේශමෙන් නරඹන්න. පියවර 3: එනසාල් කුඩු සහ රෝස් වතුර එකතු කර ගෑස් වලින් ඉවත් කරන්න. ආලේපිත තැටි මතට වත් කර එය සුමට කරන්න. එය සිසිල් වූ පසු, එය කැබලිවලට කපා මැද භාගයේ කජු ඔබන්න. ඔබ මුද්දරප්පලම් වලට කැමති නම් ඔබට ඒවායින් කිහිපයක්ද එකතු කළ හැකිය. මෙම වට්ටෝරුව කිසිසේත් මිහිරි නොවන බව මම පැවසිය යුතුය. එබැවින් ඔබට එය අවශ්‍ය නම්, ඔබේ රසයට සරිලන පරිදි ensed නීභූත කිරි මිශ්‍රණයට සීනි ටිකක් එක් කරන්න. එසේම, එය සෑදීමට ඔබට දළ වශයෙන් පැය භාගයක් ගතවනු ඇති අතර මෙම අලුත් අවුරුද්දේ ඔබේ මේසයට එකතු කිරීම අපූරු මිහිරි ය.



navanjana wishwa

shared form www.sidadiya.lk

1 week ago

Bibikkan

පියවර 1: ජලය ස්වල්පයක් වාෂ්ප වන තුරු පැණි තම්බා ගන්න. දළ වශයෙන් විනාඩි 5 ක් පමණ. ඉන්පසු ගාන ලද පොල් එකතු කර මිශ්‍රණය ens ණීවන තෙක් උයන්න. එනසාල් සහ මහදුරු බීජ කුඩු මිශ්‍ර කරන්න. තාපයෙන් මිශ්රණය ඉවත් කර බඳුනකට වත් කරන්න. පියවර 2: දිනයන්, මුද්දරප්පලම්, කජු, ගාන ලද ඉඟුරු සහ චව් චව් එකතු කර ඒකාබද්ධ වන තෙක් හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු බිත්තර කහ මදය 2 එකතු කර හොඳින් මිශ්ර කරන්න. පියවර 3: පිටි සහ බැදපු සෙමොලිනා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු ඉතිරි කුළුබඩු, කුරුඳු හා ලුණු වැනිලා හා රෝස් වතුර එක් කරන්න. මෙම අවස්ථාවේදී එය හොඳින් මිශ්ර කරන්න. පියවර 4: අවසානයේ බිත්තර සුදු ජාතිකයින්ට නමා මිශ්‍රණය ෙබ්කිං තැටියකට වත් කරන්න. පැය 1 යි විනාඩි 15 ක් සෙල්සියස් අංශක 150 ක පිළිස්සීම.



navanjana wishwa

shared form www.sidadiya.lk

1 week ago

Faluda

රෝස් සිරප් නැවුම් කිරි ස්ට්රෝබෙරි ජෙලි කැසා කැසා (ජලයේ පොඟවා) ආමන්ඩ් සාරය වැනිලා අයිස්ක්‍රීම් සිහින් උස වීදුරුවකින් එය සෑදීම සැමවිටම සුදුසු වන අතර ප්‍රමාණය පැහැදිලිවම එහි ප්‍රමාණය මත රඳා පවතී.   වීදුරුවෙන් හතරෙන් එකක් පිරවීම සඳහා රෝස් සිරප් වත් කරන්න. ඉන්පසු ස්ට්රෝබෙරි ජෙලි කැට කිහිපයක් සහ කැසා කැසා මේස හැන්දක් එක් කරන්න. ඔබේ අභිමතය පරිදි ඔබට මෙම ප්‍රමාණයන් වෙනස් කළ හැකිය. මම ගොඩක් කැමතියි. ඔබ වීදුරුව කාර්තු තුනක මට්ටම දක්වා පුරවන තුරු නැවුම් කිරි තුළට වත් කරන්න. ආමන්ඩ් සාරය බින්දුවක් සහ වැනිලා අයිස්ක්‍රීම් හැන්දක් හෝ දෙකක් එක් කරන්න



navanjana wishwa

shared form www.sidadiya.lk

1 week ago

සමෝසා

ලූනු, අමු මිරිස්, කොත්තමල්ලි කොළ සහ සුදුළූණු සෝදන්න, පිරිසිදු කර සිහින් ව තවරන්න. අඹරන ලද කුකුල් මස් බඳුනක තබන්න, එයට දෙහි යුෂ, ලුණු තේ හැන්දක්, ගම්මිරිස්, මිරිස් කුඩු සහ වියලන ලද අමුද්‍රව්‍ය එකතු කර මිශ්‍ර කර පැයක් සඳහා marinade වෙත තබන්න. ඉන්පසු සාස්පාන් මධ්යම ඉහළ ගින්නක් මත තබන්න, එයට තෙල් තේ හැන්දක් වත් කර, marinated කුකුළු මස් එයට දමා විනාඩි කිහිපයක් කෝපයට පත් කරන්න. කුකුළු මස් පිසූ පසු එය ගින්නෙන් ඉවතට ගෙන සිසිල් වීමට ඉඩ හරින්න. රෝල් ෂීට් එකක් ගෙන අඩකට කපන්න. පත්රයේ අඩක් පැතලි මතුපිටක් මත තබන්න.  පිසින ලද මස් පිරවූ තේ හැන්දක හැන්දක් කර පත්රයේ කෙළවරේ තබන්න. ඉන්පසු එක් කෙළවරක් පහළට නමා වතුර ස්වල්පයක් දමා දාර අලවන්න. ඉන්පසු සමෝසා ආරක්ෂිතව ඔතා තබන තුරු (එක් කොනක සිට තවත් කොනකට) නැවීම සහ ඇලවීම දිගටම කරගෙන යන්න.  එළවළු තෙල් කෝප්පයක් ගැඹුරු සාස්පාන් එකකට වත් කරන්න; සාස්පාන් මධ්යම අධික තාපයක් මත තබන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස චොකලට් කේක් එකක් හදමු

චොකලට් කේක් කියන්නෙ වේලිලා කුඩු හැලි හැලි කන කේක් එකක් නෙවෙයි. හොඳ චොකලට් කේක් එකක මොයිස්චර් එකක් එහෙම නැත්නම් තෙත් බවක් තියෙන්න ඕන. මේ එහෙම කේක් එකක්. අවශ්‍ය ද්‍රව්‍ය පිටි කප් 3 සීනි කප් 3 කොකෝවා පව්ඩර් කප් 1 1/2 බේකින් සෝඩා මේස හැන්දක් බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2 ලුණු තේ හැඳි 1 1/2 ලොකු බිත්තර 4 කිරි කප් 1 1/2 දෙහි යුශ මේස හැඳි 1 1/2 උණුසුම් වතුර කප් 1 1/2 එළවළු තෙල් කප් 1/2 වැනිලා තේ හැඳි 2 කිරි වලට දෙහි යුශ එක් කර මිශ්‍ර කර විනාඩි 5ක් පමණ පසෙකින් තියාගන්න. පිටි, සීනි, බේකින් සෝඩා, ලුණු, බේකින් පව්ඩර් සහ කොකෝවා පව්ඩර් එකට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. බිත්තර, කිරි මිශ්‍රණය, තෙල්, වතුර සහ වැනිලා එකට එක් කර හොඳින් බීට් කරගන්න. එය පිටි මිශ්‍රණයට එක් කරමින් මද වේගයෙන් බීට් කරගන්න. නැත්නම් හෑන්ඩ් විස්ක් එකකින් මිශ්‍ර කරගන්න. සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30-35ක් පමණ බේක් කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස චොකලට් කේක් එකක් හදමු

බිත්තර රස, සුවඳ එන නිසා කේක් නොකන වෙජිටේරියන් කට්ටියට තමා මේ කේක් එක. බිත්තර නොදා හදන නිසා බිත්තර නොකන කෙනෙක්ට හිතේ අවුලක් නැතුව කන්න පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි මෙශරින් කප් 1 1/2 කොකෝවා පව්ඩර් මේස හැඳි 3 බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2 බේකින් සෝඩා තේ හැඳි 3/4 මිල්ක්මේඩ් කප් 1 දිය කරගත් බටර් කප් 3/4 වැනිලා තේ හැඳි 1 1/2 වතුර කප් 3/4 පිටි, කොකෝවා පව්ඩර්, බේකින් පව්ඩර් සහ බේකින් සෝඩා බෝල් එකකට දමා එකට මිශ්‍ර කරගන්න. දියකරගත් බටර් වලට මිල්ක්මේඩ් සහ වතුර එක් කර හොඳින් බීට් කරගන්න. වැනිලා එක් කර මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණයට පිටි වලින් භාගයක් එක් කර වින්ස් එකකින් හොඳින් මිශ්‍ර කරගන්න. ඉතිරි පිටි ටිකත් ටික ටික එක් කරමින් මිශ්‍ර කරගන්න. බටර් තවරා තෙල් කඩදාසි දමාගත් අඟල් 9ක රවුම් තැටියකට මිශ්‍රණය එක් කර සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස චොකලට් කේක් එකක් හදමු

මේක වැඩි වැඩ නැති සිම්පල් රෙසිපි එකක්. හදිස්සියේ එන චොකලට් කේක් පෙරේතකම නැතිකරගන්න මේ වගේ ලේසි රෙසිපි එකක් දැනන් ඉන්න එක වටිනව. අවශ්‍ය ද්‍රව්‍ය කාමර උෂ්ණත්වයේ තියාගත් බටර් 175g සීනි 175g ලොකු බිත්තර 3 පිටි 150g කොකෝවා පව්ඩර් 50g වැනිලා තේ හැන්දයි බේකින් පව්ඩර් තේ හැන්දයි ලුණු පින්ච් එකක් සියළුම ද්‍රව්‍ය එකට එක් කර හොඳින් විස්ක් කරගන්න. තෙල් කඩදාසි දමාගත් අඟල් 7ක රවුම් තැටියක දමාගන්න. සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30-40ත් අතර කාලයක් බේක් කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස චොකලට් කේක් එකක් හදමු

පිටි නැතුව කොහොමද කේක් හදන්නෙ කියල හිතුව නේද නම දැක්ක ගමන්? ඒක තමා මේකෙ විශේෂත්වය. පිටි නැති චොකලට් කේක්. හදලම බලන්නකො රස. අවශ්‍ය ද්‍රව්‍ය ඩාක් චොකලට් 225g බටර් කප් 1 සීනි කප් 1 බිත්තර 4 බටර් සහ කුඩාවට කපාගත් චොකලට් ඩබල් බොයිල් කර මිශ්‍ර කරගන්න. එය ලිපෙන් ඉවත් කර, මදක් නිවුණු පසු බිත්තර සහ සීනි එක් කර හොඳින් විස්ක් කරගන්න. සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30-35ක් බේක් කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

රසම රස චොකලට් කේක් එකක් හදමු

නම දැක්කම බය හිතුනද 😉 මේ චොකලට් කේක් එක චොකලට් ෆ්‍රොස්ටින් එකකින් කවර් කරන් ග්‍රේට් කරගත්ත චොකලට් වලින්ම සරසන්න ඕන පින්තූරයේ වගේ. ඩෙත් බයි චොකලට් කියන්නෙ මේක ඒ තරම්ම චොකලට් රස කේක් එකක් නිසයි. අවශ්‍ය ද්‍රව්‍ය බටර් කප් 3/4 සීනි කප් 2 1/4 කොකෝවා පවුඩර් කප් 3/4 වැනිලා තේ හැඳි 2 බිත්තර 3 පිටි කප් 2 බේකින් සෝඩා තේ හැඳි 1 1/2 බේකින් පව්ඩර් තේ හැන්දයි ලුණු තේ හැඳි 3/4 සාදාගත් ක්ෂණික කෝපි (සීනි රහිතව කප් 1 ½) කිරි කප් 1/4 බටර් ටික ක්‍රීම් වනතුරු බීට් කරගන්න. එයටම සීනි එක් කර වර්ණය ලා පැහැ වනතුරු බීට් කරන්න. එයට කොකෝවා පව්ඩර් සහ වැනිලා එක් කර බීට් කරගන්න. එයට බිත්තර එකින් එක එක් කර බීට් කරගන්න. පිටි, ලුණු, බේකින් සෝඩා සහ බේකින් පව්ඩර් එකට මිශ්‍ර කරගන්න. කිරි වලට කෝපි එක් කරගන්න. පිටි මිශ්‍රණය සහ කෝපි මිශ්‍රණය ටිකෙන් ටික බටර් මිශ්‍රණයට එක් කරමින් හොඳින් කලවම් කරගන්න. සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක තෙල් කඩදාසි දමාගත් අඟල් 9 රවුම් කේක් තැටියක විනාඩි 30-35ක් බේක් කරගන්න. හොඳින් නිවුණු පසු ෆ්‍රොස්ටින් එක දමාගන්න.



Indika Kumari

shared form www.sidadiya.lk

1 week ago

ලුණු

Bundle 1k Rs.360 තොග සහ සිල්ලරට



WW Upul Rohana

shared form www.sidadiya.lk

1 week ago

D&D Product

මෙන්න ඔබට අනගි අවස්ථාවක් කජු මද 1kg Rs 2550 පියලි කජු 1kg Rs 2500 කෑලි කජු 1kg Rs 2300 අවන් කජු මද 1kg Rs 2700 අවන් කජු පියලි 1kg Rs 2600 ඩෙවල් කජු මද 1kg Rs 2950 ඩෙවල් කජු පියලි 1kg Rs 2900 D&D Product වෙතින් ඔබට ලබා ගත හැක.... දින 3ක් ඇතුලත් ලංකාවේ ඕනෑම තැනකට ගෙන ඒමේ හැකියාවත සමගම ඔබ අතටම පත් කිරීමේ හැකියාව අදම අමතන්න 0770542290



navanjana wishwa

shared form www.sidadiya.lk

1 week ago

SEA FOOD RICE

සාදාගන්නා ආකාරය. ↣ තක්කලි ගෙඩි දෙක තම්බා පොතු හැර අබරාගන්න. ↣ එයට විනාකිරි,සේර,සීනි, ලුණු ,කරාබු නැටි,කරදමුංගු,මිරිස් සහ ගම්මිරිස් කුඩු සමඟ වතුර කප් 1\4ක් එක් කර හොඳින් උතුරවා ගන්න. ↣ මෙම සාදාගත් සෝස් එකෙන් කරාබු නැටි,කරදමුංගු,සේර කොටස් ඉවත් කර දෙහි හෝ ලෙමන් ගෙඩියක ලෙල්ල සිහින්ව ගාගෙන එක් කරගන්න. ↣ ඉස්සන්,මාළු සහ දැල්ලන් ලුනු ගම්මිරිස් අතගා ගැඹුරු තෙලේ බැදගන්න. ↣ තෙල් ස්වල්පයක් රත් වෙන්න තබා එයට ලූනු, ඉඟුරු, සුදු ලූනු සහ කැරට් එක් කර තෙම්පරාදු කරගන්න. ↣ එයට සාදාගත් සෝස් එක ,බෙල් පෙපර් සහ රස අනුව ලුණු එක් කර බැදගත් මාළු වර්ග ටික එක් කර හොඳින් කලවම් කරගන්න. ↣ පසුවමෙම මිශ්‍රණයට පිසගත් බත් එක් කර අවසානයට ලූනු කොල ටික මිශ්‍ර කරගන්න



navanjana wishwa

shared form www.sidadiya.lk

1 week ago

MEXICAN RICE

අවශ්‍ය දේවල්. ➲සෝදා දිය බේරාගත් හාල් කප් 4 ➲කපාගත් තක්කලි ගෙඩි 4 ➲කපාගත් රතු පාට බෙල් පෙපර් 2 ➲ග්‍රේට් කරගත් කැරට් ගෙඩි 4 (සාමන්‍ය ප්‍රමාණයේ ) ➲කපාගත් ලූනු ගෙඩි 2ක් ➲වියලි මිරිස් කරල් 4 ➲තලාගත් සුදු ලූනු බික් 8 ➲තෙල් හෝ බටර් ➲එලවලු තම්බා ගත් වතුර අවශ්‍ය පමණ ➲ ලුණු තෙල් හෝ බටර් රත් වෙන්න තබා එයට බෙල් පෙපර්,සුදු ලූනු,තක්කලි සහ වියලි මිරිස් එක් කර මිශ්‍ර කරගන්න.මෙම මිශ්‍රණය නිවෙන්නට හැර බ්ලෙන්ඩරයක දමා අඹරාගන්න.වෙනම බඳුනක බටර් ටිකක් රත් වෙන්න තබා එයට ලූනු එක් කර රන්වන් පැහැ වන තෙක් බැද එයට සහල් එක් කර තෙම්පරාදු කරගන්න.අඹරාගත් මිශ්‍රණය සහල් වලට එක් කර එයට කැරට් සහ එලවලු තම්බාගත් වතුර එක් කර අවශ්‍ය පමණට ලුණු එක් කර බත් පිසගන්න.



navanjana wishwa

shared form www.sidadiya.lk

1 week ago

බක්රි රයිස්

අවශ්‍ය දේවල්. ⟾ සෝදා කපා ලුණු ගම්මිරිස් අතගාගත් මස් 1 Kg ⟾ තම්බාගත් කඩල කප් 1 ⟾ මුද්දරස්පලම් කප් 1\2 ⟾ බැදගත් කජු හෝ රට කජු කප් 1\2 ⟾ අඹරාගත් ඉඟුරු සුදු ලූනු තේ හැන්දක් ⟾ කරදමුංගු,කරාබු නැටි,කුරුඳු පොතු ⟾ කහ තේ හැඳි 1\2 ⟾ කපාගත් තක්කලි සහ ලූනු ගෙඩිය බැගින් ⟾ හකුරු තේ හැඳි 2 ⟾ ⟾ සෝදාගත් හාල් කප් 4ක් (බාස්මතී හෝ කීරි සම්බා වැනි සහල් වර්ගයක් වඩාත් සුදුසුයි.) සාදාගන්නා ආකාරය. ⟾ පොත්ත හැර නොගත් සුදුලූනු බිකක් දමා බත් ටික බාගෙට තම්බා ගන්න. ⟾ ගී ටිකක් රත් වෙන්නට හැර එයට කපාගත් ලූනු,ඉඟුරු,සුදු ලූනු,කහ,තක්කලි සහ කරදමුංගු,කරාබු නැටි,කුරුඳු පොතු සහ රස අනුව ලුණු දමා තෙම්පරාදු කරගන්න. ⟾ එයටම කපාගත් මස් දමා කලවම් කර මස් වැසෙන ප්‍රමාණයට වතුර දමා සාමන්‍ය ගින්දරේ උයාගන්න. ⟾ මස් ඉදුනු පසු පිලිවෙලින් බාගෙට උයාගත් බත්, තම්බාගත් කඩල, බැදගත් කජු, මුද්දරස්පලම් සහ හකුරු එයට උඩින් එක් කර පියනකින් වසා මද ගින්නේ බත ඉදෙන තුරු පිසගන්න.



Senarath Konara

shared form www.sidadiya.lk

1 week ago

කේක්

Obage niwasatama genwa genime hekiyawa



Miyuru Dilshan

shared form www.sidadiya.lk

1 week ago

රසවත් පොල්්්රරොටී හදමු

රොටී සදහා අවශය දෑ පාන් පිටි කෝප්ප 2ක් ගා ගන්නා ලද පොල් කෝප්ප 1ක් වතුර කෝප්ප 1ක් ලුණු පදමට මුලින්ම පිටි, පොල් හා ලුණු එක්කර හොදින් කවලම් කරගන්න. ඉන් පසු පියවරෙන් පියවර වතුර එකතු කරන්න. හොදින් කවලම් කර අනාගන්න. අනාගත් පසු මිශ්‍රණය අතේ නොඇලෙන ලෙස තිබිය යුතුය. ඇලෙන ස්වභාවයක් තිබෙනව නම් තව පිටි ස්වල්පයක් එකතු කරන්න. ඉන් පසු කුඩා බෝල වලට වෙන් කරගන්න. පසුව රොටී තැටියක් ආධාරයෙන් පුච්චා ගන්න. අවශයය නම් තෙල් ස්වල්පයක් තැටියේ ආලේප කරන්න. පිටි මිශ්‍ර කර ගැනීමට පොල් වතුර ස්වල්පයක් එක්කර රස වැඩි වේ. ලුණු මිරිස් සදහා සදහා අවශය දෑ වියලි මිරිස් කරල් 10ක් රතු ළූණූ ගෙඩි 15ක් ලුණු පදමට දෙහි ගෙඩි 1ක් කරල් මිරිස් හොදින් අඹරා ගන්න. එයට ළූණූ දමා එකට අඹරා ගන්න. පසුව ලුණු හා දෙහි දමා ගන්න. කරල් මිරිස් වෙනුවට කෑලි මිරිස් මේස හැදි 4ක් පමනද එක කර ගත හැක.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

අවන් එකක් නැතුව කෑම හදමු

පීසා හදන්න ආසාව තියෙන කෙනෙක්ට දැන් අවන් එකක් නෑ කියල දුක් වෙන්න අවශ්‍ය නෑ. ගෙදරදීම රසට පීසා එකක් හදාගන්න එක අමාරු නෑ. අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි 500g යීස්ට් තේ හැඳි 1 සීනි තේ හැඳි 1 ලුණු තේ හැඳි 1 පිටි අල්ලට දාන්න පුළුවන් තරම් ලා රස්නය ඇති වතුර 250-300ml ඔලිව් ඔයිල් හෝ බටර් මේස හැඳි 3 මේ සියල්ල එකට එක් කොට අතේ නොඇලෙන මෘදු ඩෝ එකක් වනතුරු හොඳින් විනාඩි 15ක් පමණ අනාගන්න. වතුර මුලින් 250mlක් එක් කර, මදි නම් පමණක් ඉතිරිය ටික ටික එක් කරගන්න. තෙත මිරිකාගත් පිරිසිදු රෙදි කැබැල්ලකින් වසා පැය දෙකක් පිපෙන්න තබා ගන්න. පැය දෙකකට පස්සෙ මේ ඩෝ එක කොටස් දෙකකට කඩාගෙන, පිටි ඉස ගත්ත නන්ස්ටික් තැටියක එක කොටසක් තුනී කරන් අඩුම ගින්දරේ වහල තියන්න විනාඩි 10ක් පමණ. මේක වහන්න තෝසෙ තැටියක් හෝ ඒ වගේ හොඳින් රත් වෙන ඇලුමිනියම් පියනක් යොදාගන්න. විනාඩි දහයකට පස්සෙ සෝස් සහ පිසගත් ටොපින් එකක් එකතු කරගෙන, ඊට උඩින් මොසරැල්ල චීස් එකතු කරන් නැවතත් පියනකින් වහල අඩුම ගින්දරේ විනාඩි 15ක් පිසගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

අවන් එකක් නැතුව කෑම හදමු

අවන් එකක් නැතුව බනිස් හදන්න පුළුවන් කියල හිතුවෙ නෑ නේද? ටී ටයිම් එකට සීනි බනිස් ගෙඩියක් කන එක දැන් ලේසි වැඩක් අවන් එකක් නැතත්. අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි කප් 2 1/2 (ස්ටෑන්ඩර්ඩ් මෙශරින් කප්) සීනි කප් 1/4 බටර් කප් 1/4 ලුණු තේ හැඳි 1 යීස්ට් 12 උණුසුම් වතුර කප් 1/2 උණුසුම් කිරි කප් 1/2 බිත්තරයක් උඩින් තැවරීමට වෙනම දියකරගත් බටර් මුලින්ම පිටි කප් 2ක් ගෙන ඒකට අනෙක් සියළුම ද්‍රව්‍ය එක් කර හොඳින් අනාගන්න. අනාගත් පසු අතේ නොඇලෙන පදමට ගැනීමට ඉතිරි පිටි ටිකත් එකතු කර නැවත අනන්න. පිටි ඉසගත් ලෑල්ලකට ඩෝ එක දමා විනාඩි 8ක් පමණ නැවත අනාගන්න. තෙත මිරිකාගත් රෙද්දකින් වසා පැය 1 1/2ක් පමණ තියාගන්න. පැය 1 1/2කට පසු ඩෝ එක ගෙන, අතින් තද කර හුලන් ගතිය හැර, කුඩා සමාන කොටස් වලට කඩා බෝල සාදාගන්න. මදක් ගැඹුරු පෑන් එකක පිටි ඉස, සාදාගත් බෝල එකිනෙක නොගෑවෙන පරිදි තබාගෙන බටර් තවරා ගන්න. ඉහත පරිදි ප්‍රී හීට් කරගත් වැලි පෝරණුවේ දරණුව මත භාජනය තබා, හොඳින් තදවෙන පියනකින් වසා විනාඩි 15-20ක් සාමාන්‍ය අඩු ගින්දරේ පිසගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

අවන් එකක් නැතුව කෑම හදමු

රසම රස සොෆ්ට් චොකලට් කේක් එකක් මෙහෙමයි අවන් නැතුව හදාගන්නෙ. අවශ්‍ය ද්‍රව්‍ය කොකෝවා පව්ඩර් මේස හැඳි 3 පාන් පිටි කප් 1 බේකින් සෝඩා තේ හැන්දයි (ආප්ප සෝඩා) ලුණු තේ හැන්දයි බටර් කප් 1/2 සීනි කප් 1 බිත්තර 1 වැනිලා තේ හැන්දයි විනාකිරි තේ හැන්දක් මිශ්‍ර කරගත් කිරි කප් 1 වියලි ද්‍රව්‍ය ටික එකට මිශ්‍ර කරගන්න. එයට බටර් සහ කිරි එක් කර මිශ්‍ර කරගෙන එයට වෙනම බීට් කරගත් බිත්තරය සහ වැනිලා එක් කරගෙන කලවම් කරගන්න. හොඳින් බටර් තවරාගත් බඳුනක කේක් මිශ්‍රණය දමාගන්න. ඉහත පරිදි ප්‍රී හීට් කරගත් වැලි පෝරණුවේ දරණුව මත කේක් මිශ්රණය දමාගත් භාජනය තබා, හොඳින් තදවෙන පියනකින් වසා විනාඩි 20ක් සාමාන්‍ය අඩු ගින්දරේ පිසගන්න. කූරක් මැදින් ගසා තෙතදැයි පරික්ෂා කර, තෙත නම් තවත් විනාඩි 5ක් තියෙන්නට හැර ඉවත් කරගන්න. නිවුණු පසු කැමති ලෙස අයිසින් තවරා ගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

අවන් එකක් නැතුව කෑම හදමු

අවන් එකක් නැතුව කේක් හදාගන්න බැරුව ඉද්දි මොන මාළුපාන්ද නේ 😉 මාළු නැති මාළු පාන් කඩෙන් කාපු කාලෙ ඉවරයි. අවශ්‍ය ද්‍රව්‍ය කැමති විදියට හදාගත්ත පිරවුමක් පිටි 250g යීස්ට් තේ හැඳි 1 3/4 සීනි තේ හැඳි 2 බිත්තරයක් බටර් 60g කිරි මේස හැඳි 3 ලුණු පිටි අල්ලට දාන්න පුළුවන් තරම් මද රස්නෙන් වතුර සීනි සහ යීස්ට් වලට මද රස්නෙ වතුර වලින් කොටසක් එකතු කරල විනාඩි 5ක් විතර තියාගන්න. පිටි ටික බෝල් එකකට දාගෙන, ඒ මැද වලක් හදාගෙන යීස්ට් මිශ්‍රණය එක්ක කිරි, බිත්තර සහ බටර් එකතු කරන් මද රස්නෙ වතුර ටිකෙන් ටික එකතු කරමින් අතේ නොඇලෙන මෘදු ඩෝ එකක් අනාගන්න. තෙත මිරිකාගත් පිරිසිදු රෙද්දකින් වහල පැය දෙකක් තියන්න. පැය දෙකකට පස්සෙ ඩෝ එක තද කරල හුලන් ගතිය ඉවත් කරගෙන සමාන කොටස් 6කට කඩාගන්න. එක කොටසක් බැගින් තුනී කරගෙන, පිරවුම දමා, ත්‍රිකෝණ හැඩයට නවාගන්න. කලින් සාදාගත් වැලි පෝරණුව තුළට දැමිය හැකි තැටියක් මත තබා, බිත්තර සුදුමදය තවරා තවත් පැයක් පිපෙන්න තියන්න. පෙර පරිදිම ප්‍රීහීට් කරගත් වැලි පෝරණුවේ විනාඩි 20-25ක් පිසගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

1 week ago

අවන් එකක් නැතුව කෑම හදමු

ගෑස් ලිපේ, දර ලිපේ වගේම රයිස් කුකර් එකේ හදන්නත් පුළුවන්. බීටර් එක වෙනුවට ග්‍රයින්ඩර්එක හෝ බ්ලෙන්ඩර්එක භාවිතා කරන්නත් ඔබට පුළුවන්. මේ කුකර් සහ ග්‍රයින්ඩර්එක භාවිතාකරල ඉක්මනටම හදාගන්න පුළුවන් ස්පොන්ජ් කේක් රෙසිපිඑකක්. අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි 200g සීනි 200g සූරියකාන්ත/එළවළු තෙල් 100ml බිත්තර 3 බේකිං පවුඩර් තේ හැඳි 1 බයි කාර්බනේට් ඔෆ් සෝඩා තේ හැඳි 1/8 වැනිලා එසන්ස් බිංදු 3 සාදන ආකාරය පළමුවෙන්ම ග්‍රයින්ඩර්එකට සීනි එක්කර පිටි බවට පත්වෙනතුරු බීට් කරන්න. ඊළඟට පාන්පිටි, බිත්තර, එළවළු තෙල්, බේකිං පවුඩර්, බයි කාර්බනේට් ඔෆ් සෝඩා, වැනිලා එසන්ස් එකතුකර හොඳින් මිශ්‍රකරගන්න. තෙල් ආලේපකරගත් තැටියකට මිශ්‍රණය දමාගන්න. පතුල පැතලි ගැඹුර පෑන් එකකට පිරිසිදු වැලි ස්වල්පයක් අතුරාගන්න. විනාඩි 5ක් පමණ අඩුගින්දරේ තබන්න. වැලි මදරස්නයක් ගත්විට කේක් මිශ්‍රණය දැමූ තැටිය එයමත තබා පියනකින් වසන්න. විනාඩි 20ත් 30ත් අතරවේලාවක් මදගින්නේ බේක් කරගන්න. හොඳින් බේක්වුණු පසු ලිපෙන් ඉවත්කර නිවෙන්නට තබා තැටියෙන් ඉවත්කරගන්න.



Waruni Deshika

shared form www.sidadiya.lk

1 week ago

Birthday cake

Nice and beautiful. 750 g, 1kg,1.5kg



Waruni Deshika

shared form www.sidadiya.lk

6 days ago

BIRTH day cake

any dising can made.very tasty



Waruni Deshika

shared form www.sidadiya.lk

6 days ago

birthday cake

nice and beautiful



Ayomi Udeshika

shared form www.sidadiya.lk

6 days ago

ජෑම් හදල සල්ලි හොයමු ද?

දිවුල් ජෑම් අවශ්‍ය ද්‍රව්‍ය දිවුල් මද කෝප්ප 1 සීනි කෝප්ප 1 උණුවතුර කෝප්ප 1 දෙහි යුෂ තේ හැඳි 1/2 දිවුල් මදයට උණු වතුර කෝප්පය දාලා හැන්දකින් හොඳින් පොඩි කරගෙන ඇට ටික යකඩ දැල් සහිත පෙනේ​රයකින් පෙරාගෙන ඇට ඉවත් කරගන්න. දැන් මේ පල්ප් එකට සීනි ටික දාලා ලිප තියන්න. දිගටම හැඳි ගාන්න. මිශ්‍රණය උකු ගතියකට ආවම දෙහි මිශ්‍ර කරල ලිප ඕෆ් කරගන්න. දැන් මේක නිවෙන්න තියලා ජීවාණුහරණය කරගත්ත බෝතලේකට දාලා ෆ්‍රිජ් දාගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

6 days ago

ජෑම් හදල සල්ලි හොයමු ද?

ග්‍රීන් ඇපල් ජෑම් අවශ්‍ය ද්‍රව්‍ය කොළ ඇපල් ග්‍රෑම් 500 වතුර කෝප්ප 1/2 සීනි ග්‍රෑම් 500 කුරුඳු කුඩු පිංච් එකක් දෙහි යුෂ තේ හැඳි 2 ඇපල් වල පොතු සහ ඇට ඉවත් කර කොටුවට කපලා දෙහි යුෂ තේ හැන්දක් මිශ්‍ර කරල භාජනයකට දාගන්න. මේකට වතුර ටිකත් දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියාගන්න. දැන් මේක විනාඩි 2ක් වගේ ලිපේ තියල විනාඩි 2කින් පියන ඇරල හැන්දකින් හොඳින් ඇපල් ටික පොඩි කරගන්න. දැන් මෙයට සීනි ටික එකතු කරගෙන අඩු ගින්දරේ හැඳි ගාන්න. හොඳින් උකු වේගෙන එන විට ලිපෙන් ඉවත් කරගෙන නිවුනම ජීවාණුහරණය කරගත්ත බෝතලයකට අසුරගෙන ෆ්‍රිජ් එකේ තියාගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

6 days ago

ජෑම් හදල සල්ලි හොයමු ද?

අඹ ජෑම් අවශ්‍ය ද්‍රව්‍ය කපාගත් හොඳින් ඉදුණ අඹ කප් 2 සීනි කෝප්ප 1 1/2 දෙහි බෑයක යුෂ වතුර කෝප්ප 1/4 අඹ වලට වතුර කෝප්ප 1/4 දාගෙන බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේක පෑන් එකකට සීනිත් එකතු කරන් අඩු ගින්දරේ ලිපේ තියන්න. මිශ්‍රණය උකු වනතුරු දිගටම හැඳිගාන්න. මිශ්‍රණය උකු වේගෙන එන විට දෙහි යුෂ එකතු කරගන්න. හොඳින් උකු වුන මිශ්‍රණය නිවෙන්නට හැර ජීවාණුහරණය කරගත්ත බෝතලයකට දාල ෆ්‍රිජ් එකට දාගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

6 days ago

ජෑම් හදල සල්ලි හොයමු ද?

අන්නාසි ජෑම් අවශ්‍ය ද්‍රව්‍ය මැද නාරටිය ඉවත් කර කපාගත් අන්නාසි කප් 3 සීනි කෝප්ප 2 කරාබු නැටි කුඩු පිංච් එකක් දෙහි බෑයක යුෂ අන්නාසි ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ පල්ප් එක පෑන් එකකට දාලා සීනි ටික දාගෙන අඩු ගින්දරේ හැඳි ගාන්න. සීනි ටික දිය වේගෙන එනකොට මිශ්‍රණය තරමක දියාරු ගතියක් එනව. එතකොට ගින්දර වැඩි කරගෙන මිශ්‍රණය උතුරනකම් හැඳිගාන්න. නැවත ගින්දර අඩු කරගෙන මිශ්‍රණය උකු වේගෙන එනකොට දෙහි යුෂ සහ කරාබු නැටි කුඩු එකතු කරගන්න. හොඳින් උකු වුන මිශ්‍රණය නිවෙන්නට හැර ජීවාණුහරණය කරගත්ත බෝතලයකට දාල ෆ්‍රිජ් එකේ තියාගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

6 days ago

ජෑම් හදල සල්ලි හොයමු ද?

ස්ටෝබෙරි ජෑම් අවශ්‍ය ද්‍රව්‍ය ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 500 සීනි ග්‍රෑම් 250 දෙහි යුෂ තේ හැඳි 1 ස්ට්‍රෝබෙරි වල නටුව ඉවත් කර පොඩි කෑලි වලට කපාගන්න. දැන් මේ ටික පෑන් එකකට දාලා ඒකට සීනි ටික දාගන්න. අඩු ගින්දරේ හොඳට හැඳි ගාගන්න. උතුරනකොට උඩට එන පෙ​ණ වගේ ටික හැන්දකින් අයින් කරගෙන දිගටම හැඳිගාන්න. උතුරනකොට මේක පල්ප් එකක් වගේ එනවා. දැන් මේකෙ උකු ගතිය චෙක් කරන්න ප්ලේට් එකකට පොඩ්ඩක් දාලා බලන්න විසිරෙනවද කියල කියලා. එහෙම නැතුව ඝනට හිටිනව නම් පදම හරි. දැන් ලිපෙන් බාගන්න. නිවෙන්න තියලා ජීවාණුහරණය කළ බෝතලේකට දාලා ෆ්‍රිජ් දාගන්න.



WW Upul Rohana

shared form www.sidadiya.lk

6 days ago

Fresh Milk

උත්සාහය ************ බලය,තනතුරු තියෙණ ඇමතිවරු කර්මාන්ත ආරම්භ කරනවා කියන්නේ පම්පෝරි ගහන්න වටින දෙයක් නෙමෙයි... ඒවා උන්ගෙ ඩියුටිය... ඒත් දුෂ්කර අනුරාධපුර නාච්චාදුව පැත්තෙ තරුණයෙක්ගෙ මේ උත්සාහය අගය කළ යුත්තක්... Damith Roshana Wijedasa කාලෙක ඉඳන් ව්‍යවසායකයෙක් වෙන්න උත්සාහ දරණ යකඩ මිනිහෙක්...මේ වගේ උත්සාහයකට සහයෝගයක් දෙන්න බැරි නම්... අපේ රටේ සංවර්ධනය හීනෙන් දකින හීනයක් විතරමයි.... අනුරාධපුර අවට ඔබටත් පුළුවන් දමිත්ගෙ උත්සාහයට හයිය දෙන්න... දු අංක 715511499



Inosha Panandeniya

shared form www.sidadiya.lk

6 days ago

ගාන ලද පොල්

ගාන ලද පොල්.. පොල් නොගා පොල් කන්න ...



Ayomi Udeshika

shared form www.sidadiya.lk

6 days ago

අමතර මුදල් උපයන්න සුප් හදමු

එළවලු සුප් අවශ්‍ය ද්‍රව්‍ය කැරට් බෝංචි ගෝවා පරිප්පු අල ලූණු කරපිංචා ලුණු තුනපහ සාදන ක්‍රමය එළවලු ටික පිරිසිදු කරගෙන තරමක ලොකු කැබලි කපාගන්න එය බදුනකට දමා රස අනුව ලුණු හා තුනපහද දමා එළවළු ටික වැසී යන පරිදි ජලය දමන්න. දැන් ලිප තබා එළවලු ටික තැම්බෙන විට ලිපෙන් ඉවතට ගන්න අවශ්‍ය නම් සුප් දියර වෙන්කර ගෙන බබාට දෙන්න පුළුවන්. නැතිනම් මිශ්‍රණය බෙන්ඩර් කර තලපය බබාට දෙන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

6 days ago

අමතර මුදල් උපයන්න සුප් හදමු

වට්ටක්කා සුප් අවශ්‍ය ද්‍රව්‍ය වට්ටක්කා 500g ජලය පොල් කිරි කෝප්ප 1 බී ළූණු ගෙඩි 1 සුදු ලුණු බික් කිහිපයක් ලුනු අවශ්‍ය පමණ බටර් මේස හැදි 1 සාදන ක්‍රමය වට්ටක්කා, බී ළුණු ගෙඩිය සහ සුදු ළුණු සිහින් පෙති කැබලි වලට කපන්න. තෙල් දැමූ සාස්පානක් ලිප තබා එයට බී ළුණු සහ සුදු ළුණු දමා තෙම්පරාදු කර ගන්න. වට්ටක්කා එකතු කරන්න. එයට ජලය එකතු කර තම්බාගන්න වට්ටක්කා හොදින් තැම්බුන පසු මිශ්‍රණය බ්ලෙන්ඩර් කර, නැවත භාජනයට දමන්න. දැන් එයට පොල් කිරි කෝප්පය කවලම් කර නැවත ලිප තබා අවශ්‍ය ප්‍රමාණයට ලුනු යොදන්න. විනාඩි 5 ක් පමණ පොල්කිරි නටන්න හැර ලිපෙන් බාගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

6 days ago

අමතර මුදල් උපයන්න සුප් හදමු

එළු මස් සුප් අවශ්‍ය ද්‍රව්‍ය කටු රහිත එළුමස් සුදුළූණු ළූණු අල කැරට් ගෝවා ළූණු කොළ ලුණු සාදන ක්‍රමය සෝදා පිරිසිදු කරගත් මස් වලට ජලය සුදුළූණු, ළූණු හා ලුනු යොදා තම්බාගන්න. මිශ්‍රණය තැම්බුනු පසු කැබලි කපා ගත් අල ,කැරට් හා ගෝවා එකතු කරගන්න. එළවළු ටික හොදින් තැම්බෙන කොට ලිපෙන් ඉවත් කර ලූනු කොල එකතු කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

6 days ago

අමතර මුදල් උපයන්න සුප් හදමු

පරිප්පු සුප් අවශ්‍ය ද්‍රව්‍ය පරිප්පු 100 g නිවිති 200 g කරාබුනැටි සුදුළූණු ජලය ලුණු සාදන ක්‍රමය පරිප්පු, ළූණු, සුදුළූණු සහ ජලය භාජනයකට දමන්න. පරිප්පු තැම්බෙන විට නිවිති එකතු කරන්න. තවත් විනාඩ් 2 ක් පිස නිවෙන්න හරින්න. ඉන්පසු මිශ්‍රණය බෙන්ඩර් කර රස අනුව ලුණු එකතු කරන්න.



Inosha Panandeniya

shared form www.sidadiya.lk

6 days ago

මස්බැද්ද මින්ට් ඩයබටී

රුධිර සීනි පාලනය සහ ආහාර ජීර්ණ පද්ධතිය ශක්තිමත් කිරීමද, ශරීරයේ බර පාලනය කර ගැනීමට හැකි වූ මහඟු ඖෂධ Tea 🍵 පානයකි. දිනකට එක් තේ එකක් පානය කිරීමෙන් නිරෝගී සුවය ලබා ගත් හැක.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

6 days ago

අමතර මුදල් උපයන්න සුප් හදමු

ධාන්‍ය සුප් අවශ්‍ය ද්‍රව්‍ය පොගවා ගත් කවුපි/කඩල/මුං ඇට කුකුල් මස් තම්බා ගත් වතුර ලීක්ස් කැරට් තක්කාලි ලූනූ බිත්තර සුදු මද දෙකක් තම්බා ගත් නුල්ඩ්ස් සාදන ක්‍රමය කුකුල් මස් තම්බා ගත් වතුරට කෑලි කපා ගත් එළවළු එකතු කර රත් කරන්න. ඉන්පසු පොගවා ගත් ඇට බ්ලෙන්ඩර් කර එයත් මිශ්‍රණයට එකතු කරන්න. සුප් එක උතුරන කොට එයට තක්කාලි ,බිත්තර සුදු මද ,තම්බපු නූඩ්ල්ස් හා ලුනු එකතු කරන්න.



Waruni Deshika

shared form www.sidadiya.lk

5 days ago

Birthday cake

Eny design available



Waruni Deshika

shared form www.sidadiya.lk

5 days ago

Birthday cake

Available any design



navanjana wishwa

shared form www.sidadiya.lk

5 days ago

පරිප්පු

අවශ්‍ය ද්‍රව්‍ය. පරිප්පු, ලොකු ලූණු, සුදු ලූණු, කරපිංච, කුරුදු කෑල්ලක්,අමු මිරිස් කරල් දෙක තුනක්, රම්පෙ, උම්බලකඩ,දිය කිරි,මිටි කිරි අඩු ගින්දරෙන්. පරිප්පු, ලොකු ලූණු, සුදු ලූණු, කරපිංච, කුරුදු කෑල්ලක් අමු මිරිස් කරල් දෙක තුනක්, රම්පෙ, දිය කිරි ටිකක් එක්ක භාජනයකට දාල ලිපේ තියන්න පරිප්පු ටික තැඹිලි පාටෙන් කහ පාටට හැරීගෙන එන කොට(එ් කියන්නෙ සාමාන්‍යයෙන් තැම්බීගෙන එන කොට) දාන්න මිටි කිරි. කහකුඩු, තුනපහ සහ ලුණු.. එ්ක තැම්බෙන්න අැරල, වෙනත් භාජනයකට තෙල් ටිකක් දාල රත් උනාම – අබ, ලියාගත් දොකු ලූණු, ලියාගත් සුදු ලූණු, කෑළි මිරිස්, අමු මිරිස් කරල් දෙක තුනක් (වියලි මිරිස් නම් තවත් රසයි), කරපිංච, රම්පෙ සහ ලුණු ටිකක් එක්තු කරල රන් පැහැ වෙනකල් බදින්න.. හොදින් තැමුබුන පරිප්පු එකට මේ තෙල් දාපු රන් පැහැ ලූණු මිශ්‍රණය එකතු කරන්න…පරිප්පුව තෙම්පරාදු වෙන්න දෙන්න…



navanjana wishwa

shared form www.sidadiya.lk

5 days ago

MAKARONY PASTA

සාදා ගන්නා ආකාරය: මුලින්ම භාජනයක් සාමාන්‍ය ගින්දරේ ලිප තබා ගෙන එයට බටර් ටික දමා ගන්න.බටර් හොඳින් දිය වූ පසුව එයට පාන් පිටි ටික එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න.පසුව ගින්දර අඩු කර එයට නැවුම් කිරි එක් කර ගෙන කැටි නොගැසෙන සේ හොඳින් හැදි ගාමින් අඩු ගින්දරේ කලවම් කරන්න.ඉන් අසුව චීස් වර්ග සියල්ල එකතු කර චීස් හොඳින් දිය වන තුරු පිස ගන්න.චීස් සෝස් එක නටා ගෙන එන විට එයට රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර ලිපෙන් බා ගන්න.දැන් තම්බා ගත් පාස්තා වලට චීස් සෝස් එක දමා කලවම් කර ගන්න. නැතහොත් තම්බා ගත් පාස්තා උඩින් චීස් සෝ එක දමා ගන්න.අවසානයේ දී එයට උඩින් චොප් කර ගත් කොත්තමල්ලි කොළ ඉස ගෙන උණුවෙන්ම රස විදින්න.



Pradeep Lakshan

shared form www.sidadiya.lk

5 days ago

Food City

පොල් නොගා පොල් කන්න.. අදම මිලදීගන්න.



kolambage Aruna Nalaka Karunarathna

shared form www.sidadiya.lk

5 days ago

නිවසේදී ආරම්භ කල ස්වයං රැකියා

ඇඳුම් මැසීම අලුතින් ලස්සන ඇඳුමක් ගන්නට කොළඹ සුපිරි පෙළේ ශොපින් මෝල් එකකට ගියොත් අපේ ඇස් උඩ යන ගණන් තමයි ඒ ඇඳුම් ටැග් වල තියෙන්නේ. ටිකක් අඩුවට ඇඳුම් තිබුනත් ඒවායේ රෙදි වගේම මැහුනුත් ඒ තරම් කොලිටියට නැහැ. අපිට දකින හැම ඇඳුමක්ම, ඩිසයින් එකක්ම මහන්න බැහැ. ඒත් ලස්සන ගවුමක්, බ්ලවුස් එකක්, අලුත් මාදිලියේ සායක් නිවසේදීම මහන්න පුුරුදු වුනොත් අපිට ඕනි ඇඳුම් පැළඳුම් අපිට ඕනි විදියට ඩිසයින් කරගෙන මහගන්න පුලුවනි. ටික කාලයක් පුරුදු පුහුණු වුනොත් ඉන් පස්සේ සාරි බ්ලවුස්, අලුතින් එන ෆැෂන් අනුවත් මහන්න හැකියාව ලැබෙනවා. ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්න කාන්තාවට ගෙදර ගතකරන කාලයේ කීයක් හරි හොයාගන්න මේ මැහුම් වැඩ පාවිච්චි කරන්නත් පුලුවන්.



kolambage Aruna Nalaka Karunarathna

shared form www.sidadiya.lk

5 days ago

නිවසේදී ආරම්භ කල ස්වයං රැකියා

ගෙවතු වගාව මල් වගාව ලස්සන මල් තියෙන වටපිටාවක ඉන්න අපි හැමෝම ආසයි. ඒත් උද්‍යාන වගාවකට හැමෝටම එකවගේ ඉඩ කඩ නැහැ. යම්තාක් දුරකට වැවුණු මල් පෝච්චියක් සෑහෙන මුදලකට අලෙවි කරන්නට පුලුවන් හොඳ වෙළඳපොලක් හදාගත්තොත්. අද අන්තර්ජාලයෙන් වගේම කෘෂිකර්ම සහාය මධ්‍යස්ථාන හරහා වගා කටයුතු පිළිබඳ දැනුම ලෙහෙසියෙන් ගන්නට පුලුවන්. මල් ඇට, කුඩා මල් පැල වගේම මල් පෝච්චි විදියටත් මල් පැල විකිණීමේ ව්‍යාපාරය කරන්න හැකියි. තරමක විශාල ඉඩකඩක් වත්තේ තිබෙනවා නම් ගෙවතු වගාවත් හොඳ ආදායම් මාර්ගයක්. බණ්ඩක්කා ගස් පනහක් හැටක් හිටවගෙන සාත්තු කරලා, ටික කලකින් වැඩිපුර හැදුණු බණ්ඩක්කා ටික කඩේකට ගෙනිහින් දීලා කීයක් හරි ගන්න කාන්තාවන් ලැජ්ජ වෙන්න ඕනා නැහැ.



Inosha Panandeniya

shared form www.sidadiya.lk

4 days ago

ඔර්ජිනල් කිතුල් හකුරු

ඔරිජිනල් කිතුල් හකුරු වගකීමක් ඇතිව ඔබ නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න 076 96 12 860



Inosha Panandeniya

shared form www.sidadiya.lk

3 days ago

Restaurant and Cafe

ගෙලිඔය තියෙන සුපිරිම හොටෙල් එකක්...කෑමත් සුපිරිම සුපිරි ..ගානත් හරිම සාධාරණයි .....



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 days ago

ගෙදරදීම පුඩින් හදල සල්ලි හොයමු

ෆෘට් පුඩින් අවශ්‍ය ද්‍රව්‍ය කිරි කෝප්ප 3 ජෙලටින් තේ හැඳි 4 විපින් ක්‍රීම් කෝප්ප 1 වැනිලා තේ හැන්දක් පමණ ස්ට්‍රෝබෙරි කැබලි, අන්නාසි කැබලි, බ්ලූබෙරි, ප්ලම්ස්, ඇපල්, මිදි මුලින්ම ජෙලටින් ටික ඩබල් බොයිල් කරගන්න. කිරි ටිකට වැනිලා එකතු කරලා ඒකට බීට් කරගත් විපින් ක්‍රීම් එකතු කරගන්න. දැන් මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාගන්න. හොඳට සෙට් උනාම උඩින් පලතුරු කෑලි ටික දාලා ලස්සනට සරසගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 days ago

ගෙදරදීම පුඩින් හදල සල්ලි හොයමු

පාන් පුඩින් අවශ්‍ය ද්‍රව්‍ය වාටි ඉවත් කළ පාන් පෙති ටිකක් කිරි කෝප්ප 4 බිත්තර 4 සීනි වැනිලා ඩ්‍රෙසින් එකට කජු හා ප්ලම්ස් මුලින්ම සීනි, බිත්තර සහ කිරි බීට් කරගන්න. ඒකට සාමාන්‍ය සයිස් කෑලි කඩාගත් පාන් එකතු කරන්න. ඒකට වැනිලා එක්කරගන්න. කිරි එකතු කළාම පාන් වලට උඩින් කිරි එන්න ඕනේ. ඒක තමා හරි විදිය. දැන් කජු හා ප්ලම්ස් උඩින් දාලා අංශක 180°ට විනාඩි 20ක් විතර බේක් කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 days ago

ගෙදරදීම පුඩින් හදල සල්ලි හොයමු

කැරමල් පුඩින් අවශ්‍ය ද්‍රව්‍ය කිරි කෝප්ප 2 1/4 බිත්තර 4 සීනි මේසහැඳි 6 සුවඳ කුඩු ටිකක් වැනිලා තේ හැන්දක් කැරමල් එක සඳහා සීනි මේස හැඳි 5ක් මුලින්ම භාජනයක් ලිප තියලා සීනි මේසභැඳි 5ක් දාලා කැරමල් එක හදාගන්න. ඒ කැරමල් ටික පුඩින් හදන භාජනේ අඩියට දාගන්න. ඊට පස්සෙ භාජනයකට කිරි ටික දාලා, බිත්තර, සුවඳ කුඩු හා සීනි කලවම් කරලා විස්ක් කරගන්න. නැත්තන් බ්ලෙන්ඩ් කරගන්න මේක කැරමල් දාපු භාජනයට දාලා විනාඩි 40ක් විතර ස්ටීම් කරගන්න. නැත්තන් අංශක 180°ට රත්කළ අවන් එකේ විනාඩි 30ක් බේක් කරගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 days ago

ගෙදරදීම පුඩින් හදල සල්ලි හොයමු

ජෙලි පුඩින් අවශ්‍ය ද්‍රව්‍ය පාට තුනකින් ජෙලි පැකට් මිල්ක්මේඩ් 390 ml ජෙලටින් තේ හැඳි 6 සීනි රස අනුව ජෙලි පැකට් 3 වෙන වෙනම හදාගන්න. හැබැයි වෙනදා හදනකොට දාන වතුර ප්‍රමාණෙට වඩා කෝප්පයක් අඩුවෙන් හදාගන්න. ඒ කියන්නෙ පැකට් එකකට වතුර කෝප්ප 2ක් වගේ. ඒ වගේ ඝනට හදාගත්තු ජෙලි ෆ්‍රිජ් එකේ දාන්න. දැන් බෝල් එකක් අරගෙන ඒකට මිල්ක්මේඩ් එක කඩලා දාගන්න. ඒකෙන්ම වතුර කෝප්පයක් අරන් ඒකත් කලවම් කරන්න. ජෙලටින් ටික ඩබල් බොයිල් කරලා කැටි නොගැහෙන්න කලවම් කරලා මේ කිරි එකට එකතු කරන්න. ඊටපස්සෙ ඔක්කොම කලවම් කරන්න. දැන් ෆ්‍රිජ් එකේ දාපු ජෙලි ට්‍රේස් එලියට අරන් කොටුවට ජෙලි කෑලි කපාගන්න. බටර් ගාගත් භාජනයකට ජෙලි කෑලි ලස්සනට අතුරලා ඊට උඩින් අර කිරි එක වක්කරලා ෆ්‍රිජ් එකට දාන්න සෙට් වෙන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 days ago

ගෙදරදීම පුඩින් හදල සල්ලි හොයමු

මාරි බිස්කට් පුඩින් අවශ්‍ය ද්‍රව්‍ය මාරි බිස්කට් 200g පැකට් එකක් කිරි ටිකක් බටර් 50g අයිසින් ෂුගර් 200g චොක්ලට් පව්ඩර් මේස හැදි 2 ක් පමණ මුලින්ම බෝල් එකක් ගන්න. බිස්කට් එකින් එක අරන් කිරි වල පොඟවලා බෝල් එකේ ඇතුළතින් එක ලේයර් එකක් අතුරගන්න. ඊට පස්සෙ බටර්, අයිසින් ෂුගර්, චොක්ලට් පවුඩර් එකතු කරලා චොක්ලට් බටර් අයිසින් එක හදාගන්න. ඉන්පසු අර බිස්කට් ලේයර් එකට උඩින් අයිසින් ලේයර් එකක් අතුරගන්න. ඊට පස්සෙ ආයෙ කිරි වල පොඟවපු බිස්කට් ලේයර් එකක් දාගන්න. ආයෙත් අයිසින් ලේයර් එකක් දාගන්න. ඒ වගෙ බෝල් එක පිරෙන්නම ලේයර්ස් දාගන්න. අන්තිමට චොක්ලට් අයිසින් ගාගෙන ලන්ච් ශීට් එකකින් වහලා ෆ්‍රිජ් එකට දාගන්න. කූල් උනාට පස්සෙ එළියට අරන් ලා රස්නෙ වතුර භාජනේක ටිකක් වෙලා දාගෙන ඉඳලා අනික් පැත්ත හරවන්න.



Nisansala Liyanaarachchi

shared form www.sidadiya.lk

3 days ago

Murukku maker

Call Us / Whatsapp / Viber : 0761 838343, Islandwide Delivery & Cash on Delivery Free Delivery within Colombo 1 to 15 To Order Send ur Name, Address and Phone number with the Product Details



Shalith Malshan

shared form www.sidadiya.lk

3 days ago

උසස් තත්වයේ කජු විකිණීමට

අමු කජු මද (raw cashew nuts) 1kg 2600 අමු කජු පියලි (raw cashew splits) 1kg 2550 අමු කජු කැබලි (raw broken cashew)1kg 2100 අවන් කජු මද(oven full nut) 1kg 2850 ඩෙවල් කජු (devilled cashew) 1kg 2950



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 days ago

වෙඩින් කේක් වෙනුවට මේවා දෙන්න

කප් කේක් වෙඩින් කෑල්ල වෙනුවට කප් කියලා එකක් ඉස්සරහින් ආදේශ වීමක් විතරක් නම් මෙතනින් වෙන්නේ නැහැ. අනික් කාරණේ තමයි කප්කේක් කිව්වයි කියලා හන්දියේ කඩේ තියෙන ඉස්පන්චි දුන්නට හරියන්නෙත් නැහැ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කප්කේක් එකක් වෙන්න ම ඕනි. හොඳ අයිසින් තට්ටුවකුත් එක්ක (උත්තර ගෝලේ හිම පතනෙ වගේ එපා ඉතින්) අලුත හදපු කප්කේක් කෑල්ලක් බෙදනවා කියන්නේ කාගේත් හිත සතුටු වෙන වැඩක්. දැන් හිතන්න බටර් නම් එහෙමයි, චොකලට් නම් එහෙමයි, දෙක ම නම් ඒත් එහෙමයි. ඔයිට අමතර ව විවිධ රසවලින් යුතු කප්කේක් තියනවා. වෙඩින් කේක් හදන්න උදවිය ඉන්නවනේ. ඒ වගේ ම කප්කේක් හදන අයත් ඉන්නවා. නිකන් කඩේකින් ගිහින් ගන්නවට වඩා හෝම් බේකරි සිස්ටම් එකේ බිස්නස් එකක් කරන් ඉන්න කෙනෙක්ගෙන් ගන්න පුළුවනි නම් පංකාදුයි. වෙඩින් කේක් දෙනවා වගේ ම සුකුරුත්තමක් අස්සට දාලා දෙන්නයි තියෙන්නේ.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

3 days ago

වෙඩින් කේක් වෙනුවට මේවා දෙන්න

රස කැවිලි මල්ල සුද්දගේ රටේ හැලෝවීන්වලට ගෙයින් ගෙට ගිහින් රසකැවිලි ඉල්ලනවා චිත්‍රපටවල දැකලා ඇති. එහෙම ගිහින් කොල්ලෝ කුරුට්ටෝ රසකැවිලි ටික දාගන්නේ ලොකු මල්ලකට. ඒ තරම් පත මල්ලක් නොවුණත් රසකැවිලි කීපයක මිශ්‍රණයක් විදියට පුංචි පාර්සලයක් දෙන්න පුළුවන් නම් හරි චුවීට් අප්පා. චොකලට්, ටොපී, චුයින්ගම් වගේ දෙවල් දාලා (හැබැයි ඉතින් ඩෙල්ටා ටොපි එහෙම දාන්න එපා). මේක ඇවිල්ලා වෙඩිමක් නිසා දෙකයි පනහේ රසකැවිලි මානසිකත්වයෙන් මිදෙන්න වෙනවා. පිටකොටුවේ පොඩ්ඩක් ඇවිද්දා නම් දිව්‍යලෝක වගේ රසකැවිලි කඩ තියනවා. ඒවා මේ රටේ වගේ නම් පේන්නේ නැහැ. අන්න එහෙම විච්චුර්ණ ගතියක් තියෙන රසකැවිලි ටිකකුයි දෙන්න ඕනි. මේවා බහාලන උරේ ගැනයි ඊළඟට සැලකිලිමත් විය යුත්තේ. නිකන් ම පොලිතින් උරයක දාලා දෙන්නේ නැතුව වෛවාරණ ඩිසයින් එකක් තියෙන පැකට් ටිකක් මුලින් හදාගන්න වෙනවා.



Senarath Konara

shared form www.sidadiya.lk

3 days ago

තේ

ඔනිම තැනකට දුම්රිය මගින් ප්‍රවාහනය කරනු ලබයි විස්තර සදහා අමතන්න



Senarath Konara

shared form www.sidadiya.lk

3 days ago

ඉගිනි අහාරමය අතිරේකය

ඔනිම තැනකට FREE ඩිලිවරි කරනු ලබයි



Inosha Panandeniya

shared form www.sidadiya.lk

2 days ago

පැලපී කෑමේ වාසි

පැලපී ඔබ ඉවත් කරනවාද ? එසේනම් ඔබ ස්වාභාවික ප්‍රතිකර්ම ප්‍රතික්ෂේප කරයි..



navanjana wishwa

shared form www.sidadiya.lk

2 days ago

නූඩ්ල්ස් කොත්තු.

සාදන ක්‍රමය - මුලින්ම පැකට් එකේ තියෙන විදියට නූඩ්ල්ස් ටික තම්බා ගෙන පැත්තකින් තියන්න. කටු රහිත චිකන් ටික අරගෙන පොඩි කැලි කපලා ලුනු,ගම්මිරිස් කුඩු දාල මිනිත්තු 5 ක් විතර තියලා යන්තමින් තෙලෙන් බැදගන්න. ඒ ටික තෙලෙන් අයින් කර පැත්තකින් තියන්න.ඉන්පසු පොඩියට කැපූ කැරට්, බී ලූනු, මාලුමිරිස්, ගෝවා, සුදු ලූනු කරපිංචා සේරම තෙල් ටිකකින් බැදෙන්න අරින්න. තරමක් සොෆ්ට් උනාට පස්සෙ චිකන් හොදි ටික එකතු කරන්න ඕන. කෑලි මිරිස් ටිකත් ඒකටම එකතු කරන්න. ඊට පස්සෙ බිත්තරයක් කඩල දාලා එකත් හොඳට කලවම් කරන්න . ඉන්පසු නූඩ්ල්ස් ටික, බැදපු චිකන් ටිකයි දාල හොඳට වැඩි ගින්දරෙන් කලවම් කරන්න . අන්තිමට පොඩියට කපා ගත්ත ලූනු කොල ටිකකුයි, තක්කාලි ටිකකුයි දාලා. කොත්තුව මැලවෙන කල් හොඳින් කලවම් කරන්න . රස අනුව ලුණු දමන්න.අවශ්‍ය නම් ලිපෙන් බාන්න බාන්න කලින් සෝයා සෝස් හා බාබකිව් සෝස් ටිකක් දාන්න.



Shalith Malshan

shared form www.sidadiya.lk

2 days ago

Pol maari

pol marri taste



Senarath Konara

shared form www.sidadiya.lk

2 days ago

ඉගිනි අහාරමය පොශනීය පානය

Obage niwasatama dilivery free karanu labai



Senarath Konara

shared form www.sidadiya.lk

2 days ago

ඉගිනි ආහරමය පොශනීය පානය

ඔබගෙ නිවසට FREE dilivery කරනු ලබයි



D.C.A. Samarawickrama

shared form www.sidadiya.lk

1 day ago

ඉස්තරම් තේ කුඩු

ඉස්තරම් තේ කුඩු තොග සැපයිය හැකිය .ගැනුම්කරුවන් සිටී නම් විමසන්න ....0773668092



Miyuru Dilshan

shared form www.sidadiya.lk

1 day ago

මස්කට හදමු.

මස්කට් හැදීමට අවශ්‍ය දේ : තිරිඟු පිටි අඬු කෝප්ප 2 පොල් කිරි (තෙවරක් මිරිකාගත් පොල් ගෙඩියක කිරි) සීනි අඬු කෝප්ප 4 එළඟිතෙල් මේස හැඳි 2 ආහාර වර්ණකාරක බිංදු 2-3ක් කජුමද (රන්වන් පාටට බැදගත්) අවශ්‍ය පමණට මස්කට් හදමු : 1. බඳුනකට තිරිඟු පිටි එක්කර එයට වතුර දමා හොඳින් දියකර පෙරාගන්න. 2. එවිට පිටිවල ඇති ඇලෙන සුළු කොටස වෙන්කර ගත හැකිය. 3. එසේ පෙරාගත් පිටි කොටස (ග්ලුටන්) සහ පොල් කිරි ඝනකම් පතුල සහිත පෑන් එකකට දමා හොඳින් කලවම් කරගෙන මද ගින්දරේ උණු කරන්න. 4. උණු වී ගෙන එන විටම එයට සීනි එකතු කර, වර්ණකාරක බිංදු 2-3ක්ද එක් කර හොඳින් හැඳිගාන්න. 5. එම මිශ්‍රණය එකම ගුලියක් සේ හැන්දට එකතු කර ගත හැකි පදමට පැමිණ තුනීකර ගැනීමට හැකිවන පදමට එනතෙක් දිගටම හැඳිගාන්න. 6. එවිට පොල් තෙල් වෙනම මතුවී පෙනේ. දැන් ලිප නිවා දමන්න. 7. තැටියක් ගෙන එළඟිතෙල් ගල්වා ඒ මත සාදාගත් මස්කට් මිශ්‍රණය තුනීකර ඊට උඩින් බැදගත් කජු දමා කැබැලි කපා පිළිගන්වන්න



kolambage Aruna Nalaka Karunarathna

shared form www.sidadiya.lk

1 day ago

පලතුරු අයිස්ක්‍රීම් හදල සල්ලි හොයමු

කොමඩු අයිස්ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය ඇට ඉවත් කරලා කෑලි කරගත් කොමඩු කෝප්ප 2 සීනි මේස හැඳි 4 විප් ක්‍රීම් කෝප්ප 1 කොමඩු කෑලි වලට සීනි දාලා මිනිත්තු 2ක් බ්ලෙන්ඩ් කරගන්න. ස්පීඩ් කන්ට්‍රෝල් තියෙන බ්ලෙන්ඩර් එකක නම් හයිස්පීඩ් දාගන්න. දැන් ඒක පෙරාගන්න. දැන් මේ ජූස් එක ආයිත් බ්ලෙන්ඩර් එකට දාගෙන විප් ක්‍රීම් එක්ක ආයෙත් විනාඩි 2ක් හයිස්පීඩ් බ්ලෙන්ඩ් කරගන්න. එයා ටයිට් කන්ටේනර් එකක් අරන් කොමඩු මික්ස්චර් එක දාලා පැය12ක් ෆ්‍රීසර් එකේ තියන්න.



kolambage Aruna Nalaka Karunarathna

shared form www.sidadiya.lk

1 day ago

පලතුරු අයිස්ක්‍රීම් හදල සල්ලි හොයමු

ස්ටෝබෙරි අයිස්ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 200 විප් ක්‍රීම් හෝ හෙවි ක්‍රීම් කෝප්ප 2 මිල්ක්මේඩ් කෝප්ප 1 ස්ට්‍රෝබෙරි එසන්ස් තේ හැඳි 1 රෙඩ් කලරින් බින්දු දෙක තුනක් (අවශ්‍ය නම්) ස්ට්‍රෝබෙරි ටික බ්ලෙන්ඩ් කරගන්න. බෝල් එකක් හා බීටර් විස්ක් දෙක ෆ්‍රිජ් එකේ විනාඩි 30ක් තියලා එළියට ගන්න. දැන් විප් ක්‍රීම් ටික බෝල් එකට දාල බීට් කරගන්න. හැන්දෙන් ගත්තම උඩට හිටින ලෙවල් එකට බීට් කළා නම් ඇති. දැන් මේකට මිල්ක්මේඩ් ටික එකතු කරගන්න. ආයෙම හොඳට බීට් කරගන්න. දැන් මේ මිශ්‍රණයට බ්ලෙන්ඩ් කරගත් ස්ට්‍රෝබෙරි ටික එකතු කරන්න. හැන්දකින් හොඳට කලවම් කරගන්න. ස්ට්‍රෝබෙරි එසන්ස් එකතු කරගන්න. කලරින් ඩ්‍රොප්ස් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. භාජනයකට දාලා හොඳින් තද වෙන්න වහල පැය 6ක් විතර ෆ්‍රීස් කරගන්න.



kolambage Aruna Nalaka Karunarathna

shared form www.sidadiya.lk

1 day ago

පලතුරු අයිස්ක්‍රීම් හදල සල්ලි හොයමු

මැන්ගෝ අයිස්ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය හොඳට ඉදුණු අඹ ගෙඩි 3ක් විප්ක්‍රීම් 500ml මිල්ක්මේඩ් පොඩි ටින් 1 කහපාට කලරින් ටිකක් (අවශ්‍ය නම්) වැනිලා ටිකක් විප්ක්‍රීම් ටික ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් කූල් පිටින්ම ඝණ වෙනකල් බීට් කරගන්න. මේකට මිල්ක්මේඩ් එක එකතු කරගන්න. අඹ ටික කෑලි කරලා බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ මැන්ගෝ පල්ප් එක විප්ක්‍රීම් මිශ්‍රණයට දාලා ඒකට වැනිලා ටිකක් එකතු කරගන්න. මේකට කහපාට කලරින් ටිකකුත් එකතු කරලා හොඳට බීට් කරගන්න. කැමති නම් අඹ කෑලි ටිකක් වෙනම මේකට එකතු කරලා කලවම් කරගන්න. දැන් මේක බෝල් එකකට දාලා ෆ්‍රීසර් දාන්න. පැයකින් වගේ එළියට අරන් ආපහු ටිකක් බීට් කරලා ෆ්‍රීසර් එකට දාන්න. ඒ වගේ දෙතුන් පාරක් බීට් කරලා කෑමට ගන්න.



kolambage Aruna Nalaka Karunarathna

shared form www.sidadiya.lk

1 day ago

පලතුරු අයිස්ක්‍රීම් හදල සල්ලි හොයමු

අලිගැටපේර අයිස්ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය හොඳට ඉදුණු අලිගැටපේර ගෙඩි 1 මිල්ක්මේඩ් ටින් 1 ලෙමන් ජූස් මේස හැඳි 2 ලුණු ටිකක් හෙවි ක්‍රීම් හෝ විප් ක්‍රීම් කෝප්ප 2 අලිගැටපේර මදය සූරල බ්ලෙන්ඩර් එකට දාලා ඒකට ලෙමන් ජූස්, ලුණු හා මිල්ක්මේඩ් ටික දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. විනාඩි 30ක් විතර ෆ්‍රිජ් එකේ දාගත්තු බෝල් එකක් හා විස්ක් දෙක අරගෙන විප්ක්‍රීම් ටික හොඳට බීට් කරගන්න. ඝනකම් වෙනකල් බීට් උනාම ඒකට බ්ලෙන්ඩ් කරගත් අලිගැටපේර ටික එකතු කරගන්න. දැන් තවත් හොඳට බීට් කරගන්න. ෆ්‍රීසර් එකේ පැය 12ක් වගේ තියලා කෑමට ගන්න පුළුවන්.



kolambage Aruna Nalaka Karunarathna

shared form www.sidadiya.lk

1 day ago

පලතුරු අයිස්ක්‍රීම් හදල සල්ලි හොයමු

බනානා අයිස්ක්‍රීම් අවශ්‍ය ද්‍රව්‍ය මිල්ක්මේඩ් පොඩි ටින් 1 සීනි කෝප්ප 1/4 ජෙලටින් තේ හැඳි 1 බනානා එසන්ස් ටිකක් හොඳින් බ්ලෙන්ඩ් කරගත් කෙසෙල්ගෙඩි 8-10 මුලින්ම මිල්ක්මේඩ් එක කඩලා භාජනයකට දාලා ඒ ටින් ඒකේ ප්‍රමාණයටම වතුර දාලා කලවම් කරගන්න. ජෙලටින් වලට වතුර මේස හැඳි 3ක් එකතු කරලා කලවම් කරලා විනාඩි 10ක් විතර තියල ඒකත් මිල්ක්මේඩ් මිශ්‍රණයට දාගන්න. දැන් මේක බීට් කරන ගමන් කෙසෙල් පල්ප් ටික, සීනි ටික හා බනානා එසන්ස් එකතු කරලා හොඳට බීට් කරගන්න. මේ මිශ්‍රණය ෆ්‍රීසර් එකේ පැයක් තියලා එළියට අරන් ආයේ බීට් කරන්න. ආයෙ ෆ්‍රීසර් එකේ පැයක් තියලා එළියට අරන් බීට් කරන්න. මේ විදියට 3-4 වතාවක් බීට් කරගෙන කෑමට ගන්න පුළුවන්.



navanjana wishwa

shared form www.sidadiya.lk

2 hours ago

සුදු ලූණූ බයිට්

සාදන ක්‍රමය. ➧සුදුලූණූ ගෙඩිවල මතුපිටින් ඇ‌ති පොත්ත ඉවත් නොකර සෝදා ගන්න...කැමති නම් බික් වෙන් කර ගන්න...ගෙඩිය පිටින්ම වුවද ගත හැක. වතුර බේරා පිසදා ගන්න. එය පසකින් තබා ගන්න...ලොකු ලූණූ ගෙඩි ටික සිහින්ව ලියා ගන්න.... ➧කරපිංචා ටික ගැඹුරැ තෙලේ ක්‍රිස්පි වනතෙක් බැද ගන්න...දැන් ලූණූ රන්වන් පාට සහ ක්‍රිස්පි ගතියට එනතෙක් ගැඹුරැ තෙලේ බැද ගන්න...තෙල් බේරා ගන්න...දැන් සුදුලූණූ ටික පොත්ත සමඟම එම තෙල්වලම විනාඩියක් හෝ දෙකක් පමණ බැඳ ගන්න... ➧සුදුලූණූ වල ප්‍රමාණය අනුව කාලය වෙනස් වන නිසා කල්පනාකාරී විය යුතුයි.... ➧පැතලි සෝස් පෑන් වැනි බඳුනකට තෙල් ඉතාමත් ස්වල්පයක් දමා මඳගින්නේ රත්වන විට එයට කෑලි මිරිස් සමඟ උම්බලකඩ දමා විනාඩියක් රත් කර ගන්න.... ➧එයට බැද ගත් ලූණූ කරපිංචා සහ සුදුලූණූ ටික දමා රස අනුව ගම්මිරිස් , ලුණු සහ සෝස් දමා පරිස්සමින් කලවම් කර ඉක්මණින් ලිපෙන් ඉවත් කර ගන්න... ➧කරපිංචා වෙනුවට කතුරැ මුරැංගා කොළ ආ‌දේශ කල හැකි අතර බැද ගත් රට කජු හෝ කජු මද එක් කර ගත හැක....



Nisansala Liyanaarachchi

shared form www.sidadiya.lk

2 hours ago

Catering service

Catering!!! 0778290165 delivery to your place කේටරින් (වේඩින්, උපන්දින සාද,සියල්‍රම උත්සව අවස්ථා, අවමංගල අවස්ථා,රැකියා ස්ථානයට කෑම පාර්සල්)*බිරියානි සවාන් සහ ඔනැම ආහාර ඇණව්ම් නිවසටම රැගෙන එනු ලැබේ. 0778290165. බිරියානි - (Home Delivery) නිවසටම රැගෙන එනු ලැබේ. : 0778290165 *වෙජි (එළවලු බිරියානි): 5 දෙනෙකුට රු.3000/- | 10 දෙනෙකුට රු. 5000/- *චිකන් (කුකුල් මස් බිරියානි): 5 දෙනෙකුට රු.3500/- | 10 දෙනෙකුට රු.5500/- *චිකන් සහ එග් (කුකුල් මස් සහ බිත්තර බිරියානි): 5 දෙනෙකුට රු.4000/- | 10 දෙනෙකුට රු.6000/- ප්‍රෝන් (ඉස්සො බිරියානි): 5 දෙනෙකුට රු. 4000/- | 10 දෙනෙකුට රු. 7500/- *මට්න් (එලු මස් බිරියානි): 5 දෙනෙකුට රු.6000/- | 10 දෙනෙකුට රු.12000/- *සී-ෆුඩ් (Seafood) බිරියානි: 5 දෙනෙකුට රු.4000/- | 10 දෙනෙකුට රු.7500/- *** සී-ෆුඩ් VIP (විශේෂ) බිරියානි: 5 දෙනෙකුට රු.6000/- | 10 දෙනෙකුට රු.10000/- ****සෑම ඇණවුමකටම වටලප්පන් නොමිලේ



Tharindu Dilshan

shared form www.sidadiya.lk

2 hours ago

හාල්මැස්සන්

100g rs70 1kg 700



Hasanka prasath

shared form www.sidadiya.lk

1 hour ago

සොයා මිට්

Obata awasya warga resakin rajarata soya mite



Hasanka prasath

shared form www.sidadiya.lk

1 hour ago

තුන පහ කුඩු

Obata awasya siyaluma thuna paha kudu miris kudu



Hasanka prasath

shared form www.sidadiya.lk

1 hour ago

පහන්තිර

පහන්තිර Pahanthira miti obata awasya premanayak labagatha heka



Shalith Malshan

shared form www.sidadiya.lk

1 hour ago

Gotu kola lot

fresh gotu kola lot



Shalith Malshan

shared form www.sidadiya.lk

1 hour ago

Pachchaperumal

ruwan foods, pachchaperumal sale



Senarath Konara

shared form www.sidadiya.lk

1 hour ago

කොමාරිකා පැල

ඔනිම ප්‍රමානයක් කොමාරිකා පැල ලබාදිය හැක



Senarath Konara

shared form www.sidadiya.lk

1 hour ago

චොකලට්

ලන්කාවෙ ඔනිම තැනකට ඩිලිවරි කරනු ලබයි



navanjana wishwa

shared form www.sidadiya.lk

48 minutes from now

කඩල බයිටි.

සාදාගන්නා ආකාරය. ➧Pan එකකට තෙල් මෙිස හැදි 2ක් දාලා රත් උනාම අබ ටික එකතු කරන්න. එයටම කරපංචා, කුරුදු පොත්ත සහ වියළි මිරිස් කරල් කෑලි කඩල දාන්න. ඊලගට සිහින් පෙති කපා ගත් ලූූණු එකතු කරල වි 2ක් විතර බදින්න. ➧දැන් කෑලි මිරිස් දාලා කලවමි කරලා තමිබා ගත් කඩල ටිකත් එකතු කරන්න. ➧පොල් බෑයේ පොල් කපලා ගලවලා ගන්න විදිහ ඔබ දන්නවානෙ. කැමති තරමෙි කෑලි කපල මෙි මිශ්රණයට එකතු තරන්න. ➧රස අනුව ලුණුු කුඩු ටිකකුත් දාගන්න. ➧දැන් මද ගින්දරේ හොදින්කලවමි කරලා ලිපෙන් බා ගන්න. වැදගත්. කඩල තමිබන කොට ලුණු එකතු කරන්න මතක තියා ගන්න.



navanjana wishwa

shared form www.sidadiya.lk

48 minutes from now

බේක් කළ අළු කෙසෙල් චිප්ස්.

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ අළු කෙසෙල් බේක් කරල චිප්ස් හදාගන්න විදිහ. බලන්නකෝ එහෙනම් හදන්නෙ කොහොමද කියලා. අවශ්‍ය දේවල්: ➧අළු කෙසෙල් ගෙඩි 2ක් ➧තෙල් ස්වල්පයක් ➧ලුණු කුඩු ➧කහ කුඩු ➧ගම්මිරිස් කුඩු හෝ මිරිස් කුඩු සාදා ගන්නා ආකාරය. ➧අළු කෙසෙල් ගෙන පොතු හැර සිහින් පෙති කපා ගෙන ලුණු ස්වල්පයක් හා කහ ස්වල්පයක් දමා ගත් වතුරෙන් සෝදා ගන්න. ➧දැන් බේකින් ට්‍රේ එකක් හෝ අවන් එකට දැමිය හැකි සුදුසු තැටියක් වැනි යමක් ගෙන එයට තෙල් කඩදාසියක් හෝ බේකින් පෙපර් 1ක් (baking paper) අතුරා ගෙන තෙල් ගා ගන්න. ➧දැන් එහි එකිනෙක අතර මදක් ඉඩ සිටින සේ අළු කෙසෙල් පෙති අතුරා ගෙන සෑම අළු කෙසෙල් පෙත්තකටම තෙල් ස්වල්පයක් උඩින් ගා ගන්න. ➧පසුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු / මිරිස් කුඩු එය උඩින් ඉස ගන්න. ➧කලින් 200°C/400°F ට රත් කර ගත් උඳුනක (අවන් එකක) විනාඩි 10-15ක් බේක් කර ගන්න. වැදගත්. පැණි රසට කැමති අයෙක්ට ගම්මිරිස් කුඩු/ මිරිස් කුඩු ඉස නොගෙන බේක් කිරීමෙන් අනතුරුව කැමති පැණි වර්ගයක් දමා ගත හැකිය. හදලා ඉවරවුනහම කර කර ගාලා කන්න තමයි තියෙන්නෙ ඉතිං



Ashan wijerathna

shared form www.sidadiya.lk

52 minutes from now

Black tea

Hodama pirisidu tea



Ayomi Udeshika

shared form www.sidadiya.lk

55 minutes from now

වඩේ හදල සල්ලි හොයමු

උලඳු වඩේ අවශ්‍ය ද්‍රව්‍ය උඳු පිටි ග්‍රෑම් 250 පාන් පිටි ග්‍රෑම් 50 හාල්පිටි ග්‍රෑම් 50 පොල් වතුර කෝප්ප 1 යීස්ට් තේ හැඳි 1/4 හීනියට කපාගත් ළූණු, කරපිංචා, අමුමිරිස් ලුණු ටිකක් කෑලි මිරිස් උඳු පිටි, හාල්පිටි හා පාන් පිටි ටික යීස්ට් එක්ක කලවම් කරලා පොල් වතුර ටික ටික දාගෙන අනාගන්න. වතුර ගාණකට දාගන්න අමතක කරන්න එපා. අපිට ඕන දියාරු මිශ්‍රණයක් නෙවෙයි අතින් හැඩය හදාගන්න පුළුවන් තරමේ මිශ්‍රණයක්. දැන් මේ අනාගත් මිශ්‍රණය පැය 5ක් 6ක් වගේ පිපෙන්න තියන්න. පිපුණට පස්සෙ මේකට ලියාගත් ළූණු, කෑලි මිරිස්, අමුමිරිස්, කරපිංචා දාගෙන හොඳට කලවම් කරගෙන රස අනුව ලුණු දාගන්න. දැන් අතේ වතුර ටිකක් ගාගෙන මිශ්‍රණයෙන් ටික ටික අරන් පැතලි කරලා අතින් මැද හිලක් හදලා ගැඹුරු තෙලේ අඩු ගින්දරේ බැදගන්න.



Ayomi Udeshika

shared form www.sidadiya.lk

58 minutes from now

වඩේ හදල සල්ලි හොයමු

පරිප්පු වඩේ අවශ්‍ය ද්‍රව්‍ය කඩල පරිප්පු කෝප්ප 1 අමුමිරිස් හෝ කොච්චි ටිකක් ළූණු කරපිංචා වේළුනු මිරිස් කරල් ටිකක් පරිප්පු ටික හෝදලා පැය 6ක් විතර පෙඟෙන්න තියන්න. පැය 6කට පස්සෙ වතුර බේරෙන්න තියලා පරිප්පු වලින් මිටක් වගේ අයින් කරලා ඉතුරු ටික අඹරගන්න. මේකට ලියාගත් ළූණු, කුඩාවට කඩාගත් වියලි මිරිස්, කොච්චි, කරපිංචා හීනියට ලියල එකතු කරන්න. අයින් කරගත් පරිප්පු ටිකත් දාලා රස අනුව ලුණු එකතු කරල අනාගන්න. මිශ්‍රණයෙන් පොඩි පොඩි බෝල හදන් පැතලි කරලා ගැඹුරු තෙලේ යන්තම් රන්වන් පාට වනතුරු බැදගෙන තෙලෙන් ඉවත් කරගන්න. විනාඩි 15ක් විතර නිවෙන්න ඇරල නැවත හොඳින් රත් වූ තෙලේ අඩු ගින්දරේ බැදගන්න. මේ විදියට දෙපාරක් බැද්දම පරිප්පු වඩේ පෙඟෙන්නෙ නැතුව ක්‍රිස්පි ගතියට ගන්න පුළුවන්.